දිනක්ෂිට දිනක්ෂිවත් අමතක කල, වෙනදාටත් වඩා මහන්සි වෙලා කරන දිනක්ෂිගේ අලුත්ම වැඩේ දන්නවද ?

දිනක්‍ෂි ප්‍රියසාද් 2025 අවුරුද්දෙ හා හා පුරා කියල අලුත්ම සිනමා නිර්මාණයකින් ප්‍රේක්‍ෂකයන් අතරට එනව. ඒ ‘රෝස ආදරේ’. වැඩි කතා නැතිව අපි දිනක්‍ෂිගෙන්ම මේ ගැන අහල බලමු.

⚫දිනක්‍ෂි, කොහොමද 2025?
2025 ආරම්භය ඇත්තටම මටනම් හොඳයි. ‘රෝස ආදරේ’ තිරගත වෙන්න පටන්ගත්තා.

⚫කොහොමද ප්‍රතිචාර?
‘රෝස ආදරේ’ කියන්නෙ මේ අවුරුද්දෙ රිලීස් වුණ පළමු චිත්‍රපටය. ඒකත් ආඩම්බරයට කාරණාවක්. පසුගිය දවස්වල හවුස් ෆුල් ෂෝස් එහෙමත් තිබුණා. ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. රසිකයන් මේ නිර්මාණය ආදරෙන් වැළඳ ගන්නව තියල හිතනව. ‘රෝස ආදරේ’ එක්ක අලුත්ම රංගන ශිල්පියෙක් කරළියට එනව.

⚫කොහොමද නිසලගෙන් ලැබුණ සහයෝගය?
ඇත්තටම නිසලගෙන් හොඳ සහයෝගයක් ලැබුණ. අලුත් කෙනෙක් කියල වෙනසක් දැනුණෙ නැහැ. මොකද මුල ඉඳලම මේ වැඩේට ඔහුගෙ ලොකු උනන්දුවක්, කැපවීමක් තිබුණා. ඒ නිසා නිර්මාණය තුළදි හැමවෙලාවෙම ඔහුගෙ උපරිමය දුන්නා. ඇත්තටම අපිටත් හරි ලෙහෙසියි ඒ වගේ අය එක්ක වැඩකරන එක.

⚫දිනක්‍ෂිට කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?
මට මේ ආරාධනය කරන්නෙ හර්ෂ උඩකන්ද අයිය. ඔහු මට කතාකරල කිව්වා අලුත් වැඩක් කරනව, පිටපත ලියල තියෙන්නෙ ගෙනත් දෙන්නද, ඔයා කැමතිද කියල. ඕනෑම වැඩක් භාරගන්න කලින් සාමාන්‍යයෙන් අපි පිටපත කියවනවනෙ. හෙම කියවල බලද්දි මට හිත-ුන ඒ කතාව හොඳයි කියල. බැහැයි කියන්න හේතුවක් තිබුණෙ නැහැ. ඉතිං මම ආරාධනය භාරගත්තා.

⚫රෝස ආදරේ බලල සාරංග මොකද කිව්වෙ?
සාරංග චිත්‍රපටය බලපු මුල්ම දවසෙ කිව්වෙ ෂා… මේක මරු ෆිල්ම් එකක්නෙ කියල.

⚫මේ අතර ‘පිරිමි ළමයි’ ගැනත් ගොඩක් දෙනෙක් කතාවෙනව?
ඇත්තටම පිරිමි ළමයි ටෙලියේ නෝරාගේ චරිතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. අපේ ගෙදර අයත් හරිම ආසයි මේ චරිතයට. ගොඩක් වෙලාවට නෝරා කරන්නෙ කෙසෙල් කැනක් උස්සගෙන දුවන එකනෙ. ඒක බොහෝ දෙනකුගෙ ආකර්ෂණය ලැබෙන කොටසක් වෙලා.

⚫නෝරා වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න සිදුවෙන්න ඇති?
ඔව්, ඒක ටිකක් අමාරු චරිතයක්. වෙනත් චරිතවලට වැඩිය මහන්සියක් ගන්න ඕන. වේශ නිරූපණයත් වෙනස්. ඒ වගේම රූගතකරන ලොකේෂන් සැප පහසු ඒවා නොවෙයි. ගොඩක් වෙලාවට මහපාරෙ, අව්වට නිරාවරණය වෙමින් තමයි මේ චරිතය කරන්න තියෙන්නෙ. මේ දේවල් එක්ක ශාරීරිකව දැනෙන වෙනසක් තියෙනව මේ චරිතය ඇතුළෙ. එතැනින් එහාට ගියාම සද්ධා අයියා චරිතය ලියන විදිහ, මූඩ්ස්, භාවප්‍රකාශයන් ගත්තාමත් සාමාන්‍ය දිනක්‍ෂිගෙන් මිදිල මම ඒක කරන්න ඕන. මේ නිසා නෝරාගෙ චරිතය ලොකු අභියෝගයක්. මට ලැබෙන ඕනෑම චරිතයක් අභියෝගයක් හැටියට තමයි මම භාරගන්නෙ. ඒ අතරින් මේක ඊටත් ටිකක් එහාට ගිය අභියෝගයක්. නමුත් හැමදෙනාගෙන්ම ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනව.

⚫මෙවැනි චරිතයක් ලැබුණ පළමු වතාව?
ඔව්, නෝරා කියන්නෙ මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන තරුණියක්. මට මෙවැනි චරිතයක් ලැබෙන්නෙ පළමු වතාවට.

⚫‘පාරාදීසේ’ ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
පාරාදීසේ ටෙලි නාට්‍යයේ මට ලැබිල තියෙන්නෙ චංචලාගේ චරිතය. ඒක ටිකක් විතර නෙගටිව්. නමුත් චරිතයට බොහෝ දෙනෙක් කැමතියි. මමත් හරිම ආසාවෙන් කරන නිර්මාණයක්.මොකද සෙට් එකේ හැමෝම හරිම ෆන් එකේ ඉන්න පිරිසක්. ඉතිං අපි ලබාගෙන ඉන්නෙ කවදද පාරාදීසේ ෂූටිං තියෙන්නෙ කියල.

⚫සාරංග නම් කියන්නෙ මේ දිනක්‍ෂිගෙ හොඳම කාලෙ කියල?
ඔව්, මට සතුටුයි ඒ ගැන. මගේ ජීවිතේ එහෙම අවස්ථාවන් තිබිල තියෙනව. කලාක්‍ෂේත්‍රය පැත්තෙන් ගත්තාම වෙනදාට වඩා ටිකක් විතර හොඳයි.

⚫මොනවද අලුත් වැඩකටයුතු?
දැනට කරගෙන යන වැඩටිකට අමතරව අලුත් ටෙලි නාට්‍යයක රූගතකිරීම් පටන්ගත්තා. ඒ ගැන වැඩි විස්තර පසුවට කියන්නම්. ඊට අමතරව චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතව තියෙනව. අලුත් නිර්මාණ කිහිපයකටත් ඇරයුම් ලැබිල තියෙනවම.

⚫දුව සාරණ්‍යා සමග ගෙන ජීවිතය කොහොමද?
අපේ දුවත් චුට්ට චුට්ට ලොකු වෙනව. දැන් ඉස්කෝලෙත් යනව. නමුත් අපි දෙන්නම කාර්යබහුල නිසා ඇයත් සමග ගෙවන්න තියෙන කාලය ඉතාමත් අඩුයි. ඉඩක් ලැබෙන හැම වෙලාවකදිම ඇයත් සමග අපි ඉන්නව.

⚫වැඩිපුරම බිසී කවුද?
මම හිතන්නෙ සාරංග තමයි වැඩිපුරම බිසී වෙන්නෙ.

⚫දවසින් දවස දිනක්‍ෂිගෙ ජනප්‍රියත්වය වැඩිවෙනව?
ඒක මට ලෙහෙසියෙන් ලැබුණ දෙයක් නෙමෙයි.රංගන ශිල්පිනියක් හැටියට ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහසයක්. මේ කාලයත් එක්ක තමයි මම මේ ජනප්‍රියත්වය උපයාගන්නෙ. මේ ක්‍ෂේත්‍රයට එන්න ලෙහෙසි වුණත් අපි හරියට හිටියෙ නැතිනම්, වැඩකළේ නැත්නම් පවතින්න අමාරුයි.

⚫ටේක් කෙයාර් චරිතය දිනක්‍ෂිට සුවිශේෂයි?
ඔව්, ඇත්තටම ටේක් කෙයාර් කියන්නෙ මගේ ජීවිතයේ කඩඉමක් කිව්වොත් හරි. මීට පෙර එවැනි චරිත නිරූපණයක් ටෙලි නාට්‍යයක් තුළින් මගෙන් ප්‍රේක්‍ෂකයන් අතරට ගිහින් නැහැ. මේ නිසා චරිතය ප්‍රේක්‍ෂකයන්ට අරුමයක් වුණා කිව්වොත් හරි. ලැබුණ ප්‍රතිචාරවලින් මට දැණුන දේ මං මේ කියන්නෙ. මේ චරිතය වෙනුවෙන් මාව තෝරාගත්ත අනුෂ්ක මල්ලිට ස්තූතිවන්ත වෙනව.

⚫මෙහි එන මේනකා වැනි චරිත ඔබට කතා කළා?
ඇත්තටම කතා කළා. ගොඩක් මේනකාල වගේම ගොඩක් අසෙනිලත් කතා කළා. ඔවුන් මේ සමාජයේ ජීවත් වෙනව. නමුත් කෙනෙක් වැරදියි කියල ඇඟිල්ල දික් කරන්න බැරි තරම් මිනිස්සු හැඟීම් එක්ක ගනුදෙනු කරනව කියල තමයි මට කියන්න තියෙන්නෙ.

⚫‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ වේදිකා නාට්‍ය ගැනත් කතා නොකරම බැහැ?
‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ කියන්නෙ ඉතාමත් සාර්ථකව වේදිකාගතවන නාට්‍යයක්. දැනට අවුරුදු හයක් පුරාවට මම මේ නාට්‍යයට සම්බන්ධ වෙලා ෂෝස් සියයක් පමණ කරල තියෙනව. බොහෝ තැන්වල දැනටත් හවුස් ෆුල් වෙනව.

Dinakshie Priyasad

Divaina Online

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 36 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 423 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 91 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 838 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 179 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 830 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්