මේ දවස්වල මගේ ජීවිතේ මං දකින්න ආසම දර්ශනය තමයි මේ.. අම්මා කෙනෙක් වුනු මාදවී ගැන, ඒ ආදරණීය අප්පච්චි සිය හැගීම් මුහුණු පොතට මුදා හැරියේ මෙහෙමයි…

මේ දවස්වල මගේ ජීවිතේ මං දකින්න ආසම දර්ශනය තමයි මේ. මයෙ හැඩකාර බිරිඳ පෙම්වතී වෙලා උන්නු කාලෙදි මං එයාට ආදරේ කළාටත් වඩා වැඩි දිය ඇල්ලක්..

මේ දවස්වල මගේ ජීවිතේ මං දකින්න ආසම දර්ශනය තමයි මේ.

මයෙ හැඩකාර බිරිඳ පෙම්වතී වෙලා උන්නු කාලෙදි මං එයාට ආදරේ කළාටත් වඩා වැඩි දිය ඇල්ලක් වාගෙ දෝරෙ ගලායන තරමේ ආදරයක් මේ අම්මාමය ස්වරූපෙන් මයෙ හදවතට දැනෙනවා. මං හිතන්නෙ ඒ ‘මාතෘත්වය’ ඉදිරිපිට ලෝකෙ හැම කවියක්ම පරාදයි. මව්වත්කම ඒ තරං සොඳුරුයි. මයෙ කිරි කැටි පුත්‍රයට එයාගෙ අම්මත්තෙක්කලා තියෙන මේ අසීමාන්තික බැඳීම මං දකින්නෙ ලෝකෙ තියෙන උතුම්ම දේ කියලා. ඒක මාරයි. මං මොකක්හරි දේකට හෝ රාජකාරියකට ගෙදරින් පිටවෙලා ගිහින් ආයෙ ගෙදර එනකල්ම මයෙ මනස පුරාම ඇඳෙන්නෙ පුතා මාධවීගෙ මව්වත් උණුහුමෙ නැළවෙමින් කිරි සිනා පාන විදිහ. එතකොට ශිරා ධමනි දිගේ සිරාවට ගලාගෙන යන ලේ සුවඳ මුසු ‘තාත්තාමය සතුට’ ලැබූ අය දන්නවා මං මේ කියන ප්‍රීතිය. නොලැබූවෝ ඉක්මනින් ලබත්වා.

ගෙවී ගිය හැන්දෑව පෞද්ගලිකව මට හිතට හරි අමාරු යාමයක්. මයෙ මිත්‍රයෙක්ගෙ ලොකු පුතා හදිසි අනතුරකින් පහුගිය 14 වැනිදා අපෙන් සමුගත්තා. ඌ ඉතා දක්ෂ කලාකාමී තරුණයෙක්. වයස අවුරුදු විසිපහක් වගේ භද්‍ර යෞවනේ ගත කරමින් උන්නු හිරිමලෙක්. නොහිතූ මොහොතක වෙච්චි ඒ දරන්න අමාරු රිදිල්ල ඒ අම්මයි තාත්තයි දරාගන්න දරන නීරස උත්සාහය මාව හිරිවැට්ටුවා.

මයෙ බිරින්දෑ පුතාව තුරුල් කරන් ආදරේ සංගායනා කරනවා වගේ අනේ ඒ අම්මත් තමුන් මුලින්ම වදාපු පුතාව ඇස්දෙක වාගෙ පරිස්සං කරන්ටැතිනෙ කියලා මං මනසින් මවාගත්තා. ලෝකෙ තාක්ෂණේ මොන තරමින් දියුණු වුණත් අම්මෙක්ගෙ සෙනෙහසේ තරම මනින උපකරණයක් කිසිදාක කිසිවෙකුට හොයාගන්ට බැරිවේවි. ඇත්ත ආදරේ මිල මුදලින්, රන් අබරණින්, ඉඩකඩමින්, යානවාහනෙන් මනින්ට බැරි ඒකයි. ඇත්තම ආදරේ ඉලක්කමකින් කිරන්ට බෑ. දැනෙන්නෝනි හැඟෙන්නෝනි එච්චරයි.

අර අවිහිංසක තරුණයගෙ අවසන් කටයුතුවලට සහභාගී වෙලා මං ගෙදර ආවම මං ආසම දර්ශනය මෙන්න මයෙ ඇස් ඉස්සරහ. පුතණ්ඩියා අම්මා තුරුල්ලෙ සනීපෙට ගිම් නිවනවා. එතරං සැනසුමක් කොයින්ද …

මේ ලෝකෙ හැම අම්මෙක්ටම අනේ තමන්ගෙ දරුවා සමීපෙ ඉන්ට ලැබෙන්නෝනි. මේ ලෝකෙ හැම දරුවෙක්ටම අනේ තමන්ගෙ අම්මා සමීපෙ ඉන්ට ලැබෙන්නෝනි. බුදු දෙසුමෙ තියෙනවා වගේ ‘ජීවිතේ කියන්නෙ තණපතක රැඳි පිනි බිඳුවක් හා සමානයි’ තමයි. ආං ඒ පිනි බිඳුව හරි අගේට දිදුලන්නෙ අම්මා නම් හිරු එළියෙන් මැ පමණයි !

එහෙම හිතන්ට පුළුවන් අප්පච්චියෙක් වෙන එක පිරිමින්ට බාරයි ❤️

| කසුන් මහේන්ද්‍ර හීනටිගල

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports