ලග්න 12ටම අද දවස කොහොම වෙයිද? මෙන්න සම්පූර්ණ විස්තරය..

2026 මාර්තු 22 – ඉරිදා ,ඉර උදාව: පෙ.ව. 06:14, ඉර බැසීම: ප.ව. 06:23, රාහු කාලය: ප.ව. 04:44 සිට ප.ව. 06:14 දක්වා ලග්න පලාපල විස්තරය ♈..

2026 මාර්තු 22 – ඉරිදා ,ඉර උදාව: පෙ.ව. 06:14, ඉර බැසීම: ප.ව. 06:23, රාහු කාලය: ප.ව. 04:44 සිට ප.ව. 06:14 දක්වා

ලග්න පලාපල විස්තරය

♈ මේෂ
අද දිනයේදී ජලය සම්බන්ධ කටයුතුවලදී විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය. පිහිනීමට යාම, ගංගා ඇළ දොළවලින් ස්නානය කිරීම වැනි දේවලදී වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.

♉ වෘෂභ
ඉතාමත් වාසනාවන්ත දවසකි. ඔබ අතගසන සෑම කටයුත්තක්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම අද දවසේ නිර්මාණය වේ. සැලසුම් සහගතව වැඩ කිරීමෙන් උපරිම ඵල ලැබිය හැක.

♊ මිථුන
අද දවස ඔබට අභියෝගාත්මක විය හැකි වුවත්, උත්සාහය අත්නොහැරීමෙන් ඕනෑම බාධකයක් ජය ගැනීමට ශක්තිය ලැබේ. නොසැලී කටයුතු කිරීම සාර්ථකත්වයට මඟයි.

♋ කටක
ගමන් බිමන් බහුල විය හැකි දිනයකි. ගමන් යෑමේදී සහ වාහන හැසිරවීමේදී වෙනදාට වඩා අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කිරීම අනතුරු වළක්වා ගැනීමට හේතු වේ.

♌ සිංහ
ආර්ථික අතින් සුබදායී දවසකි. ඔබට අලුත් ආදායම් මාර්ග උදා වීමට හෝ පවතින ආදායම් මාර්ග වර්ධනය කර ගැනීමට මඟ පෑදෙනු ඇත. මුදල් ආයෝජනයට සුබයි.

♍ කන්‍යා
සමාජයීය වශයෙන් පිළිගැනීමක් ලැබෙන දිනයකි. ඔබ කරන කියන දේ අන් අය අගය කරන අතර, ගෞරවය සහ කීර්තිය හිමිවන කරුණු කාරණා යෙදේ.

♎ තුලා
සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයකි. විශේෂයෙන්ම දණහිස් ආශ්‍රිත වේදනා හෝ ආබාධ ඇති විය හැකි බැවින් බර වැඩ කිරීමේදී සහ ඇවිදීමේදී ප්‍රවේශම් වන්න.

♏ වෘශ්චික
අද දිනයේදී ඔබේ සිත නොසන්සුන් විය හැකි කරුණු යෙදිය හැක. එබැවින් කටයුතු කිරීමේදී ඉක්මන් නොවී, ඉවසීමෙන් සහ බුද්ධිමත්ව තීරණ ගැනීම ඉතා වැදගත් වේ.

♐ ධනු
පවුල් ජීවිතය සම්බන්ධයෙන් ඉතා සුබ පුවත් ඇසේ. විවාහ ජීවිතය ඉතාමත් සතුටුදායක සහ සාමකාමීව ගත කිරීමට අවස්ථාව ලැබෙන ප්‍රීතිමත් දිනයකි.

♑ මකර
හුදෙකලා නොවී කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. ඔබට පැන නගින ගැටලු විසඳා ගැනීමට හිතමිතුරන්ගෙන් හෝ බාහිර පුද්ගලයන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු විය හැක.

♒ කුම්භ
අද දිනයේදී ඔබේ සිතේ කෝපය පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඉක්මන් කෝපය නිසා වැඩකටයුතු පළුදු විය හැකි බැවින් උපේක්ෂාවෙන් කටයුතු කිරීමට වගබලා ගන්න.

♓ මීන
මාපියන්ට ඉතා සුබ දවසකි. දරුවන්ගේ අධ්‍යාපන හෝ වෙනත් දියුණුවක් පිළිබඳව සතුටුදායක පුවත් ඇසීමට ලැබෙන අතර ඔවුන්ගේ කටයුතු සාර්ථක වන දිනයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports