”නොවැම්බර් කියන්නේ මට වාසනාව වැඩිපුර ගෙන දෙන මාසයක්ද කියලත් හිතෙනවා” – අංජලී හේරත්

අංජලී හේරත් කියන්නේ රියැලිටි ඉතිහාසයේ අමතක නොවන චරිතයක්. පසුගිය වසරේ ඩ්‍රීම්ස්ටාර් කිරුළ දිනාගත් අංජලී බොහෝ දෙනා අතර කතාබහ කරන මාතෘකාවක් බවට පත් වුණා. පසුගිය දිනවල..

අංජලී හේරත් කියන්නේ රියැලිටි ඉතිහාසයේ අමතක නොවන චරිතයක්. පසුගිය වසරේ ඩ්‍රීම්ස්ටාර් කිරුළ දිනාගත් අංජලී බොහෝ දෙනා අතර කතාබහ කරන මාතෘකාවක් බවට පත් වුණා. පසුගිය දිනවල අංජලී ගැන ලොකු කතාබහක් නොතිබුණ නිසා අපි අංජලී ගැන සොයා බැලුවා.

අංජලී කොහොමද මේ දවස්වල අලුත් වැඩකටයුතු?

මේ දිනවල ප්‍රසංග වලට සහ වැඩ සටහන්වලට සහභාගී වෙනවා. ඒ වගේම රැකියාවේ වැඩ කටයුතුත් කරගෙන ඉන්නවා. කොහොමත් මම නිහඬ ගමනක් යන කෙනෙක්නේ. ඉස්සරහටත් එහෙම්ම තමයි…..

පසුගිය දා ඔබගේ ‘අවාරේ ඇවිදින්’ සහ ‘ඉවසුම් දරා’ ගීත ද්විත්වය යූ ටියුබ් නැරඹුම් වාර මිලියනය පසු කළා?

මේ වෙද්දි මගේම සිංදු 09ක් එළිදක්වලා තියෙනවා. නමුත් මේ ගීත ද්විත්වය තමයි මුලින්ම යූ ටියුබ් නැරඹුම් වාර මිලියනය පසු කළේ. මාසයක් ඇතුළතදි එලෙසින් නැරඹුම් වාර මිලියනය පසු කිරීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම ප්‍රේක්ෂකයන්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

May be an image of 2 people, people smiling and text

මේ ගීත ද්විත්වය හැදුණු විදිය ගැන කිව්වොත්

‘අවාරේ ඇවිදින් ‘ ගීතය මගේ උපන් දිනයට එංගලන්තයේ සිටින මගේ රසිකාවියකගෙන් ලැබුණු තෑග්ගක්. ගීතය පද රචනය කළේ ත්‍රිලක්ෂි චතුරිකා අක්කා. සංගීතය සැපයුවේ තිලිණ රුහුණගේ අයියා. ‘ඉවසුම් දරා’ ගීතය අකිල විමංග සර් තමයි පද රචනය කළේ. ඒ වගේම උදාර අයියා තමයි ඒ සඳහා සංගීතය සැපයුවේ. හුඟාක් කැපවීමෙන් සහ මහන්සියෙන් කරපු ගීත දෙකක්….

ඒ එක්කම යූටියුබ් ග්‍රාහකයන් ලක්ෂය පසු කරන්නත් ඔබට හැකිවුණා?

මේ මාසය ඇතුළතදීම ගොඩක් හොඳ දේවල් සිද්ධ වුණා. යූ ටියුබ් ග්‍රාහකයන් ලක්ෂය පසු කිරීමත් මගේ ජීවිතේ ලබපු තවත් ජයග්‍රහණයක්. නිහතමානී ආඩම්බරයක් තියෙනවා ඇත්තටම. නොවැම්බර් කියන්නේ මට වාසනාව වැඩිපුර ගෙන දෙන මාසයක්ද කියලත් හිතෙනවා. මම ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනන්නෙත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී…. නොවැම්බර් මාසය තුළ මම ගොඩක් සතුටින් කියලා කියන්න පුළුවන්.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සිහින කිරුළ දිනාගෙන දැනට අවුරුද්දක් ගතවෙලා. මේ වෙද්දි ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

අවුරුද්දක් ගත වුණා කියලා ප්‍රේක්ෂක ප්‍රතිචාර වල අඩු වීමක් සිදුවෙලා නැහැ. එදා වගේම අදත් රසික රසිකාවියන්ගෙන් එකම විදිහට දුරකථන ඇමතුම් පවා පැමිණෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළින් සහ ප්‍රසංගවලදිත් රසික රසිකාවියන්ගේ ආදරය නොඅඩුවම ලැබෙනවා. මම හිතන්නේ ඒ ප්‍රේක්ෂක ආදරය තමා මාව මේ ආකාරයට ඉස්සරහට තල්ලු කරන්නේ… සදාකාලිකව ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ඉන්න ඕනේ.

May be an image of 1 person

විදෙස් රටවලින් ඔබට නිතරම පාහේ ප්‍රසංග වලට ආරාධනා ලැබෙනවා ?

ඔව්. මේ අවුරුද්ද ඇතුළත මම විදෙස් සංචාර 10කට සහභාගී වෙලා තියෙනවා. ලංකාවේ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට නොදෙවෙනි ප්‍රතිචාර මට ඒ හැම ප්‍රසංගයකදිම ලැබෙනවා. විදෙස් ප්‍රසංග සඳහා ලැබුණු තවත් ආරාධනා කිහිපයක්ම තියෙනවා. ඒ සඳහාත් ඉදිරියේදී සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තමන්ගේ අයගෙන් අයින් වෙලා මහන්සි වෙන අපේ විදෙස් අය වෙනුවෙන් ගීත කියන්න ලැබීමත් වාසනාවක්.

සංගීත ජීවිතේ අමතක නොවෙන දවස් තිබිලා නැද්ද?

සංගීත ජීවිතේ අමතකම නොවෙන දවස තමයි මම ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනාගත්ත දවස. ඒ දවස ගැන මට තවමත් හිතාගන්න බැහැ. විභාගයක් සමත් වෙනවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි රියැලිටි තරගයක් දිනනවා කියන එක…. ඒක දක්ෂතාව සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර යන දෙකම එක්ක යන දෙයක්. මගේ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට සහ රටක් ලෝකයක් මගේ ගායනය ආදරයෙන් වැලඳ ගැනීමේ ප්‍රතිඵලයක් විදියට මට ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනා ගන්න හැකියාව ලැබුණා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා වගේම ඒ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ. ඒ ආදරය තමයි අදටත් මේ ආකාරයට මාව ජීවත් කරන්නේ.

ගායිකාවක් නොවුණා නම් අංජලී මේ වෙද්දි මොන වගේ දෙයක් කරයිද?

එහෙම නොවුණා නම් ගුවන් හමුදාවේ සංගීත කණ්ඩායමේ ‘හේරත්’ විදියට සිංදු කියමින් ඉන්න තිබුණා…. එසේත් නැත්නම් සමහර විට මගේම නිර්මාණයක් ඔස්සේ ජනතාව මාව අඳුරගන්නත් තිබුණා. ජීවිතේ හැම දෙයක්ම වෙනස් වෙන්නේ ඩ්‍රීම්ස්ටාර් කිරුළ නිසා.

May be an image of 6 people, people studying, hospital and text

ගුවන් හමුදාවේ වැඩ කටයුතු වලින් දැන් ඈත් වෙලාම වගේ පේනවා?

ඇත්තටම ගුවන් හමුදාවෙන් ඈත්වීමක් සිද්ධ වෙලා නැහැ. නමුත් මිනිස්සු දැන් දකින්නේ මගේ සිවිල් ජීවිතේ ගැන විතරයි….. මම වැඩටහන්වලට සහභාගී වෙන දේවල්, ප්‍රසංග වලට සහභාගී වෙන දේවල් තමයි මේ වෙද්දි පිටතින් දකින්න තියෙන්නේ. නමුත් මම සුපුරුදු පරිදි මගේ රාජකාරී කටයුතු ඉටු කරනවා. කොහොමත් මට මේ හැම දෙයක්ම ලැබෙන්නේ ගුවන් හමුදාව නිසා.

ගුවන් හමුදාවෙන් ඉවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද ඉදිරියේදි?

එහෙම බලාපොරොත්තුවක් ඇත්තටම නැහැ. ඒ වගේම මට අවශ්‍ය නිවාඩු, නිදහස කියන හැමදේම ලැබෙනවා. මගේ පැත්තෙන් රාජකාරියට වෙන්න ඕනි සාධාරණයත් මම ඉටු කරනවා. ඒ නිසාවෙන් මම ගුවන් හමුදාවෙන් ඉවත් වෙන්න අදහසක් නැහැ. ගුවන් හමුදාවේ රැකියාව කරන්නේ හරිම සතුටින්.

ඔබගේ පවුලේ විස්තරත් මතක් කළොත්?

මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි ඉන්නේ. මගේ ගමනට පවුලේ හත‍ර දෙනාගෙන්ම එකම විදියට සහයෝගය ලැබෙනවා. ඉඩක් ලැබෙන හැම මොහොතකම ඒ අය එක්ක ගත කරන්න උත්සාහ කරනවා.

May be an image of 1 person and indoors

රංගන ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

දැනට බලාපොරොත්තුවක් නැහැ. නමුත් මට විත්‍රපටයක් සඳහා ආරාධනා ලැබුණා. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබුණත් මම ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ…. රංගනය සඳහා මගේ අකැමැත්තක් නැහැ. මම උසස් පෙළදීත් නාට්‍ය හා රංග කලාව විෂය හැදෑරුවා. නමුත් සංගීත කටයුතු සහ රැකියාව එක්ක මම රංගන කටයුතු සඳහාත් එක් වුණොත් මට ඒ හැමදේම නිසියාකාරව කර ගැනීමේ අපහසුතාවක් ඇති වෙනවා. ඒ නිසා රංගනය පැත්තට යන්න බලාපොරොත්තුවක් නැහැ.

මේ වෙද්දි ඔබ ආදරවන්තියක්ද?

තවම ආදරවන්තියක් නෙමෙයි. ඒ ගැන තවම හිතලා නැහැ. නමුත් යෝජනා ඇවිත් තියෙනවා දෙමව්පියො හරහාත්…. මම ඒ කිසිම යෝජනාවකට ප්‍රතිචාර දැක්වූවේ නැහැ. ඇත්තටම කීවොත් ඒ ගැන තවම හිතන්නෙම නැහැ. එහෙම දෙයක් දැනුණොත් අනිවාර්යයෙන්ම කියන්නම්.

මොනවද ඉදිරි වැඩ කටයුතු?

මගේ වෙනස් නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදි එන්න තියෙනවා. මීළඟට එළි දක්වන්න තියෙන ගීතයත් හාත්පසින්ම වෙනස් ගීතයක්. මම බලාපොරොත්තු වෙනවා ඒ ගීතයත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගනීවි කියලා. කොහොමත් වෙනස් නිර්මාණ බිහි කිරීමට තමයි මම උත්සාහ කරන්නේ. රැල්ලේ ගායිකාවක් වෙලා මහන්සියෙන් ගොඩ නගාගත්තු තැන නැති කරගන්න කැමැති නැහැ. ලැබුණු වාසනාවත් එක්ක හොඳ නිර්මාණ බිහි කරමින් හොඳ ගමනක් යන්න තමයි උත්සාහ කරන්නේ’

May be an image of 1 person and text

Pinipalasa

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports