ආර්ථික අතින් කොච්චර අවුල් උනත් කසාද බැන්දනම් වෙනම ඉන්න – මහගෙදර පදිංචියට යන්න හිතන්නවත් එපා..!

ආර්ථික අතින් කොච්චර අවුල් උනත් කසාද බැන්දනම් වෙනම ඉන්න – මහගෙදර පදිංචියට යන්න හිතන්නවත් එපා..!

ගෑණු ආදරේ කරන්න ගත්තම දුර හිතන්නෙ නෑ ..හැගීම් වලට වහල් වෙලා කෙලවගන්නවා ජීවිතේ ගොඩාක් උන් ඇට්ටි හැලෙන්න ..මං දන්නවා මං මේ ලියන දේටත් ගොඩක් උන් එකග වෙන්නෙ නෑ ජීවිතේ වගකීම් තියෙනවා කැපකිරීම් කරන්න ඕනි යැයි යැයි ගාගෙන ඒවි..

ගොඩාක් ගෑණු කසාදෙට හරීම හදිස්සි ..බැදගන්න වෙඩින් ෆොටෝ එකක් දාන්න තමා ගොඩාක් උන්ගේ හීනේ..බැදල ගෙවන ජීවිතේ ගැන ගොඩක් උන් හිතන්නෙ නෑ..ඔන්න ඕක තමා ලංකාවේ ඩිවෝස් සීන් වැඩිවෙන්න හේතුව සමහර අය හදිස්සියේ තමන්ගේ කියලා තැනක් හදාගන්නෙ නැතුව..කසාද බැදල කොල්ලගෙ අම්මගෙ ගෙදර කාමරේක පවුල් කන්න යනවා..

කසාද බැදපු නැති කෙල්ලෙක් නම් ඔයා කවදාවත් ඔය මෝඩ තීරණය ගන්න එපා.කසාද බැන්දම මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වය කියල දෙයක් තියෙනවා..ඕනිම මනුස්සයෙක් ආසයි තමන් බැදපු කෙල්ල එක්ක කොල්ලා එක්ක අසීමිත විදියට ඒ නිදහස බුක්ති විදින්න..හිතුන හිතුන තැන් වලදි කිස් එකක් දෙන්න..බදාගන්න ආදරේ කරන්න..සෙක්සි ඇදුම් අදින්න කොල්ලට තුරුල් වෙලා විකාර කියවන්න ..හිතුන හිතුන වෙලාවට සීමාවක් නැතුව සෙක්ස් කරන්න ඕවාට මිනිස්සු හරි ආසයි ඒ ජීවිතේ විදින්න ඕනි නිසා තමයි මිනිස්සු කසාද බදින්නෙ ..නැත්නම් තනියම ඉන්නවනේ

හැබැයි මහ ගෙවල් අස්සෙ රින්ගන උන්ට ඔය ජීවිතේ මිස් වෙනවා..ගැලපෙන ඇදුම් අදින්න ඕනි..සංවරව හැසිරෙන්න ඕනි..සද්දෙට සෙක්ස් කරන්නත් බෑ එහා කාමරේට ඇහෙනවා..ප්‍රශ්ණයක් කතා කරන්න බෑ නැන්දම්මා කණ් දීගෙන ඉන්නවා..ලේලිගෙ හැසිරීමට නැන්දම්මා කැමති නෑ..ඒක එහෙම වෙනවා කොයි රටෙත් ඔහොමයි පරම්පරා දෙකක අදහස් ගැලපෙන්නේ නෑ..ආස කෑමක් හදන්න බෑ නැන්දම්මා සල්ලි නාස්ති කරනවා කියනවා නැත්නම් ගෙදර වයසක උන්ට කොලොස්ටරෝල් නැත්නම් සීනි එක එක ප්‍රශ්න ..ඔය අස්සෙ ළමයෙකුත් හම්බ උනාම තවත් ආතල් ළමයා තියාගන්න වෙන්නෙ කාමරේම ඇදේ සෙක්ස් ලයිෆ් එකට ටටා බායි කියන්න වෙනවා..

ඔන්න ඔහොම වෙනකොට කැප කිරීම් කරන්න ඕනි දෙන්නෙක් උනාම යැයි යැයි ගාල ආපු ගැණිට තමා ප්‍රශ්න එන්නෙ..ගෙදරින් ඕනි දේ ලැබෙන්නෙ නැති උනාම මිනිස්සු පිටින් කන්න බලනවා..මේක කියවන සමහර උන් කියයි ” අනී මගේ හස්බන් නම් එහෙම නෑ” අනේ උබලාට කියලනේ කරන්නෙ ගොඩක් මිනිස්සු හොරාට හොරාට ගෑණුන්ගෙ ඉන්බොක්ස් අස්සේ යන්න පටන් ගන්නවා..කසාදේ නීරස ඔය තනිවෙච්ච ගෑණු එක්ක කියවන්න ගන්නවා..දුක පිට ගෑණු එක්ක බෙදාගන්න ගන්නව..ඒකට මනුස්සයට මොකුත් කියල වැඩක් නෑ ඇයි ගෙදර ආවම ගෑණි එක්ක නිදහසේ ඉන්න හැගීම් බෙදාගන්න සුදුසු වටපිටාවක් ගෙදර නෑ..
අන්‍තිමට තමන්ට ගෙදර ලැබෙන තැන අර හම්බෙච්ච ළමයින්ගෙ අම්මා කියන තැන විතරයි ..ගොඩක් දේවල් මිස් වෙනවා..සමහර ගෑණු දන්නෙත් නෑ තමන්ට ටික ටික තමන්ගෙ මිනිහා මිස් වෙනවා කියලවත්..ගෑණියෙක් උනාම හරියට දුර හිතන්න කසාද බැන්දෙ නෑ කියලා ගෑණියෙක් මැරෙන්නෙ නෑ..හැබැයි හරියට හිතලා තීරණයක් නොගත්තොත් මැරි මැරී ජීවත් වෙන්න වෙන්නෙ..

දැන් සමහරු කියයි රටේ තියෙන තත්වය එක්කා ගෙවල් හදලා වෙනම යන්න හිටියොත් බදින්න වෙන්නෙ නෑ කියයි ..ඉතින් නොබැද ඉදහන් යකෝ..ළමයි ටිකක් හදන් ලෝකෙම තියෙන ප්‍රශ්න තමන්ගෙ පැත්තට අරන් විදව විදව ජීවත් වෙනවට වඩා ඒක දාහෙන් සම්පතක්නේ..කසාදෙට හරම හදිස්සි නම් ඔය කැපකිරීම් කියන අමාරුව ලෙසටම තියෙනව නම් බැදල නැන්දම්මගෙ ගේ අස්සේ රින්ගපු උන්ගේ කතාවක් දෙකක් අහපන්කෝ මං කියන දේ තේරේවි..හැබැයි අවංකව කතා කරන උන්ගෙන් අහන්න ✌️ නැත්නම් සමහර උන් බොරූ පම්පෝරි ගහනව මගේම අම්මා වගේ යැයි යැයි.

suutikki page

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 36 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 394 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 91 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 833 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 828 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්