යූටියුබ් හොල්ලපු එයාලා හැමෝම යහළුවෝ මල්ලි… රටක්ම හිනස්සපු යූටියුබ් තරු එකතු වෙලා කරන සුපිරිම වැඩේ මෙන්න…

ශ්‍රී ලංකාවේ වෘත්තීයමය විහිළුකාරයින් තම අයිතිවාසිකම් වෙනුවෙන් ගොඩනඟන නවතම සන්ධානය කියල අලුත් සන්ධානයක් පසුගිය දවසක පටන් ගත්තා. මෙය නම් කරලා තියෙන්නේ “සභාවේ සිනා” නමින්. මේ..

ශ්‍රී ලංකාවේ වෘත්තීයමය විහිළුකාරයින් තම අයිතිවාසිකම් වෙනුවෙන් ගොඩනඟන නවතම සන්ධානය කියල අලුත් සන්ධානයක් පසුගිය දවසක පටන් ගත්තා. මෙය නම් කරලා තියෙන්නේ “සභාවේ සිනා” නමින්. මේ සන්ධානය නියෝජනය කරන සාමජිකයින් වෙන්නේ අපි හැමෝම වගේ දන්නා ආදරේ කරන පොඩි මල්ලි – චුටි මල්ලි (ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද), ජනා – ප්‍රියා (රංග ජයකොඩි සහ චමල් රත්නායක) , ලකා -සිකා (ලක්මාල් වීරසිරි සහ ශාන් අරෝෂ) සහ සිරිල් අයියා (ජනිත රූපසේන). රටේ සන්ධාන නම් කොච්චර තිබ්බත් මේ සන්ධානය නම් වෙනස් මුහුණුවරක් ගන්නා හැඩක් පෙන්න තියෙනවා. ඒ නිසාම මේ සන්ධානයේ ප්‍රබල සාමජිකයෙක් වන පොඩි මල්ලි (ගාමින්ද ප්‍රියවිරාජ්) එක්ක කළ කතා බහයි මේ.

“සභාවේ සිනා“ වැඩේ පටන් ගන්න කවුද මුලික වෙන්නේ?

මුලින්ම අපිට අදහසක් ආවා මෙහෙම එකතුවෙලා වැඩක් කරන්න ඕනේ කියලා. නමුත් අපි කතාබහ කළාට කෙරුණේ නැහැ. හැබැයි ඒක ක්‍රියාන්විතයක් බවට පත් වුණේ සුදේව හෙට්ටිආරච්චිගේ Adam & Eve ආයතනය තුළින්.

“සභාවේ සිනා” එකට මෙන්න මේ කට්ටිය තමයි එකතු කර ගන්නේ කියන තේරීම කරන්නේ කවුද?

ඒකට නම් මැදිහත් වුණේ අපි අපිමයි. ජනා ප්‍රියා, ලකා සිකා එක්ක සහ සිරිල් අයියා එක්ක කතාවෙලා තමයි මේ තීරණයට ආවේ. ඒක තනි අදහසක් නිසා ඇති වූවක් නෙවෙයි. පොදුවේ කතාබහ කරලා ගත්ත තීරණයක්.

මෙහි ආකෘතිය ගැන කෙටියෙන් කිව්වොත්?

මුලින්ම අපි දෙන්නා පොඩි මල්ලි සහ චූටි මල්ලි එක කොටසක් කරනවා. ඊට පස්සේ ජනා ප්‍රියා සහ ලකා සිකා එක කොටස බැඟින් කරනවා. එතකොට සිරිල් අයියා තමයි මේ තුනේම නිවේදකයා විදියට වැඩ කරන්නේ. ඒ එක්කම අවසානයේ අපි කට්ටියම එකට එකතුවෙලා කරන අංග දෙකක් තියෙනවා.

 

ලංකාවේ සිමිත ප්‍රසංග ප්‍රමණයක් ද පවත්වන්නේ?

ඔව්. අපි ලංකාව තුළ විශාල වශයෙන් ප්‍රසංග පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයාට හොඳ පහසුකම් යටතේ වායුසමිකරණය කරන ලද ස්ථානයක පුටුවක වාඩි වෙලා රසවිඳින්න පුළුවන් තැනක පමණයි මෙම ප්‍රසංගය පවත්වන්නේ කියන තීරණය මුල ඉඳන් ගත්තා. එහෙම නැතුව පාසල් වේදිකාවල වගේ ගමින් ගමට දිගටම කරන් යන්න නම් බලාපොරොත්තුවක් නැහැ.

දැන් තියෙන සමාජ තත්වය එක්ක අලුතින් එන කොමඩි කන්සෙප්ට් ගැන මොකද හිතෙන්නේ?

අපි කොමඩි කියලා විකාර කරන එක වෙනස් කරන්න ප්‍රවේශයක් ගත්තා. ඒක හොඳ තැනකට ආවා. කොමඩි කියන එක sense of humor කියන එකට හරවන්න මහන්සි වුණා. ඒ කියන්නේ මූණ ඇද කරලා කට ඇද කරලා කතා කරන එකෙන් එහාට ගිහින්. නමුත් ආපහු අර පරණ එකම ආයෙම අරගෙන එන්න උත්සහ කරනවා. ඒක තමයි දැන් තියෙන ප්‍රවණතාව.

අවසාන වශයෙන් ප්‍රේක්ෂකයාට කියන්න දෙයක් ඇතිද?

මේ තුළ කණ්ඩායම් කිහිපයක් හිටියට අපි අතර කිසිම තරගයක් නැහැ. තියෙන්නේ අපි හැමෝම එක්ව කරන වෙනස් විදියේ වැඩක්. එක එක්කෙනාගෙන් ඔබ දැකලා තියෙන මුලික ගුණාංග දකිමින් ඒ අයගේ හැඩයන් එක්ක තවත් වෙනස් වූ හැඩතල දකින්න ලැබෙන වෙනස් වැඩක්. පොදුවේ ඇරයුම් කරන්නේ එන්න ඇවිත් මේ “සභාවේ සිනා” රසවිඳින්න.

අනුෂා රණසිංහ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports