ලියාපදිංචි නොකළ ජංගම දුරකථනවලට 28 වැනිදායින් පසු වෙන දේ දන්නවා නම් ඔයත් පුදුම වෙයි…

ලියාපදිංචි නොකළ ජංගම දුරකතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාව විසින් පසුගිය දා නිකුත් කරන ලද නිවේදනය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී..

ලියාපදිංචි නොකළ ජංගම දුරකතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාව විසින් පසුගිය දා නිකුත් කරන ලද නිවේදනය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් පවසන්නේ එළඹෙන ජනවාරි මස 28 වන දා සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි නොකළ ජංගම දුරකතන තහනම් කිරීම මහජනතාව ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ දත්තන් අනුව 2024 වසරේ තෙවන කාර්තුව වන විට මෙරට තුළ ජංගම දුරකතන සබඳතා සංඛ්‍යාව මිලියන 27.5ක් බව සඳහන් වේ.

IMEI එක බ්ලොක් වෙන්නේ කොහොම ද?

නීති විරෝධී අයුරින් ජංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපාංග මෙරටට රැගෙන ඒම වැළැක්වීමේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකරන ලද ජංගම දුරකතන තහනම් කිරීම සිදුකරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් පවසනවා.

“මුලින්ම කියන්න ඕන දැනට මෙරට භාවිත කරන කිසිම දුරකතනයක් මේ මාසේ 28 වෙනි දා ඉදලා ක්‍රියාත්මක වෙන නව පියවර අනුව අවහිර කිරීමට ලක්වන්නේ නැහැ, ඒ දුරකතන භාවිත කරන ජනතාවට එහෙම වුණොත් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා.

නමුත් මේ මාසේ 28 වෙනි දාට පස්සේ මිල දී ගන්න ජංගම දුරකතන අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. මොකද ජනවාරි 28 ඉදලා මේ තීරණය ක්‍රියාත්මක වෙනවා.”
“මෙතැනදී අපි දැනට ලංකාවේ භාවිත කරන ඔක්කොම ජංගම දුරකතනවල IMEI විදුලි සංදේශන කොමිෂන් සභාවේ දත්තවල තියෙනවා. ඒ දත්ත සහ ජංගම දුරකතන සේවා සපයන්නන් ගෙන් ජංගම දුරකතනවලට ලබා දී ඇති සිම්පත් වල සඳහන් වෙලා තියෙන IMEI අංක අපි වයිට් ලිස්ට් එකට ඇතුළත් කරනවා.”

“ඒ කියන්නේ දැනට තියෙන ජංගම දුරකතනවලට නීත්‍යනුකූලභාවයක් ලබා දෙන එක. එතනින් පස්සේ අලුතෙන් එන භාවිතයට එන ජංගම දුරකතන ලියාපදිංචි ද නැද්ද කියන එක අපිට දැන ගන්න පුළුවන් වෙනවා.”

“මේකේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි රටට නීත්‍යනුකූල නොවන විදිහට ජංගම දුරකතන රටට ගෙන එන එක වැළැක්වීම. මේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා,” අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ජංගම දුරකතනය නීත්‍යනුකූල ද කියා දැන ගන්නේ කොහොම ද?

“නව ක්‍රමවේදය අනුව ජනවාරි 28 වන දායින් පස්සේ මිල දී ගන්න ජංගම දුරකතනයකට සිම් පතක් ඇතුළත් කළාම කෙටි පණිවිඩයක් ලැබෙනවා ස්වයංක්‍රීයව ඒ මිලදී ගත්ත දුරකතනය ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකක් නෙවේ නම්.”

“ඒ පණිවිඩය අපි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පාරිභෝගිකයාට යොමු කරනවා. මොකද අද වෙද්දී රටේ සිදුවන වංචා ක්‍රියාවන් රැසකට හේතුව වෙලා තියෙන්නේ ජංගම දුරකතන. මේ නිසා ජංගම දුරකතනය නිත්‍යානුකූල එකක් වීම පාරිභෝගිකයාගේ ආරක්ෂාවට වැදගත්,” අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
උපුටා ගැනීම – බීබීසී – සිංහල

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports