මේ දවස් වල මුළු ලෝකයේම තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත්ත මේඝ…..

මිස්ටර් වර්ල්ඩ් – 2024 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරපු මේඝ සූරියආරච්චි කියන්නේ කාලෙකට පස්සේ දැකපු ලස්සන පිරිමි පෞරුෂයක් කියලා කිව්වොත් වැරදි නැහැ.

මිස්ටර් වර්ල්ඩ් තරඟයෙන් පස්සේ මේඝ ගැන ලංකාවම පුදුමාකාර උනන්දුවකින් කතා කරන්න පටන් ගත්තා.

ඒ කඩවසම් පිරිමි පෙනුම ලංකාවේ සින්මාවටත් අලුත් බලාපොරොත්තුවක් වෙලා. මේ වන විටත් සිංහල චිත්‍රපට කිහිපයකටම දායක වුණු මේඝට මිස්ටර් වර්ල්ඩ් තරගය නිසා හොලිවුඞ් වලටත් (Hollywood) වරම් ලැබිලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ…

No photo description available.

ඔහු පසුගියදා වියට්නාමයේ පැවැති මිස්ටර් වර්ල්ඩ් තරඟාවලියට එක්ව ඉකුත් 26වැනිදා මධ්‍යම රාත්‍රීයේ කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළින් උප­න්බිම වෙත පැමිණියා.

ශ්‍රී ලංකාවේ පැවති මිස්ටර් ශ්‍රී ලංකා ( Mr: Sri Lanka ) තර­ගා­ව­ලි­යේදී මෙරට කඩ­ව­සම්ම තරු­ණයා ලෙස තේරී­පත් වීමෙන් පසු මේඝ සූරි­ය­ආ­රච්චි මෙවර ලෝක මිස්ටර් වර්ල්ඩ් තර­ගා­ව­ලි­යට සුදුසුකම් ලබා තිබුණා.

මේ තර­ගා­ව­ලි­යේදී අව­සන් 10 ­දෙනා අත­රට තේරී පත්වීම ශ්‍රී ලංකාව මෙවැනි තර­ගා­ව­ලි­ය­කදී ජාත්‍ය­න්තර වශ­යෙන් ලබා ගත් ප්‍රථම ජය­ග්‍ර­හ­ණය බවයි මේඝ පවසන්නේ. මීට අම­ත­රව මේ තර­ගා­ව­ලි­යේදී හොඳම ඇඳුම් නිර්මා­ණ­යට හිමි සම්මා­න­යත්, මේ තර­ගා­ව­ලියේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රසා­දය හිමි­කර ගත් තරු­ණ­යාට හිමි සම්මා­න­යත් දිනා ගත් මේඝ සූරි­ය­ආ­රච්චි, ආසි­යාවේ කඩ­ව­සම් තරු­ණ­යන් අත­රින් දෙවන ස්ථානය දිනා ගැනී­මට ද සමත් වී තිබෙනවා.

May be an image of 1 person and beard

කොළඹ ඩී. එස්. සේනානයක විදුහලේ හා කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු ඔහු නළුවෙක් හා සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ දිනවල තිරගත වන මන්දාරා සිනමා පටයේ ප්‍රධාන නළුවා වන්නේ ඔහුයි. දේවි කුසුමාසන, කලර් පෙන්සිල්, සූරිය සුළග ඔහුගේ තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයකි. එමෙන්ම ‘‘Marine Drive’’ සිනමාපටයේ නිර්මාණකරුවා වන්නේ ද මේඝයි.

May be an image of 1 person and leather

May be an image of 1 person, body building and activewear

May be an image of 1 person, beard and smiling

No photo description available.

 

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 36 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 394 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 91 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 833 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 178 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 828 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්