ඕවට උත්තර දීලා දැන් ගෙදර යන්න වෙන් නැ.. ලොකු රහසක් ගැන එයාලා කියන කතාව මෙන්න

තිරයේ අහිංසකාවියක්.. ඒ විතරක් නෙවෙ‍යි ඔහුත් කාගේත් ආදරය දිනාගත් පුංචි තිරයේ ප්‍රේමවන්තයෙක්.. කවුරු ගැනද මේ කතාව, දුශේනි මියුරංගි සමඟින් සචින් ලියනගේ.. මේ යුවල ගැන කතා..

තිරයේ අහිංසකාවියක්..

ඒ විතරක් නෙවෙ‍යි ඔහුත් කාගේත් ආදරය දිනාගත් පුංචි තිරයේ ප්‍රේමවන්තයෙක්..

කවුරු ගැනද මේ කතාව, දුශේනි මියුරංගි සමඟින් සචින් ලියනගේ.. මේ යුවල ගැන කතා කරනකොට එයාලාගේ ආදර කතාව ගැන ගොඩක් දෙනෙක්ට මතක් වෙනවා.. ඒ විතරක් නෙවෙයි, එයාලා විවාහ වෙන ඒ ලස්සන දවස ගැන වුණත් ගොඩක් දෙනෙක් දැනගන්න කැමති ඇති.. ඊට මත්තෙන් අපි මේ දෙදෙනාගේ ජීවිතයම වෙච්ච කලාව ගැන කතා කරන්න හිතුවා.. ගෙවී ගිය වසර වගේම මේ වසරේදීත් ඔවුන්ගේ අලුත්ම විස්තර මොනවාද..?

තවමත් නව වසරේ උණුසුම ගිලිහී ගිහින් නෑ.. ඉතින් මොකද කියන්න තියෙන්නේ මේ උදා වුණු සුබ වසර ගැන..

2025 හැමකෙනෙක්ගේම බලාපොරොත්තු ඉෂ්ට වෙන අවුරුද්දක් වෙන්න ඕන.. අපි දෙන්නාගේම පැතුම ඒක තමයි.. ඒ වගේම අපේ රටේ ඉන්න හැම කෙනෙක්ටම සතුටෙන් ඉන්න රටේ තත්වය හොඳ වෙන්න ඕන කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.. ඒත් එක්කම ගෙවුණු 2024 වසරේදීත්, මට මගේ හීනවලට යන්න පුළුවන් වුණා.. ඉතින් මේ වසරේදීත් අපිට අපේ ජීවිතවල ඉලක්ක, අරමුණු තියනවා.. ඉතින් ඒවාට හරි පරිස්සමෙන් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ..

රංගන ශිල්පීන් වුණාම ඔයාලාට තියන ලොකුම හීන තමයි හොඳ කලාකටයුතුවලට සම්බන්ධ වෙන එක.. ඉදිරියේදී මොනවගේ කලාකටයුතුවලින් අපිට ඔබ දෙපළ දැකගන්න පුළුවන් වේවිද..? දුශේනි අපි මුලින්ම ඔබෙන් ඒ ගැන දැනගන්න කැමතියි..

මේ වසරේ මගේ ටෙලි නාට්‍යක් දැනටමත් විකාශනය වෙනවා.. ඒ වගේම තව සිනමාපටයකටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියනවා.. කොහොම වුණත්, මගේ ප්‍රේක්ෂකයෝ දන්නවා මං එකපාර ගොඩක් වැඩ කරන කෙනෙක් නෙවෙයි, ඒ නිසා ලැබෙන අවස්ථාවලින් තෝරාබේරාගෙන මගේ ප්‍රේක්ෂකයෝ මාව ඉල්ලන දේවල්වලින් ඔයාලා අතරට එන්න බලාගෙන ඉන්නවා.. කොහොම වුණත් මං මේ වෙද්දී නම් අලුත් වැඩ භාරගෙන නැහැ.. ඒත් මම කැමති, මගේ ප්‍රේක්ෂකයෝ කැමති නිර්මාණයක් මට ලැබුණොත් මං අනිවාර්‍යයෙන්ම ඒ දේවල් භාරගෙන කරනවා..

සචින් ඔබේ නිර්මාණයක් එනකං රසිකාවියෝ මග බලාගෙන ඇති ඒ අයට මොකද කියන්න තියෙන්නේ..

දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න.. එච්චරයි මට කියන්න තියෙන්නේ.. ඒත් එක්කම මට සතුටුයි මගේ audience එක ගැන කතා කරන්න.. රසිකාවියෝ තමයි මට වැඩිපුරම ඉන්නේ.. පිරිමි කෙනෙක්ට ගැහැනු ආකර්ශනය ලැබෙනවා වගේම තමයි, ගැහැනු කෙනෙක්ට පිරිමි අයගේ ආකර්ශනය ලැබෙන එකත් සාමාන්‍ය දෙයක්.. හැබැයි මම සතුටු වෙනවා මං සිනමාවට වගේම ටෙලිවිෂනයට පා තිබ්බ දවසේ ඉඳලා මගේ audienceඑකට කුඩා ළමයින්ගේ ඉඳලා මුහුකුරායන වයස්වල අය වෙනකම් කට්ටිය ඉන්නවා.. ඉතින් මං ඒකට ගොඩක් සතුටු වෙනවා.. මොකද මං ඒ අයගේ හදවතේ ජීවත් වෙනවා.. ඉතින් අපි එක්කම ඉන්න.. දුශේනි කිව්ව එක කතාවක් හරි, අපි ගොඩක් වෙලාවට නිර්මාණ තෝරාගනිද්දී, එක දිගට එන නිර්මාණ ගන්නේ නැහැ.. audience එකට මං ආසයි ඒ කරන චරිතය enjoy කරන්න දෙන්න ගොඩක් වෙලාවට.. මං ආස නෑ අවුරුද්දට film 6ක් – 7ක්, 10ක් -12ක් එළියට යනවාට.. ඊට වඩා හොඳයි මං කරන එක ෆිල්ම් එකක් මිනිස්සු මාර විදිහට රස විඳිනවාට.. ඒ වගේ මගේ නිර්මාණවලින් මං ඔයාලව සතුටු කරන්න, සනසන්න එන්නම්, ඒ ආදරේ හැමදාම තියාගන්න.. ඒ වගේම තමයි තව එක දෙයක්, ඔයාලා අද ඉන්නවාට වඩා step එකක් සාර්ථකත්වයට යන්න උත්සාහ කරන්න ඒක ගොඩක් වටිනවා..

රංගන ජීවිතය ඇතුළේ සම්මාන කියන්නේ දුශේනිට නම් ගොඩක් සුපුරුදු දෙයක්.. ඒ වගේමයි ඕනම කලා ශිල්පියෙක් ශිල්පිනියක් මේ දේවල් බලාපොරොත්තු වෙනවා.. මේ අවුරුද්දේ එහෙම සම්මානීය වෙන්න පුළුවන් නිර්මාණයක් ගැන දුශේනිය අදහසක් තියනවාද..?

ඇත්තටම මම නිර්මාණ තෝරා බේරාගෙන කරන කෙනෙක්.. ඕනෑම රංගන ශිල්පියෙකුගේ ශිලිනියකගේ හීනයක් තමයි දක්ෂතම නළුවා හෝ නිලිය වෙන එක.. ඉතින් මම බලාපොරොත්තුවෙන් ඉන්නේ 2025 හෝ 2026, මං දන්නේ නෑ කවදා වේවිද කියලාවත්, ඒත් මිනිස්සුන්ගේ මතකයේ රැදෙන, මට හොඳම නිලියක් වෙන්න පුළුවන් වෙන තරමේ මගේ capacity පෙන්නන්න පුළුවන් ටෙලි නාට්‍යක් හෝ කෙටි නාට්‍යක් ලැබෙනවා නම් මම කැමතියි.. ඒ වගේ නිර්මාණයකින් සම්මාන ලැබුණා හෝ නොලැබුණා,මට මගේ හැකියාවේ ගැඹුර පෙන්නන්න පුළුවන් වෙන නිර්මාණයක් ලැබෙනතුරු මම බලාගෙන ඉන්නවා..

සචින්ට තවමත් රඟපාන්න අවස්ථාව නොලැබුණු, ඒත් හිතේ තියන චරිතයක් තියනවාද..?

ඔව්.. අපි දවසින් දවස ඕනෑම රස්සාවක ඉස්සරහට යනවා.. ඒ ගතවෙන කාලයත් එක්ක විව්ධ හීන තියනවා.. විශේෂයෙන් මේ රස්සාව ඇතුළේ අපිට අපිව දැනෙනවා වැඩියි.. ඒකත් එක්ක අපිට තියන බලාපොරොත්තු වැඩියි.. ඉතින් මම හිතනවා මගේ හැකියාවට ගැලපෙන විදිහේ චරිත මට ලැබේවි කියලා.. ඒත් ඒ දේවල් ඉල්ලගෙන මම පස්සෙන් යන කෙනෙක් නෙවෙයි.. මම කලබල නෑ.. ඒත් සචින් ලියනගේ කියන්නේ ප්‍රේමවන්තයාටම සීමාවුණු චරිතයක් නෙවෙයි කියන එක පෙන්නන්න උත්සාහ කරාවි.. ඒ වගේම ප්‍රේමවන්තයාගේ රාමුවෙන් එළියේ චරිතයක් කියන එක දැනගන්න මට ආදරය කරන අයට උත්සාහ කරනවා.. බලමු මේ අවුරුද්දේ ඒකට අවස්ථාවක් ලැබේවිද කියලා..

රංගන ජීවිතය ගැන දැන් අපි ගොඩක් කතා කළා නේ, එහෙනම් පුංචි තිරයේ ප්‍රේමවන්තා කියන්නකෝ මේ ප්‍රේමවන්තිය තමන්ගේම කරගන්න දවස කවදාද කියලා…

ඒ දවස නම් තාම නැහැ.. ඕවට උත්තරදීලා දැන් ගෙදර යන්න වෙන්නේ නැහැ.. අපි ඒ දවස ගැන කාලයට භාර දෙමු.. ඒ සුබ ආරංචිය ඉදිරියේදී අනිවාර්‍යයෙන්ම දැනගන්න පුළුවන් වේවි..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports