ඔන්න ලංකාවෙන් තවත් රූ රැජිණියක් බිහි වෙලා… අයි ඈම් මොඩල් සර්ච් කිට්ස් ඉන්ටර්නැෂනල් කිරුළ දිනු අපේ රටේ මල් කැකුල ‘ ඇන්ජලා ‘ ගැනයි මේ කතාව…

‘අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල්’ කිරුළ දිනූ ශ්‍රී ලාංකික මල් කැකුළ “ඇන්ජෙලා” තායිලන්තයේ පැවති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් – 2025 ( I..

‘අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල්’ කිරුළ දිනූ ශ්‍රී ලාංකික මල් කැකුළ “ඇන්ජෙලා”

තායිලන්තයේ පැවති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් – 2025 ( I am Model Search Kids International ) රූ රැජින තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජලා විමලසූරිය දියණියයි.

ප්‍රවේශමෙන් තෝරා ගැනීමෙන් පසුව, ඇන්ජෙලා ඇගේ චමත්කාරය හා දක්ෂතාවයෙන් සැබවින්ම අපව ආකර්ෂණය කර ගත් බව තරග සංවිධායකයින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

ලෝකයේ රටවල් 16 ක් නියෝජනය කරමින් පැමිණි තරගකරුවන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 24 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවර මෙම තරගය පවත්වා තිබුණා.

කොළඹ හැව්ලොක් පෙදෙසේ පදිංචි ඇන්ජලා විමලසූරිය සාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

ඇන්ජලා මෙම ජයග්‍රහණය ද රැගෙන ඊයේ දහවල් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports