” හැමදාම එකම විදිහට ජනප්‍රියත්වය රඳා පවතින්නෙ නැහැ. හැම දෙයක්ම දරාගන්න ඕනේ..” උතුම් පැතුම් ටෙලියෙන් ජනප්‍රිය වූ ඇය අද කියන කතාව…

උතුම් පැතුම් ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි ඇය මේ වන විට පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම නර්තන ශිල්පිනියක්. කාලයක් ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසද කටයුතු..

උතුම් පැතුම් ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි ඇය මේ වන විට පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම නර්තන ශිල්පිනියක්. කාලයක් ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසද කටයුතු කළා. දිනෙන් දින තමන් ගෙ ජනප්‍රියත්වය ඉහළට රැගෙන එන්නට සමත්කම් දැක්වූ ඇය රුක්ෂානා දිසානායක. මේ ඇය සමග අපි කළ කතාබහක සටහනයි,
පවුලේ විස්තර මොනවද?
මගේ පවුලෙ අම්මයි, තාත්තයි, මල්ලී, මමයි ඉන්නෙ. අම්මා තැපැල් ස්ථානාධිපතිවරියක් ලෙස සේවය කරනවා. තාත්තා ව්‍යාපාරයක් කරනවා. මල්ලි තාත්තගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා.

රංගන ශිල්පිනියක් වීම ඔයාගෙ සිහිනයක්ද?
ඔව්, මම කුඩා කාලයේ සිටම රංගන ශිල්පිනියක් වීමට බලාපොරොත්තුවෙන් සිටියා. එහෙම නොහැකි වුණොත් ගුරුවරියක් වෙන්නයි හිතුවෙ.

නර්තනයෙත් යෙදෙනවා නේද?
ඔව්, මට නර්තන පාසලක් තිබෙනවා. ඒ වගේම නර්තන කණ්ඩායමක් සිටිනවා. ඒ වැඩ කටයුතුත් සමග රංගන කටයුතුත් කරනවා.

ඒ කියන්නේ ඔබේ වෘත්තිය කලාවමද? වෘත්තීය කලා ශිල්පිනියක්වීම ගැටලුවක් නෙවෙයිද?
ඔව්, මගේ වෘත්තිය කලාව තමයි. වෘත්තීය රංගනය, නර්තනය කරගත් හුඟක් අය ඉන්නවා. ඉස්සරත් හිටියා අදත් ඉන්නවා. රංගනය පිළිබඳ හොඳින් හදාරලා තමන් කරන චරිතය වෙනුවෙන් කැපකිරීම් කරලා අවංකව වැඩ කළොත් ගමනක් යන්න පුළුවන්. තමන් කරන වැඩේට මූලිකත්වය දීලා වැඩ කළාම රංගනය තම වෘත්තීය කරගැනීමේ ගැටලුවක් නැහැ.

සමහරු කියනවා නේද රංගන ක්ෂේත්‍රයේදි තමන්ගේ නම රැකගන්න අමාරුයි කියලා, ඔයා මොකද ඒ ගැන හිතන්නෙ?
මට හිතෙන විදියට හැම දෙයක්ම ගැන ඕනෑවට වඩා ආශාව ඇති කරගත්තොත් තමයි අපිට කරදර වලට මුහුණ දෙන්න වෙන්නෙ. ඒ වගේම අපේ දක්ෂතාවයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන්න ඕනෑ. හොඳින් අධ්‍යයනය කරලා අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් අපි ප්‍රතික්ෂේප වෙන්නෙත් නැහැ. කාන්තාවන් විදියට අපේ ආත්ම ගරුත්වයත් රැකගන්න පුළුවන්. ඒ වගේම හොඳ අධ්‍යාපනයක් සහ ශක්තිමත් ආර්ථිකයක් මගින් කාන්තාවකට ආත්මාභිමානයෙන් ඕනෑම තැනක බැබළෙන්න පුළුවන්.

ජනප්‍රියත්වය හැමදාම රැකගන්න පුළුවන් වේවිද?
හරිම අමාරුයි රැකගන්න. හැමදාම එකම විදිහට ජනප්‍රියත්වය රඳා පවතින්නෙ නැහැ. අපි කරන චරිත අනුව අපේ ජනප්‍රියත්වය ඉහළ පහළ යනවා. එම නිසා ජනප්‍රියයි කියලා පුහුමානයෙන් ඉන්නෙ නැතිව නිහතමානීව ජීවත් වෙන්න ඕනෑ. එවිට හැම දෙයක්ම දරාගන්නත් පුළුවන්.

ඔබත් පෙම්වතියක් නේද? පෙම්වතාව තෝරා ගනිද්දි මොනවද බලපු සුදුසකම්?
පළමුවෙන්ම ඔහුගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න කලින් අපි ඔහුට අවංක විය යුතුයි. ඔහුගේ විශ්වාසය රැකිය යුතුයි. ඔවුන් කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. පිරිසුදුකම පිළිවෙළ ඔහුගේ වැඩකටයුතුවලට සහයෝගය දක්වන්න වැනි දේවල් පිරිමියෙක් කාන්තාවගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් අපි නිසියාකාරව ඉටු කළහොත් ඔහුගේ ලැබෙන්න ඕනෑ දේවල් අපිට ඉබේම ලැබෙනවා. කාන්තාවක් විදියට මමත් ඔහුගෙන් බලාපොරොත්තු වෙන දේවල් කිහිපයක් තිබෙනවා. මුලින්ම මගේ වෘත්තිය ගැන අවබෝධය තිබිය යුතුයි. ඒ වගේම දියුණුවීම සඳහා කරන වැඩකටයුතුවලදී මට සහයෝගය දැක්විය යුතුයි. ඒ වගේම මාව ආදරයෙන් බලා ගත යුතුයි.

ළඟදිම විවාහ වෙනවද?
මේ වසරේ විවාහ වෙන්න බලාපොරොත්තුවකින් තමයි ඉන්නෙ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports

You May Have Missed