විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා! ජය කොල්ලෝ..
විබෝධ කියන්නේ වෙනුර එදිරිසිංහගේ, සහෝදරයාගේ පුතා.!
කවුද වෙනුර එදිරිසිංහ…
අධ්‍යාපන අයිතිය ඇතුලු ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මත 80 දශකයේදී වෙනුර සහෝදරයාව එවකට ආණ්ඩුවෙන් වද දී ඝාතනය කරනවා. වෙනුර තමයි ඔහු උසස්පෙළ ලියපු අවුරුද්දේ BIO වලින් ලංකාවෙම පළවෙනියා. කොළඹ සරසවියට ඔහු එන වෙලාවෙත් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත් කිරීමට අදාළව ලොකු සැලසුමක් ක්‍රියාත්මක වුණා. වෙනුරලාගේ පරම්පරාව කොන්දේසි විරහිතව තමන් නොදැකපු අනාගත පරම්පරාවක අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා. ඒ සටන දිනනවා. වෙනුරව අත්අඩංගුවට ගෙන(පැහැරගෙන) වද දී අවසානයේදී අතේ ඇගිලි එකින් එක පුරුක් වලින් කපලා ඉවත් කරනවා. කපපු ඇගිලි වලින් වෑස්සෙන ලේ වලින් වෙනුර මරණයට මොහොතකට පෙරත් ළඟ තිබ්බ බිත්තියේ ලිව්වේ “මතු පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අප සටන් වැදුනෙමු..! නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා..! ” කියලා.
ඉතින් අද විබෝධට වගේම දහස් ගණන් දරුවන්ට ඒ අයිතිය ලැබෙනවා.
..දැයට නයනැති වෙනුරලගේ ලේ වල අනාගතය …







