අයිශර්‍යා රායිට එයාගේ මාමණ්ඩිගෙන් ලැබෙන කෝටි ගණනක ධනස්කධය ගැන ඇහුවොත් ඔයාටත් අදහා ගන්න බැරි වෙයි.. මෙන්න සම්පූර්ණ විස්තරය…

බච්චන් පවුල ගැන නිතර දෙවේලේ කතා මැවුණා කිව්වොත් හරි.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් බොහෝ දෙනාගේ අවදානය දිනාගත්ත බච්චන් පවුල ගැන ඇසෙන තවත්..

බච්චන් පවුල ගැන නිතර දෙවේලේ කතා මැවුණා කිව්වොත් හරි..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් බොහෝ දෙනාගේ අවදානය දිනාගත්ත බච්චන් පවුල ගැන ඇසෙන තවත් ආන්දෝලනාත්මක කතාවක්..

අමිතාබ්ගේ මරණයෙන් පසු ඒ මහා ධනස්කන්ධය බෙදී යන්නේ කොහොමද..? ප්‍රකෝටිගණන් දේපළ හිමි ඔහුට ඒ මොහොතේදී ඓශ්චර්‍යාව අමතක වුණාද..? මෙන්න ඒ ගැන ඇසෙන තවත් එක් අමුතු කතාවක්..

2024 වසරේදී වාර්තා වූ ආකාරයට අමිතාබ්ගේ ශුද්ධ වටිනාකම රුපියල් කෝටි 1,600ක් වුණා.. කෙසේ හෝ අමිතාබ් බච්චන් වරක් තම දේපළ බෙදී යන ආකාරය හෙළි කර තිබුණා..

“මාගේ මරණයෙන් පසු, මට ඇති කුඩා දේ මගේ දුව සහ මගේ පුතා අතර සමානව බෙදී යනු ඇත.. වෙනසක් නැහැ. මමයි ජයායි ඒක තීරණය කළේ ගොඩක් කලින්. කෙල්ලෙක් අයිති එයාගේ ස්වාමියාගේ ගෙදරට කියලා මතයක් තියෙනවා. නමුත් මගේ ඇස්වලට ඇය තවමත් අපේ දුව.. ඇයට අභිෂේක්ට ඇති අයිතියම තිබෙනවා”

අමිතාබ් 2011 වසරේ දී සිදු කළ මෙම සම්මුඛ සාකච්ඡාව අතරතුර කියලා තිබුණේ මෙන්න මේ වගේ කාරණයක්.. දුව සහ පුතා අතර බෙදී යන මේ දේපළවල සම අයිතිවාසිකම් ඇති තව පිරිසක් ඉන්නවා…

අමිතාබ් ඒ අයගේ නම් සඳහන් කළේ නැත්තේ කුමන හේතුවක් නිසාද නම් දන්නේ නැහැ.. කෙසේ වෙතත් මෙහිදී බච්චන් ඔහු බෙහෙවින්ම ආදරය කරන ලේලිය වන අයිශ්වර්යා පිළිබඳ කිසිම සඳහනක් නොකිරීම විශේෂ කරුණක් වුණා..

එය කිසිසේත් ඔහුට අමතක වුණා හෝ මඟ හැරුණු දෙයක් විය නොහැකි වන අතර එය වක්‍රාකාරයෙන් ඇගේ සැමියාට අයිති දේ ඇයට ද උරුම වන නිසා විය හැකියි.. බොහෝ අය අමිතාබ් 2011 වසරේ දී සිදු කළ මෙම ප්‍රකාශය අයිශ්වර්යා සහ අභිෂේක්ගේ වෙන් වීම පිළිබඳ කටකතාවලට ද මේ වන විට සම්බන්ධ කරමින් සිටිනවා.. බච්චන් පවුල සහ අයිශ්වර්යා අතර ඇති සීතල යුද්ධය අම්තාබ්ගේ දේපළ බෙදන ආකාරය පිළිබඳ ප්‍රකාශයෙන් තහවුරු වූ බවයි ඔවුන් පවසන්නේ..

මුම්බායි හි ජුහු හි පිහිටි අම්තාබ්ගේ නිවහන වන ප්‍රතික්‍ෂා හි වටිනාකම රුපියල් කෝටි 40 ක්… එම ප්‍රදේශයේම පිහිටි තවත් වටිනා සන්තකයක් වන ජනක් හි වටිනාකම රුපියල් කෝටි 50 ක්.. මේ අතර ‘ජල්සා’ නම් වූ ප්‍රසිද්ධ බච්චන් බංගලාව දැනටමත් ශ්වේතාට තිළිණ කර ඇති බවත් එහි වටිනාකම රුපියල් කෝටි 50ක් බවත් පැවසෙනවා..

ගෝලීය නිරූපිකාවක් සහ හිටපු ලෝක රූ රැජිනක් වන අයිශ්වර්යා රායි බච්චන්ට, බච්චන් උරුමයෙන් සත පහක දේපළක් හිමි නොවුණද එය එතරම් වැදගත් දෙයක් නොවනු ඇත.. මක්නිසාද යත් ඇය දැනටමත් රුපියල් කෝටි 800 කට වඩා වටිනා ස්වාධීන මූල්‍ය අධිරාජ්‍යයක් ගොඩනඟා ගෙන ඇති බැවිණි.. ඇයට මුම්බායි හි නිවසක් සහ ඩුබායි හි සිත් ඇදගන්නාසුළු විලා ඇතුළු සුඛෝපභෝගී දේපළ පවතිනවා..

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports