ජනපති අනුර වෙනුවෙන් දෙරණේ දිලීකාගේ පපුව උණු වෙයි

ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුව ඇමතූ පළමු දිනයේදී ඔහුගේ වේශ නිරූපණය කරල ලද අය විසින් ඉතා කළු පාටක් මතුවන ලෙස සිදුකර තිබූ බව දෙරණ නාලිකාවේ..

ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුව ඇමතූ පළමු දිනයේදී ඔහුගේ වේශ නිරූපණය කරල ලද අය විසින් ඉතා කළු පාටක් මතුවන ලෙස සිදුකර තිබූ බව දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී සඳහන් කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ජනාධිපතිවරයාගේ ඇඳුමේ සිදුවූ සුළු අත්වැරදීමක් සම්බන්ධයෙන් සමාජ ජාල වල පළවන වාර්තාවන් සම්බන්ධයෙන් සිය නොසතුටු පළ කරමින් ඇයමෙවන් සටහනක් තම සමාජ ජාල ගිණුමේ තබා ඇත.

 

*

ජනාධිපතිවරයා යනු මුළු රටේම ජනාධිපති ඔහුගේ පෞරුෂය අදාලවෙන්නෙ මුළු රටටම.මේ ගැන කිසිම සැලකීමක් නැති ඔහුගේ ළඟ ඉන්න අය මේ ගැන දැනුවත් කරලා ටිකක් සැලකිලිමත්ව ඉන්න වෙයි කියලා ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන මගේ මිතුරෙක්ට මං කිව්වේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ.

එදා ඔහුව වේශ නිරූපණය කරලා තිබ්බ මනුස්සයා කට්ට කළු මේකප් එකක් දාලා ජනාධිපතිගේ මූණේ තියෙන ඔහුටම ආවෙණික උන ළපේ පවා මකල තියෙන හැටි දැක්කම මං අර මිතුරට කිව්වා අනේ කරුණාකරලා ජනාධිපතිවරයාගේ ළඟ ඉන්න,ඕව බලන අයට ඕක කියන්න කියලා.

මොකද ආණ්ඩුව පත්වෙච්ච ගමන් අපිත් හිතුවනේ මේක මාර වෙනසකට ලක් කරයි කියලා.ඉතිං අපි හිතුවා එතුමගේ පෞරුෂය පවා රැකෙන්න ඕනෙ කියල.

පස්සේ පස්සෙ සිද්ධ වෙන අලකලංචිත් එක්ක බලනකොට ඔය කොන්ඩේ, මේකප් එක,බොත්තම කියන්නේ මොකක්ද?

කොහොම වුනත් ලංකාවෙ හිටපු රාජ්‍ය නායකයෝ අතරේ ඇඳුම ගැන සැලකිල්ලක් තිබ්බෙම නැති කෙනා මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ.පිට පෞරුෂය ගැන උපරිමයෙන්ම හිතපු කෙනා මං හිතන්නෙ මහින්ද රාජපක්ෂ.

ගෝඨාභය ,චන්ද්‍රිකා,සිරිමාවෝ මැතිණිය උනත් හරිම ලස්සනට අඳින පළඳින මිනිස්සු විදියට මතක හිටින චරිත.

දන්න කියන අනුරු කුමාර දිසානායක කියන්නෙත් ඇත්තටම පිළිවෙලට අඳින පළඳින මනුස්සයෙක්.මොකක් හරි අතපසුවීමකින් මෙහෙම වෙනවා නම් ඇත්තටම ඒකට වගකියන්න ඕනේ එතුමගේ පුද්ගලික කාර්ය මණ්ඩලය.

දෙනෝ දාහක් ඉදිරියේ ෂර්ට් එකේ බොත්තම් ගලවලා ආයි මාරු කරලා හදාගන්න තැනට එතුමාව පත නොකරන්න වගකීම තියෙන්නේ ඔවුන්ට.සිද්ධිය හරිම පොඩි එකක් උනාට පින්තුර ශෙයාර් කර කර කාටහරි උසුළු විසුරු කරන්න පුළුවන් නම් ඊට වැඩිය දෙයක් නෑ කියලා හිතෙන සමාජයකනේ අපි ඉන්නේ.

ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැටෙන කලිසමට හිනා වෙච්ච අය ගැනත්,වර්තමානයේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ බොත්තමට හිනා වෙන අයත් දෙගොල්ලොම මටනම් පේන්නේ එකම විදියට.

(බොත්තම මාරු වෙච්ච පින්තූරෙ බුකිය පුරා හැම තැනම තිබ්බත් ඒ පින්තූරය නොදා පහළ පින්තූරිය යොදා ගත්තෙත් හේතුවක් ඇතුව.මොකද ඔය පින්තූරෙ උඩ පැන පැන ශෙයාර් කරන අය කෙළ ගහන්නේ උඩ බලාගෙන කියල එයාල දන්නෙනෑ)

ඩිල්කා සමන්මලී….

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports