කඹුරුපිටියේ ගුරුවරියට අත් වූ ඉරණම ගැන අලුතින්ම හෙලි වුන තොරතුර මෙන්න… නොසිතු කතාවක් එළියට..

කඹුරුපිටිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව මුළු රටම කම්පාවට පත්ව සිටියි. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක වූ සමාධි අයේෂා ගමගේ (33) තම 33 වන උපන්..

කඹුරුපිටිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව මුළු රටම කම්පාවට පත්ව සිටියි.

ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක වූ සමාධි අයේෂා ගමගේ (33) තම 33 වන උපන් දිනයේදීම ඝාතනයට ලක්වූයේ පවුලේම සාමාජිකයන් අතින් බවට සැක කෙරෙන තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගිය ජනවාරි 30 වන දින රාත්‍රියේ සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය ගුරුවරියගේ වැඩිමහල් සහෝදරයා සහ මව යන දෙදෙනාම දැනට පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

කෙසේ වෙතත්, සිද්ධිය වඩාත් සංකීර්ණ වන්නේ සිය දියණිය තමන් විසින් ඝාතනය කළ බවට සඳහන් කරමින් මව විසින් ලියන ලද ලිපියක් සිද්ධිය වූ ස්ථානයෙන් සොයා ගැනීමත් සමඟය.

දික්වැල්ල විජිත විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළ අවිවාහක පාසල් ගුරුවරිය සමාධි අයේෂා , කඹුරුපිටිය නගර මධ්‍යයේ පිහිටි තම නිවසේ කොටසක උසස් අධ්‍යාපන ආයතනයක්ද පවත්වාගෙන ගොස් ඇත.

ඇය දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින දරු දැරියන් දහස් ගණනකට මාර්ගගත ක්‍රමයටද ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

ඝාතනය සිදුව ඇත්තේ පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් එල්ල කරන ලද ප්‍රහාරයකින් බව පොලිසිය පවසයි. ඝාතනයට යොදා ගත් පිහිය සාලයේ පුටුවක් මත තිබී හමුවී ඇත. මෙම සිද්ධියට පසුබිම් වූයේ පවුලේ දේපළ ආරවුලක් බවට පොලිසිය සැක කරයි.

සිද්ධිය වූ නිවසේ ගොඩනැගිල්ලේ කොටසක මියගිය ගුරුවරියගේ වැඩිමහල් සහෝදරයා තේ කඩයක් පවත්වාගෙන ගොස් ඇති අතර, මෑතකදී ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා ගුරුවරිය විසින් කොන්ත්‍රාත් සමාගම් කිහිපයකින් මිල ගණන් කැඳවා තිබූ බවත්, ඊට සහෝදරයා විරුද්ධ වී ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සහෝදරයාගේ ගෙලෙහි නියපොතු පහරවල් කිහිපයක් දක්නට ලැබී ඇති බවයි.

එමෙන්ම, සිද්ධිය වූ ස්ථානය අසලින් හමු වූ ලේ තැවරුණු ලිපියෙහි සඳහන්ව ඇත්තේ තමන් විසින් සිය දියණිය ඝාතනය කළ බවත්, වසර 14ක් තිස්සේ දේපළ ඉල්ලා දියණිය තමන්ට කරදර කළ බවත්, ඝාතනය සිදු වූ දින තම ගෙල මිරිකීමට දියණිය පැමිණි නිසා ඇය ඝාතනය කළ බවත්ය.

අසල්වැසියන් ලබාදුන් තොරතුරකට අනුව එම නිවසට පැමිණි පොලිස් නිලධාරීන් ඝාතනයට ලක්ව සිටි ගුරුවරියගේ සිරුර සාලයේ එක තැනකත්, සිහිසුන් වී වැටී සිටි මව සාලයේ තවත් තැනකත් සිටිනු දැක තිබේ.

74 හැවිරිදි මව ඖෂධ අධිමාත්‍රාවක් පානය කර සිහිසුන්ව වැටී සිටියදී හමු වී ඇති අතර, ඇය දැනට කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඇය දියවැඩියාවට භාවිත කරන ඖෂධයක් අධික ලෙස පානය කර ඇති බව කියන රෝහල් ප්‍රකාශකයෙකු පවසන පරිදි ඇගේ තත්ත්වය බරපතල නොවේ.

පොලිසිය සැක කරන්නේ වයස්ගත මව බේරා ගැනීමේ අරමුණින් පොලිස් පරීක්ෂණ වෙනතකට යොමු කිරීමේ සැලසුමක් ඇති බවයි.

මියගිය ගුරුවරියට වැඩිමහල් සහෝදරයා හා සහෝදරියක සිටින අතර, සහෝදරිය විවාහව මාතර වෙනත් ස්ථානයක පදිංචිව සිටී.

පියා මිය ගොස් සිටින අතර, ඇය තම මව හා සහෝදරයා සමඟ එම නිවසේ පදිංචිව සිට ඇත.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ පැවති මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

Copied

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports