අධිෂ්ඨානය සහ කැපවීම තියෙයි නම් මොනවද කරන්න බැරි… සුලු සේවිකාවක් ලෙස සිටි ඇය අද ඇවිත් තියෙන ගමන ඇහුවොත් ඔයත් පුදුම හිතෙයි

අධිෂ්ඨානය සහ කැපවීම මත දෛවය පරාජය කරන්නට සමත්වන්නන් වත්මන් සමාජයෙන් විරළව හමුවේ. මේ පුවත ගාල්ලෙන් වාර්තා වූ එවන් දිරිය කාන්තාවක් පිළිබඳවය. ඇය දෙදරු මවක් වන..

අධිෂ්ඨානය සහ කැපවීම මත දෛවය පරාජය කරන්නට සමත්වන්නන් වත්මන් සමාජයෙන් විරළව හමුවේ.

මේ පුවත ගාල්ලෙන් වාර්තා වූ එවන් දිරිය කාන්තාවක් පිළිබඳවය.

ඇය දෙදරු මවක් වන යමුනා උදයංගනී.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සුළු සේවිකාවක් ලෙස කටයුතු කළත්, 42 හැවිරිදි ඇය මේ වනවිට උපාධිධාරිනියක් වී අවසන්.

ඉකුත් 2017 වසරේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවයට එක්වෙද්දි ඇය අධ්‍යාපනය ලබා තිබුණේ සාමාන්‍ය පෙළ දක්වා පමණියි.

නමුත් වැඩිදුරටත් අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම ඇයට පසක්වන්නේ එලෙස විදුහලේ සේවය කරමින් සිටියදීය.

ඒ ඇයගේ දියණිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනිසිටීමට නියමිත වූ බැවින් ඇයගේ ඉගැන්වීම් කටයුතු වලට පහසුවක් වීමට සහ දියණියට ආදර්ශයක් වීමට අවශ්‍ය වු බැවිනි.

ඉන් පසුව ඇය මේ අදහස පළමුවෙන්ම දැනුම්දෙන්නේ එවක විද්‍යාලයේ විදුහල්පතිවරයාටය.

ඒ අනුව විදුහලෙන් ලැබුණු සවියද සමග මාස හතරක කෙටි කාලයක් තුළ ලද දැනුමෙන් 2018 වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඇය එහිදී සම්මාන සාමාර්ථ තුනක් ලබාගන්නට සමත් ව ඇත.

එතැනින් නොනවතින ඇය ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක ලෙස තවත් අභියෝගයක් උරමතට ගන්නෙ බොහෝදෙනාගෙන් ලැබුණ දිරිගැන්වීම්ද සමගය.

ඉන් පසුව ඇය 2019 වසරේ සිට ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ඉගැනීම් කටයුතු කර 2025 ජනවාරි මාසයේ දී සිය උපාධිය ලබා ගැනීමට සමත් විය.

කාන්තාවට උරුම වන භාරදූර වගකීම් සියල්ලක්ම දරද්දී පවා සිය අරමුණ වෙනුවෙන් කැපවූ ඇයත්, ඇයවන් දිරිය කතකට ජවය දුන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් සැබැවින්ම සමාජයට ආදර්ශයක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports