මිනිස්සු ගහපු ගල් එකතු කරලා ජානු ගත්ත අලුත්ම වණ්ඩිය ඔයාලා දැක්කද ?

ජානු එහෙම නැත්නම් කවිහාරි හපුතන්ත්‍රි හොඳ ප්‍රතිචාර වගේම විවේචන මැද්දෙන් තමන්ගේ ගමන යන කෙනෙක්. ඇත්තටම ඇයට මල්වවලටත් වඩා වැදුණු ගල් ප්‍රමාණය වැඩි ඇති. ඇයගේ පෙනුමට..

ජානු එහෙම නැත්නම් කවිහාරි හපුතන්ත්‍රි හොඳ ප්‍රතිචාර වගේම විවේචන මැද්දෙන් තමන්ගේ ගමන යන කෙනෙක්.

ඇත්තටම ඇයට මල්වවලටත් වඩා වැදුණු ගල් ප්‍රමාණය වැඩි ඇති. ඇයගේ පෙනුමට විතරක් නෙවෙයි ඇය කළ විවිධ ප්‍රකාශ නිසා මෑත කාලයේ වැඩියෙන්ම ට්‍රොල් වුණු රංගන ශිල්පිනියක් ලෙසත් ඇයව හඳුන්වන්න පුළුවන්.

කොහොම වුණත් ජානු ඒ ගල්වලට බයේ හැංගුණ චරිතයක් වුණේ නැහැ. කවිහාරි කියන්නෙ තමන්ට වදින ගල් එකතු කරගෙන මාළිගයක් හදන වර්ගයේ චරිතයක්.

ළඟදි දවසක ඇය ‘Dream Vehicle’ එක මිලට ගත්තා. ඒක අම්මා තාත්තා හෝ ඇගේ පෙම්වතාගෙන් ලැබුණු තවත් එක තෑග්ගක් නම් නෙවෙයි. ඇය රංගන හා නිරූපන ක්ෂේත්‍රයට ඇවිත් දිවා රෑ නොබලා හරි හම්බ කරගත්තු සල්ලිවලින් කියලයි කවිහාරි කියන්නේ.

ඇය මිලදී ගත්‍තේ “Vesel” වර්ගයේ මෝටර් රථයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් පොඩි දෙයක්නෙ කියලා. ඒත් තරුණියක් විදියටත් ඇගේ වයස අනුව බැලුවමත් ඒක ඇත්තටම හොඳ Achievement එකක්. ඉගෙන ගන්න, ක්ලාස් එකකට යන්න කෝස් එකක් කරන්න, ෆේෂල් එකක් කරන්නත් තාම ගෙදරින් සල්ලි ඉල්ලන ජානුගේ වයසේ කෙල්ලො කොයිතරම් ඇතිද?

මිනිස්සු මොනව කිව්වත් කොයි තරම් දේවල් කිව්වත් ජීවිතේ කියන්නෙ එක තැන නතරකරගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයාලට හති වැටෙනකල් ගල් ගහපු දෙන්. ජානු වගේ ලස්සනට ගමන යන්නයි තියෙන්නෙ.

lakvahini

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports