චරිතාංග නිලියක් ලෙස මම සමහර ආකර්ශනීය දර්ශන වල රඟ පෑවා.. තරින්දිගෙන් ආන්දෝලනාත්මක කතාවක්…

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට පුංචි තිරයේ විවිධ නිර්මාණත් එක්ක නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය සම්මානනීය රංගන ශිල්පී තරින්දි ප්‍රනාන්දු. ඇය පුංචි තිරයට විතරක් සීමා..

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට පුංචි තිරයේ විවිධ නිර්මාණත් එක්ක නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය සම්මානනීය රංගන ශිල්පී තරින්දි ප්‍රනාන්දු.

ඇය පුංචි තිරයට විතරක් සීමා වුණු රංගන ශිල්පිනියක් නෙමෙයි.

මෑතකදී අතිශය සාර්ථක අන්දමින් විකාශය වූ my red comrade කියන චිත්‍රපටය හරහාත් ඇය ප්‍රේක්ෂකයන් හමුවට ආවා.

මේ චිත්‍රපටය ඇයගේ රංගනය පිළිබඳව බොහෝ දෙනා කතා කරා.

මොකද මේකෙ ඇය නිරුවත් දර්ශනයකට පෙනී සිටින නිසා.

මෙතෙක් කාලයක් බොහෝ දෙනා ආදරය කරපු චරිත රඟපාපු ඇය එකවරම නිරුවත් දර්ශනයකට පැමිණීම නිසා ප්‍රේක්ෂකයන් ඒ පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තා.

තරින්දි නම් ඒ ගැන කිව්වේ ඊටත් වඩා වෙනස්ම විදිහේ කතාවක්.

“My red comrade චිත්‍රපටය තුළ මගේ නිරුවත් දර්ශනයක් අඩංගුවෙලා තියනවා. රංගනයෙදි මට සීමා මායිම් ප්‍රතිපත්ති තියනවා හැබැයි my red comrade කියන්නෙ මගේ සීමා මායිම් ප්‍රතිපත්තිවලින් එහාට නොගිය නිර්මාණයක්. චිත්‍රපටයේ ගුණාත්මක තත්ත්වයත් එක්ක ඇත්තටම ඒ නිරුවත් දර්ශනය එච්චර බරපතළ එකක් නෙමෙයි. ලංකාවෙ කාන්තාවක් චිත්‍රපටයක නිරුවත් දර්ශනයක රඟපානවා කිව්වහම ඒ ගැන විශාල වශයෙන් කතාබහ වෙනවා වගේම මඩ ප්‍රහාරවලට ලක්වෙන තත්ත්වය වැඩියි. එවැනි අභියෝගාත්මක තත්වයක් උඩ චරිතාංග නිළියක් කියන පද⁣නමේ ඉඳගෙන නිරුවත් දර්ශනය රඟපාන්න එකඟවුණේ චිත්‍රපටය මගින් ප්‍රේක්ෂකයන්ට දෙන පණිවිඩයේ වටිනාකම නිසා. නිළියක් විදිහට මම සංස්කෘතියෙන් පිටපැනලා රඟපානවා කියන එකට උත්තරෙත් my red comrade තුළ තියනවා”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports