දේශපාලකයන් නැතිව රෝගීන් අතින් විවෘත කළ මහියංගණ රෝහලේ නව වාට්ටු සංකීර්ණය

මහියංගන මුලික රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සහ රෝහලේ මේ වන විටත්..

මහියංගන මුලික රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සහ රෝහලේ මේ වන විටත් නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබන රෝගින් දෙදෙනකුගේ අතින් ඉකුත් දා ජනතා අයිතියට පත්කරනු ලැබුවා.

රජයේ මහජන මුදල් වැය කරමින් ඉදිකරනු ලබන බොහෝ ගොඩනැගිලි මෙතෙක් දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කළ යුගය නිමා කරමින් රුපියල් මිලියන 485ක වියදමකින් යුතුව ඉදි කරන ලද එම වාට්ටු සංකීර්ණය ඉතා චාම් අයුරින් ජනතා අයිතියට පත් කර තිබෙනවා.

රෝගී ඇඳන් 167කින් සමන්විත වාට්ටු 04ක් සහ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක් ලෙස මෙම සිව් මහල් ගොඩනැගිල්ල සැලසුම් කර ඇති අතර සම්පුර්ණ චින රජයේ ප‍්‍රදානයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන ලදි.

වසර දෙකකින් එහි කටයුතු නිම කිරිමට බලාපොරොත්තු වුවද පසුගිය වකවානුවේ අප රට මුහුණ දුන් මුල්‍ය අවපාතයත් සමඟ එහි වැඩකටයුතු අඩපණ වී තිබුණ ද මේ වන විට සියලූ කටයුතු අවසන් කිරිමට හැකි වී තිබේ.

(සුනිල් ඒකනායක)

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports