ලෝකයේම ආදරය දිනූ මේඝගේ ඔබ නොඇසු අලුත්ම කතාව

මෙවර වියට්නාමයේ පැවැති Mr. World Competition – 2024 තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ මේඝ සූරියආරච්චි ලෝක ජනතා මනාපයේ ප්‍රමුඛයා (People’s Champion Award) වීමට සමත්විය. එමෙන්ම හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය (Best National Costume Awards) හිමිකර ගත්තේ ද ඔහුය.

ලෝක ජනතාවගේ මනාපයට අනුගතව Mr.World- 2024 තරගයේ අවසන් 10 දෙනා අතරට තේරී පත්වුණු මේඝ එවන් ජයක් ලද පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්විය. දක්ෂතා දැක්වීමේ වටයේ අවසන් තරගය නියෝජනය දක්වා පැමිණි ඔහු ආකර්ෂණීය රුවක් හිමි අවසන් 30 දෙනා අතරට තේරී පත්වීම ද විශේෂත්වයකි.

 

සියලු මහාද්වීප නියෝජනය කරමින් රටවල් 60ක සහභාගීත්වයෙන් විවිධ වෘත්තීන්හි, විවිධ ක්ෂේත්‍රයන්හි නියැළෙන තරුණයින් 60 දෙනෙකු හා කරට කර තරග කරමින් ශ්‍රී ලංකා නාමය මුළු ලොවම ඉදිරියේ නැවතත් බබළවන්නට ඔහු සමත් වීය.

1996 වසරේදී ඇරැඹි Mr. World Competition තරගය සඳහා පළමුවැනි ශ්‍රී ලාංකේය නියෝජනය සිදුවී ඇත්තේ 1998 වසරේදීය. හේමාල් රණසිංහ, දුමින්ද සිල්වා, මයුර පීරිස්, රොෂාන් රණවන වැනි කලා ශිල්පීහු ද මෙම තරගය සඳහා සහභාගීවූවෝ වෙති.

මෙවර ජයග්‍රහණය ලද Best National Costume නිර්මාණය ශ්‍රී ලාංකේය උරුමයක් වන ඇත්කඳ ලිහිණියා යොදා ගනිමින් අතිදක්ෂ ලෙස නිර්මාණය කර තිබුණේ තරුණ ඇඳුම් නිර්මාණ ශිල්පියකු වන වෙදගේ නාමල් විසිනි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ද වන ඔහු ඇඳුම් නිර්මාණකරණයේ ප්‍රවීණයෙක් ලෙස ද ප්‍රකටය.

මේඝ පෙනී සිටි ඡායාරූප ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යෑමත් සමඟින් ඔහුගේ කඩවසම් රුවට ලොව පුරා ජනතාවගේ මනාපය ගලා එන්නට පටන් ගෙන තිබුණේ ද නොසිතූ පරිද්දෙනි. ශ්‍රී ලාංකිකයකුගේ රුවකට එවන් මනාපයක් හිමි වූ පළමු අවස්ථාව ද මෙයයි.

එමෙන්ම අවසන් මහා තරගයේ මේඝ විසින් කරන ලද ක්ෂණික විශේෂ ප්‍රකාශය ලෝකයේම අවධානයට ලක්වී තිබිණි. ශ්‍රී ලංකාව ලෝකයේ ස්ථානගත කිරීමට ඔහු බලාපොරොත්තු වන තැන කොතැනද යන්න මෙන්ම කිසිදු ජාති භේදයක් නැතිව මනුෂ්‍යත්වය උදෙසා පෙනී සිටීමට ඔහු බලාපොරොත්තුව වන බව පැවසීම ලෝකයේ බොහෝ රටවලින් ප්‍රශංසා ගලා ඒමට හේතුවක් විය. ඉන්ටර්නැෂනල් පැජන්ට් එකක් හරහා ලැබුණු ජනප්‍රියත්වය උපයෝගි කරගනිමින් ඉදිරියේ දී සමාජ සත්කාරයන්හි නිරත වීම ද ඔහුගේ තවත් බලාපොරොත්තුවකි.

සති දෙකකට ආසන්න කාලයක් වියට්නාමයේ පැවැති Mr. World Competition – 2024 සඳහා දැඩි කැපවීමකින් සූදානම් වූ මේඝ රංගන ශිල්පියෙක්, සංස්කරණ ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක්, තිර පිටපත් රචකයෙක් මෙන්ම කථිකාචාර්යවරයකු ද වන්නේය.

සියත මිස්ට වර්ල්ඩ් පැජන්ට්හි ලද ජයග්‍රහණය Mr. World Competition – 2024 දක්වා ඒමට මේඝට අඩිතාලම වූ බව සැබෑය. ගීත රචකයකු, ගායකයකු, ටෙලි නාට්‍ය, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, සංගීතඥයකු මෙන්ම වෛද්‍යවරයෙකු ද වන සිය පියා වූ කපිල සූරියආරච්චිගේ ටීවි ප්‍රචාරක දැන්වීමක් හරහා කලාවට ප්‍රවේශය ලද මේඝ ඔහුගේම ‘සිනේමා’ සිනමාපටය ඔස්සේ ප්‍රධාන භූමිකාවකින් සිනමාවට ද පිවිසියේය. මේ දිනවල තිරගත වන ප්‍රියන්ත කොළඹගේගේ ‘මන්දාරා සිනමාපටයෙන් ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඔහු ජයන්ත චන්ද්‍රසිරිගේ ‘‘දේවි කුසුමාසන, රොහාන් පෙරේරාගේ ‘සීගිරි’, ප්‍රියන්ත කොළඹගේගේ ‘සූරිය සුළඟ’, ආකාශ් තාරුකගේ ‘කලර් පෙන්සිල්’ මෙන්ම තවත් සිනමාපට කිහිපයක් ඔස්සේ ඉදිරියේ දී රිදී තිරය වර්ණවත් කරනු ඇත. ඔහුගේම අධ්‍යක්ෂණයෙන් එළිදකින ‘මැරින් ඩ්‍රයිව්‘ ලබන වසරේ තිරගත වීමට නියමිතය.

නාමලී ගමගේ
දිණමිණ

Related Posts

තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 36 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 395 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 91 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 833 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 178 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 830 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්