දේශීය පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද – අලුත්කඩේ උසාවි පරිශ්‍රයේ ආරක්ෂාවත් තර කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම, බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව අද (22) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට අද (22) දිනයේ විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

පාස්කු ඉරිදා ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිපතිවරයා විසින් නෞෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව 2021 වසරේ මෙම නඩුව ගොනුකර තිබුණා.

පසුගිය අගෝස්තු 24 වන දින නඩුවේ සාක්ෂි විමසීම අවසන් වූ අතර, නඩුවේ අවසාන තීන්දුව අද (22) දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button