වසරකට කෝටි 7-8 වැටුප් ගන්න ෂාරුක් , සල්මන්ගේ බොඩිගාඩ්ස්ලා ගැන අහලා තියෙනවද ? මෙන්න ඒ කතාව…

ඉන්දියානු සිනමා කර්මාන්තය කොයි තරම් දැවැන්ත එකක් ද කියනව නම් එහි සිනමා තරුවකට අනිවාර්යයෙන් පැවතිය යුතු දෙයක් තමයි ආරක්ෂාව කියන්නේ. ජනතා ආකර්ශනය, පැපරාසි හඹායෑම්, ට්‍රොල්..

ඉන්දියානු සිනමා කර්මාන්තය කොයි තරම් දැවැන්ත එකක් ද කියනව නම් එහි සිනමා තරුවකට අනිවාර්යයෙන් පැවතිය යුතු දෙයක් තමයි ආරක්ෂාව කියන්නේ.

ජනතා ආකර්ශනය, පැපරාසි හඹායෑම්, ට්‍රොල් කිරීම්, තර්ජන නිසාම ඉන්දියාවේ නළු නිළියන්ට කොතැනට ගියත් ආරක්ෂකයෙක් නම් ඕනම වෙනවා.

මේ නිසාම ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සඳහා බොලිවුඩ් නළු නිළියන් විශාල මුදලක් වැය කරන බව සඳහන්.

බොලිවුඩයේ වැඩිම වැටුප් ලබන ආරක්ෂකයා (Bodyguard) කවුද?

ඔහු තමයි බොලිවුඩ් කින්ග්, ෂාරුක් ඛාන් ගේ ඇඟට මැස්සෙක්ටවත් වහන්න නොදී ආරක්ෂා කරන රවී සිං. ඔහු බොලිවුඩයේ ඉහළම වැටුප් ලබන ආරක්ෂකයින් අතර ප්‍රමුඛ ස්ථානයේ පසුවෙනවා.

රවී සිං ෂාරුක් ඛාන්ගේ පෞද්ගලික ආරක්ෂකයාය. ඔහු ෂාරුක්ගේ ජීවිතයේ ඔහුගේ පවුලේ සමීපතමයන්ට පසු විශ්වාසවන්තම පිටස්තරයා ලෙසයි සැලකෙන්නේ. ෂාරුක් ප්‍රසිද්ධියේ පෙනී සිටින ඕනෑම ස්ථානයක සෙවණැල්ල වගේ ඔහු පසුපස පෙනී ඉන්නෙ මේ මිනිසාය. ෂාරුක්ගේ ගමන් බිමන්වලදී ඔහුගේ පසුපස රැකවලා වන්නේ ද ඔහුය. බොලිවුඩ් කින්ග් වෙනුවෙන් රවී මේ සේවාව සපයන්නේ දශකයක් වැනි කාලයක් තිස්සේය. ඔහු ෂාරුක්ගේ පවුලේ සමීපතමයෙකු ලෙස කටයුතු කරන අතර උපන්දින පවා එකට සමරන බවයි පැවසෙන්නේ.

වාර්තාවලට අනුව ෂාරුක් ඛාන් රවි සිංට ඉන්දියානු රුපියල් කෝටි 2.7 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 9.1) ක දැවැන්ත වාර්ෂික වැටුපක් ගෙවයි. රවී බොලිවුඩයේ වැඩිම වැටුප් ලබන ආරක්ෂකයා බවට පත් කරමින් මාසිකව ඉන්දියන් රුපියල් ලක්ෂ 25 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 85)ක මුදලක් උපයන බව වාර්තා පෙන්වා දෙනවා.

මෙම වාර්තාවලට පදනම් වුණේ බොලිවුඩයේ කීර්තිමත් ආරක්ෂක උපදේශකයෙකු වන යූසුෆ් ඊබ්‍රාහිම්, ෂාරුක් ඛාන්, සල්මන් ඛාන් සහ ආක්ෂේ කුමාර් වැනි A-ශ්‍රේණියේ බොලිවුඩ් තරුවල පුද්ගලික ආරක්ෂකයින්ගේ වැටුප් ගැන සඳහන් කරමින් හෙළි කර කරුණු කිහිපයක්.

කීර්තිමත් පුද්ගලයන්ගේ ආරක්ෂාව ගැන කියන විට නිතර කතා බහට ලක්වන නම් දෙකක් නම් ෂෙරා සහ රවි සිං ය.

ෂෙරා යනු සැබෑ නමින් ගුර්මීත් සිං ජොලි වන අතර ඔහු සල්මන් ඛාන්ගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස ප්‍රසිද්ධය. දශක දෙකකට වැඩි කාලයක් සල්මන් ඛාන්ට සේවය කර ඇති ෂෙරා ඔහුගේ පක්ෂපාතිත්වය, කැපවීම සහ වෘත්තීයභාවය සඳහා කීර්තියක් ලබා ගත් පුද්ගලයෙකි..

ටයිගර් සිකියුරිටි නමින් ඔහුගේම ආරක්ෂක ආයතනයක් පවා ඇති බව පැවසෙනවා. ඔහුට මසකට ඉන්දියානු රුපියල් ලක්ෂ 15 ක් පමණ ගෙවන බවයි සඳහන් වුණේ.

මේ ආරක්ෂකයින් දෙදෙනාගේ වැටුප් ඇතැම් විට ඉන්දියාවේ ඉහළ පෙළේ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියකුගේ වැටුපද අභිබවා යනු ඇති බවයි වාර්තා පවසන්නේ. සාමාන්‍යයෙන් ඉන්දියාවේ ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ සාමාන්‍ය වැටුප පවතින්නේ වසරකට රුපියල් ලක්ෂ 12 ත් 102 ත් අතර අගයකයි. කෙසේ වෙතත්, එම වැටුප සමාගම අනුව වෙනස් විය හැකිය.

Lakvahini

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports