ලංකාවේ ජනගහනයෙන් 10%ක් වකුගඩු රෝගීන්.. ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

මෙරට වකුගඩු රෝගීන් ගැන මේ ඇසෙන්නේ විශේෂ කතාවක්..

නොදැනුවත්කම නිසා හෝ ඔබත් මෙවැනි තත්වයකට මුහුණ දෙන්න පුළුවන්. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවට ඇස්තමේන්තු කර ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ චම්පිකා වික්‍රමසිංහ මහත්මිය අනාවරණය කළා.

පසුගිය දිනක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ වකුගඩු රෝගය හේතුවෙන් දිනකට පුද්ගලයින් 4ක් හෝ 5ක් මිය යන අතර වාර්ෂිකව අලුතින් රෝගීන් 5,000ක් පමණ හඳුනා ගන්නා බවයි.

පසුගිය මාර්තු 12 වන දිනට යෙදුණු ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව, දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් පෙළෙන සියලුම පුද්ගලයින් අවම වශයෙන් වසරකට වරක්වත් වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂණයකට (Kidney Health Check-up) භාජනය විය යුතුයි.

මෙම රෝගාබාධ සහිත පුද්ගලයින් වකුගඩු රෝගයට ගොදුරුවීමේ දැඩි අවදානමක් ඇති බැවින් රෝගය කල්තියා හඳුනා ගැනීම මෙහි අරමුණයි.

දැනට දිවයින පුරා අවසාන අදියරේ වකුගඩු රෝගයෙන් (End-stage kidney disease) පෙළෙන රෝගීන් 20,000ක් පමණ සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේදී පවතින අභියෝග පිළිබඳවත් ඇය කරුණු පැහැදිලි කළා.

වාර්ෂිකව රුධිර කාන්දුකරණ (Hemodialysis) ප්‍රතිකාර ලබා දිය හැක්කේ රෝගීන් 5,000කට පමණි.

වසරකට වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කෙරෙන්නේ 300ක් වැනි සීමිත සංඛ්‍යාවක්.

හඳුනා නොගත් වකුගඩු රෝගීන් සොයා ගැනීම සඳහා දිවයින පුරා විශේෂ පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටියා.

පොදු ජනතාව මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද වකුගඩු රෝග නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් දැනටමත් ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ආරම්භ කර ඇති බව අතිරේක ලේකම්වරිය වැඩිදුරටත් අවධාරණය කළා.

  • Related Posts

    දියවැඩියාව ඇති අය රටකජු ආහාරයට ගැනීම ගැන දැනගත යුතු දේ…

    ඔබේ ආහාර වේලට රටකජු සහ රටකජු බටර් එකතු කිරීම ප්‍රයෝජනවත් විය හැකිය, විශේෂයෙන් ඔබට දෙවන වර්ගයේ දියවැඩියාව තිබේ නම්. තාක්ෂණික වශයෙන් ඇට වර්ග නොවුනත්, රටකජු walnuts, ආමන්ඩ් සහ පීකන්ස් වැනි…

    මේ කෙම් ක්‍රමය කරලා බලන්න හරියටම හරි..දෙහි බෑයක් මතට ලූණු හා ගම්මිරිස් ස්වල්පයක් ඉස ක්ෂණයකින් රෝග 9ක් සුව කරගමු..

    දෙහි බෑයක් මතට ලූණු හා ගම්මිරිස් ස්වල්පයක් ඉස ක්ෂණයේ රෝග 9ක් සුව කරගමු. ලෙමන්, ගම්මිරිස් සහ ලූණු කියන්නේ අපි ආහාර රස කරන්න යොදාගන්න රසකාරකයන් විතරක් නෙවෙයි.මේ ද‍්‍රවය 3 සංයෝග කිරීමෙන්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 273 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 80 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 818 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 170 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 812 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 100 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….