පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කියවන්න.

මගේ පුතාට මම පොඩි කාලේ ඉදන්ම කියලා දෙනවා,
අම්මටත් අසනීප වෙන වෙලාවල් ,ඇදෙන් නැගිටගන්න බැරි වෙලාවල් තියෙනවා කියලා….එතකොට එයා එයාගේ බිරිදට කවදාවත් ඇනුම් පද කියන එකක් නෑ..ඕවත් ලෙඩද? අපේ අම්මලා ඉස්සර ඇදෙන් නැගිට ගන්න බැරුව කෑම උයලා දුන්නේ වගේ කතන්දර අඩු වෙයි..

අම්මටත් හැමදේම හැමවෙලේම ඉවසගන්න බෑ කියලා..ඒ නිසා ගැහැණු උනාම හැමදේම ඉවසන්න ඕන කියන මානසිකත්වයෙන් මිදෙයි එයා.
අම්මත් ලස්සනට ඇදලා මේක්අප් දාලා සුවදට ඉන්න ආසයි කියලා…අම්මා හෑන්ඩ් බෑග්,සෙරෙප්පු,ක්‍රීම් ,කොණ්ඩකටු හැමදේකටම ගොඩක් ආසයි කියලා..එතකොට තමන්ගේ බිරිදට ලස්සනට ඉන්න ඕන හැමදේම අරන් දෙයි එයා..

අම්මා පුංචි පුංචි තෑගි වලට ,පුදුම කිරීම් වලට කැමතියි කියලා..තාත්තා වැඩ ඇරිලා එනකොට අච්චාරු මුලක් ගෙනාවත් ඒක මට ලොකු සතුටක් කියලා..කවදාවක් මම ඒ වගේ ආදරණීය තෑගි ,පුදුම කිරීම් විකාරයක් විදිහට පුතාගේ හිතට ඒත්තු ගන්නන් නෑ..

අම්මාත් තාත්තා එක්ක ආදරය විදින්න හුරතල් වෙන්න කැමතියි කියලා..එතකොට එයා එයාගේ බිරිදව දරුවෙක් වගේ බලාගනියි..
අම්මත් ඇති තරම් ඇවිදින්න ,ලස්සන තැන් බලන්න යන්න ආසයි කියලා..අනේ මම ඕවට ආස නෑ.ලමයි හම්බෙලා මොන ඇවිදිල්ලක්ද මේ වගේ කුහක අදහස් නම් කවදාවත් මගේ කටින් පිට වෙන්නේ නෑ..
අම්මා කියන්නේ ගෙදර වැඩ කරන්න ගත්ත මැෂින් එකක් නෙමෙයි කියලා මම පුතාට කියලා දෙනවා.එතකොට එයා බිරිදට උදව්වක් වෙන විදිහට ගෙදර පොඩි පොඩි වැඩ කරලා දෙයි

අම්මා හැමදේකින්ම සර්වසම්පූර්ණ කෙනෙක් නෙමෙයි අම්මටත් වැරදි අඩුපාඩු වෙනවා කියලා පුතාට තේරුම් කරනවා..එතකොට එයා කවදාවක්

වැරදි අඩුපාඩු නැති 100% perfect බිරිදක් බලාපොරොත්තු වෙන එකක් නෑ..
ගැහැණියක් කියන්නේ ආතක් පාතක් නැතුව හැදුන කෙනෙක් නොවෙන බවත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් මැද්දේ ආදරේට හැදුණ කෙනෙක් බවත් කියලා දෙනවා..

අවසාන වශයෙන් කියලා දෙනවා ගැහැණිය කියන්නේ හැගීම් ,දැනීම් ,ආසාවල් වලින් පිරුණු මනුස්ස ජීවියෙක් මිසක් රොබෝ කෙනෙක් නෙමෙයි කියන දේ.

එතකොට කවදමහරි දවසක මගේ පුතාගේ ආදරණීය බිරිද රැජිනක් වගේ සතුටින් ඉදියි..
තවත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ රෝසමලක් වගේ දරුවෙක් සතුටින් තියන්න පොඩි හරි දායකත්වයක් මම දුන්නා කියන තෘප්තිය ඇති මට ජීවිත කාලෙම සැනසීමෙන් ඉන්න.

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 36 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 399 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 91 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 835 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 830 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්