ආදරේට වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඒ ආදරේ එදා වගේම අදටත් දළුලනවා. ආදරේ ගැන ඇසුනු අපූරු කතාවක් මෙන්න…

ආදරවන්තයන්ගේ දිනය සමරනදා තවමත් පෙම්වතුන් ලෙස ආදරයෙන් ජීවිතය ගෙන යන අපූරු අඹුසැමි යුවළක් අපට හමුවූයේ අනුරාධපුර කලාවැව විජිතපුර ගම්මානයෙනි. ඔහු නමින් විල්මඩ් නානායක්කාර (86) වූ..

ආදරවන්තයන්ගේ දිනය සමරනදා තවමත් පෙම්වතුන් ලෙස ආදරයෙන් ජීවිතය ගෙන යන අපූරු අඹුසැමි යුවළක් අපට හමුවූයේ අනුරාධපුර කලාවැව විජිතපුර ගම්මානයෙනි.

ඔහු නමින් විල්මඩ් නානායක්කාර (86) වූ අතර, ඔහුගේ ආදරණීය බිරිය රත්නාවතී වීරක්කොඩි (80) ය.

”මේ දෙන්නා හරියට කුරුල්ලයි කිරිල්ලියි වගේමයි”ගමේ ඇත්තෝ ඔවුන් දෙදෙනාට කියන්නේ එහෙමයි. මේ කතාවේ විශේෂත්වය නම්, රත්නාවතී වීරක්කොඩි මහත්මිය වසර ගණනාවක සිට අංශභාග රෝගය වැලඳී රෝද පුටුවට වී කාලය ගෙවීමත් සිය බිරියගේ සෝ සරතැස නිවාදැමීමට විල්මඩ් මහතා කරන්නේ ගීත ගායනා කිරීමත් වීමය.

තම සැමියාගේ ගීත ගායනයට රෝද පුටුවේ සිටි ඇයද තාලය අල්ලන්නේ හරි අපූරුවටය. මේ දෙන්නාගේ අපූරු සුසංයෝගයට කුරුල්ලයි කිරිල්ලියි යනුවෙන් ගමේ උදවිය කියන්නේ ඒ නිසාමය. දරුවන් පස් දෙනකුගේ ආදරණීය මව්පියන් වන මේ දෙපළ කොතෙක් ආර්ථික දුෂ්කරතා හමුවේ වුව ද සිය දරුවන් සමඟ විනෝදයෙන් කල් ගෙවන බව ද වාර්තා වෙයි.

”අපි දෙන්නගේම විනෝදාංශය තමයි සින්දු කියන එක. මගේ නෝනාගේ අසනීපවලට එකම ප්‍ර‍තිකාරේ මේ සින්දු කියන එක. අපේ පැත්තේ හිතවත් නෝනා කෙනෙක්ගේ යෝජනාවකට මං මගේ නෝනාව කැන්දාගෙන ආවේ කුරුණෑගල ඉඳලා. එතකොට එයාට වයස අවුරුදු 16යි. අපි දවස් හතරක් මඟුල් කෑවා. වාහන අටකින් පෙරහර කුරුණෑගල ඉදලා මෙහෙට ආවේ.” සිය අතීතය ආවර්ජනය කරමින් විල්මඩ් මහතා අප සමඟ කීවේය.
”විල්මඩ් මහත්තයා ගමේ පොදු වැඩවලට පවා යහපත් සිතින් සහභාගී වෙන කෙනෙක්.මූණේ තිබෙන හිනාව බලන්නකෝ.මේ ගමේ ගොඩක් අය එයාගේ සින්දු අහන්න ඒ ගෙදරට යනවා. තාමත් මෝටර් සයිකලයෙන් ටවුන් එකට ගිහින් එයාලගේ වැඩ කර ගන්නවා. එයා තමයි එයාගේ නෝනව බලා ගන්නේ” ප්‍රදේශවාසීහු මේ දෙපළ ගැන කීවේ එලෙසිනි.

අද වන විට සමාජයේ ඇතැම් අඹුසැමියන් මෙන්ම පෙම්වතුන් හැසිරෙන ආකාරය ගැන සැලකීමේදී මේ පින්වත් අඹුසැමියන් ඔවුන්ට ගෙනෙන්නේ ආදර්ශයක්ම නොවේද?

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports