ඒ අසහාය ගායන තරුව නිවි ගිය හැටි අදටත් ප්‍රෙහෙලිකාවක්.. මේ ඒ ගැන කතාවක්…

අදටත් අමරණීය බොබ් මාලේ… රුව දැක්කම මුළු ලොවම හඳුනන සුපිරි තරුව.. ඔහු අමුතු අපූරු සුන්දර මිනිසෙක්… ඔහුගේ විප්ලවීය ගීත ශෛලිය සහ සහ නිර්මාණයන් නිසා පුදුම..

අදටත් අමරණීය බොබ් මාලේ…

රුව දැක්කම මුළු ලොවම හඳුනන සුපිරි තරුව.. ඔහු අමුතු අපූරු සුන්දර මිනිසෙක්…

ඔහුගේ විප්ලවීය ගීත ශෛලිය සහ සහ නිර්මාණයන් නිසා පුදුම හිතෙන තරම් ආදරයක් බොබ් මාලේට ලැබෙනවා…

සෑම පෙබරවාරි 6 වැනිදාකම ලොවපුරා මිනිසුන් ඔහුව සමරනවා. ඔහුට ආදරේ කරනවා… බොබ්ගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ පෙබරවාරි 6….

බොබ් මාලී කියලා කියන්නේ ඇත්තටම අමුතු චරිතයක්.

අවුරුදු 36ක විතර කෙටි ජීවිතයක් ගත කළත් ඔහු අදටත් අමරණීයයි.

ඔහු ගැන විවිධ තොරතුරු අදටත් ලෝකය පුදුම විදිහට හුවමාරු කරගන්නවා.

ඒ නිසාම බොබ් පිළිබඳ තරමක් අප්‍රකට තොරතුරු ටිකක් අපි ඔබත් සමඟ බෙදාගන්න හිතුවා.

ගොඩක් දෙනෙක් නොදන්න කාරණාවක් තමයි බොබ් මාලී උපතින් කතෝලිකයෙක්. රාස්තෆරියානු දහමට ඔහු නැඹුරු වෙන්නේ හැටේ දශකයේදී. රාස්තෆරියානු ආගමික ව්‍යාපාරත් එක්ක බොබ් තදින් බැඳෙනවා. රාස්තෆරියානු සංස්කෘතික ලෝකය හඳුනාගන්නෙම ඔහු නිසා. කංසා සහ කැරලි ගැසුණු කොණ්ඩය බොබ් මාලීට උරුම වෙන්නේ රාස්තෆරියානු විශ්වාසයක් නිසා. ඔවුන් ගරු කළේ ස්වභාවිකත්වයට. කංසාවලින් දෙවියන්ට සමීප වෙන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කළා.

ගොඩක් දෙනෙක් ගායකයෙක් විදියට බොබ් මාලී ගැන කතා කළත්, ඔහු ගායකයෙක් සහ ගීත රචකයෙක් කියන කලාපයක් දෙකම මනාව ස්පර්ශ කරපු කෙනෙක්.

ඔහුගේ ගීත රචනා වලින් ලෝකයට ලබා දුන්නු පණිවුඩවල ප්‍රබලත්වය තක්සේරු කරන්න බෑ. ඒ නිසාමයි ඔහුට හතුරෝ හිටියේ. පුදුමේ කියන්නේ ගීත ලියපු බොබ් වයස අවුරුදු දාහතරේදී තමයි පාසල් අධ්‍යාපනය අතහැරලා තියෙන්නෙ.

බොබ්ට අවුරුදු 10ක් වෙනකොට ඔහුගේ පියාට වයස අවුරුදු 70ක්. බොබ්ගෙ පියා අවුරුදු 70 දීම මිය ගියා.

බොබ් මාලී ගැන තියෙන නිල තොරතුරුවලට අනුව විතරක් ඔහුට දරුවෝ එකොළොස් දෙනෙක් සිටියා.

රීටා ඇන්ඩර්ස් සමඟ තමා ඔහු විවාහ වුණේ.

රීටාගෙන් ඔහුට දරුවෝ දෙදෙනෙක් සිටියා.

රීටාටත් පෙර සබඳතාවලින් තව දරුවන් දෙදෙනෙක් හිටියා. අනෙක් දරුවන් විවිධ කාන්තාවන් සමඟ බොබ් මාලේ පැවැත් වූ සබඳතාවල දරුවන් .

සමහරු නම් කියන්නෙ මුළු දරුවන් ගණන 13යි කියලා.

බොබ්ට වෙඩි තැබීම කියන්නෙ අදටත් ලෝකය පුරා කතාවෙන මාතෘකාවක්. හඳුනා නොගත් තුවක්කුකරුවෙකු විසින් මේ වෙඩි තැබීම සිදුකරන්නේ 1976 දෙසැම්බර් 3 වැනිදා. දෙසැම්බර් 5 වැනිදා ජැමෙයිකානු අගමැති මයිකල් මැන්ලි විසින් සංවිධානය කරන නිදහස් ප්‍රසංගයකට සහභාගිවෙන්න බොබ් බලාගෙන හිටියෙ. ඒ නිසාම මේක දේශපාලන වෙඩි තැබීමක් විදිහට තමයි හඳුන්වන්නෙ.

ඒ ප්‍රහාරයෙන් බොබ්ගෙ බිරිඳ රීටා සහ කළමනාකරු ඩොන් ටේලර් සහ බොබ් තුවාල ලැබුවා. බොබ් පපුවට සහ අතකට සුළු තුවාල සිද්ධවෙලා තිබුණේ. මේ ප්‍රහාරයත් එක්කම ලන්ඩන් යන්න බොබ් තීරණය කළා.

ඒත් ලන්ඩන් නුවරදී බොබ් මාලිගෙ නිර්මාණ ජීවිතය තරම් ලස්සන වෙන්නේ නෑ. ‘එක්සඩස්’ (1977) නම් එක ම එක සංගීත ඇල්බමය නිකුත් කළාට පස්සෙ ඔහුට දරුණු පිළිකා රෝගයකට ගොදුරු වුණා. මේ අසහාය ගායකයාගේ මරණයට හේතුවුණුත් මේ පිළිකාව. ඒ රෝගය පිළිබඳවත් ගොඩක් කතා තියෙනවා.

බොබ් නිය පිළිකා රෝගයකට ගොදුරු වුණා. ඒත් තමන්ගෙ ඇඟිල්ල කපලා දාන්න ඔහු කැමති වුණේ නෑ. ඒකට හේතුව රස්තෆාරියානු විශ්වාසයන්. සිය විශ්වාසයට අනුව ස්වභාවිකත්වයට මුල් තැන දුන්න බොබ් සිරුරේ කිසිම කොටසක් කපා ඉවත් කරනවට කැමති නැහැ. අවසානේ ඒ තීරණයම ඔහුට මරණය රුගෙන ආවා.

ඔහුට ජැමෙයිකාවේදී මියයන්න ඕනෑ වුණා. ඒත් තමන්ගෙ මව් රටට යන තරම් අවසාන කාලයේ ඔහු සුවෙන් හිටියේ නෑ. ඔහුගේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්නෙ ජර්මනියේ ඉඳන් ජැමෙයිකාව බලා පියාසර කරමින් ඉන්නකොට. ගුවන් යානය මියාමි වෙත ගොඩබැස්සුවට පස්සේ, 1981 මැයි 11 වෙනිදා බොබ් මාලී සදහටම ඇස් දෙක පියාගත්තා. ජමෙයිකාවේදී සියලු රාජ්‍ය ගෞරව සහිතව තමයි බොබ්ගේ අවමංගල්‍යය උත්සවය පවත්වන්නෙ.

බොබ් මාලිගේ ගීත ඇල්බම් ඇල්බම මිලියන 75කට වඩා අලෙවි වුණ බව තමා වාර්තාවල තියෙන්නේ. සමහර විට ඒ ගාන ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මරණින් පස්සෙත් මේ අපූරු ගායකයා සමස්ත ලෝකයටම ලෝකයටම සිදුකරන බලපෑම සුළුපටු නෑ. ඔහු ගොඩනැගූ සම්ප්‍රදායන් අදටත් ලෝකයේ පවතිනවා.

තුන්වැනි ලෝකයේ පළමු පොප් රජු විදියට තමයි බොබ් මාලීව අද ලෝකය හඳුන්වන්නේ. ඒකට හේතුව හරිම සරලයි. බොබ් මාලීගේ රෙගේ සංගීතයට හැකිවුණා අපි වගේ රටවල් වල මිනිස්සුන්ගෙ පුංචි හදවතේ වශී කරගන්න.

බොබ් හිටියා නම් …………..

අන්තර්ජාලයෙන්…..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports