වසර 12කට පසු යළිත් කාංචනා මෙන්ඩිස් සිනමා පටයකින් රංගන ජීවිතයට

කාලයක් තිස්සේ රංඟනයෙන් ඇස නොගැටුණාට ‘කාංචනා මෙන්ඩිස්’ කියන නම කිසිදා අමතක නොවන නමක්…. ඒ තරමට ඇය එකල දිනූ ජනප්‍රියත්වය අති මහත්. විවාහයත් එක්ක විදෙස්ගතව වෙසෙන..

කාලයක් තිස්සේ රංඟනයෙන් ඇස නොගැටුණාට ‘කාංචනා මෙන්ඩිස්’ කියන නම කිසිදා අමතක නොවන නමක්…. ඒ තරමට ඇය එකල දිනූ ජනප්‍රියත්වය අති මහත්. විවාහයත් එක්ක විදෙස්ගතව වෙසෙන ඇය, ඉඳහිටක ලංකාවට ඇවිත් යන්නත් අමතක කරන්නෙ නෑ….

මෑතකදිත් කාංචනා එහෙම ඇවිත් ගියා ඔබට මතක ඇති. ඒ කොහොම නමුත් ඇයට ආදරේ කරන කවුරුත් බලාපොරොත්තුවෙන් ඉන්න කාරණාවක් තමයි, ඇයව යළි නිර්මාණ ඔස්සේ දැකබලා ගන්න එක.

May be an image of 3 people

ඔන්න එහෙම බලාපොරොත්තු ඇතිව ඉන්න කාටත් සුබ ආරංචියක් කාංචනාගේ සහෝදරියක වන අසිතා මෙන්ඩිස් සිය මුහුණු පොතේ සටහන් කරලා තිබුණා…. ඒ සේයා රූ ගොන්නක් එක්ක. ඇයගේ සටහනට අනුව නම්, ඉදිරියේදී කාංචනා මෙන්ඩිස්ව අපට සිනමාව ඔස්සේ දැකබලාගත හැකියි.

May be an image of 2 people, beard and people smiling

ඒ, ජයන්ත චන්ද්‍රසිරිගේ “The Hidden City” තුළින් බවයි ආරංචිය. කාංචනාගේ මේ ආගමනය වසර 12කට පසු වීම, සුවිශේෂී කාරණයක්.

වාර්තා වන හැටියට, චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවන්නේ ලන්ඩන් නුවර. එතුළින්, ඔබට සිංහල සිනමාවේ වර්තමාන සුපිරි තරුව වන හේමාල් රණසිංහවත් දැකබලා ගත හැකියි.

May be an image of 8 people and table

May be an image of 6 people and people smiling

කොහොම නමුත් මෙම නිර්මාණය තුළ අපේ රටේ ප්‍රකට රංගන ශ්ල්පීන්, ශිල්පිනියන් රැසක්ම දැකගන්නට ලැබෙන බව නම් විශ්වාසයි. ඒ වගේම නිර්මාණ කටයුත්ත සඳහාත් ලංකාවේ දක්ෂයින් පිරිසක්ම එකතුවෙලා ඉන්න බවත් දකින්නට ලැබෙනවා.

May be an image of 4 peopleMay be an image of 3 people, television, lighting and text

May be an image of 3 people and people smilingMay be an image of 2 people, beard and people smiling

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports