කළු නිසා නිළියන් ප්‍රතික්ෂේප කර තිබියදී පවා බොලිවුඩ් වාර්තා අලුත් කළ බ්ලොක්බස්ටර් නළුවා ගැන දන්නවද ?

සිනමාවෙදී රංග ප්‍රතිභාවට සමාන්තරව අත්‍යාවශ්‍යම සාධකය වන්නේ පෙනුමයි. රංගනය වෘත්තිය කර ගත් බහුතරය සිය පෙනුම පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන්නේ ඒ නිසාය.

රංගනයට බෙහෙවින්ම ප්‍රිය කළ ද තමන්ට උපතින් ලද පෙනුම නිසා කිසිවිටකත් හින්දි සිනමාවේ ප්‍රධාන වීරයා විය නොහැකි බව සිතූ නළුවා වූයේ මිතුන් චක්‍රබෝර්තිය. මිතුන් බොලිවුඩයට පැමිණියේ ඔහුට වීරයා වීමට නොහැකි යැයි සිතූ නිසා දුෂ්ටයෙකු ලෙස ගමනක් යාමටය. ඔහු ඒ තරමට ඔහුගේ සමේ පැහැය නිසා පීඩා වින්ද නලුවෙකි.

සමේ වර්ණය පිළිබඳ අනපේකිෂිතත්වය නිසාම මිතුන් සමඟ ප්‍රධාන චරිත්යා කිරීමට එකළ ප්‍රධාන ධාරාවේ නිළියන් කිහිප දෙනෙකුම ප්‍රතික්ෂේප කළ බව මිතුන් වරක් ප්‍රකාශ කර තිබුණා. “සමහර නිළියන් මාත් එක්ක වැඩ කරන්න බැහැ කියලා කිව්වම මම හිතුවේ මට කවදාවත් B ශ්‍රේණියේ නළුවෙක් වෙලා A ශ්‍රේණියේ නළුවෙක් වෙන්න බැරි වෙයි කියලා”

මිතුන් චක්‍රබෝර්ති එක්තරා සම්මුඛ සාකච්ඡාවක දී පැවසුවේ ඔහුගේ සමේ පැවති අඳුරු හා සංකීර්ණතා කිහිපයක් එසේ ප්‍රතික්ෂේප වීමට හේතු වූ බවයි. “මගේ රුව එබඳු වූ නිසා මටත් ඒ ගැන සංකීර්ණතා මතුවුණා. ඉතින් මම හිතුවා මට මගේ සමේ පැහැය වෙනස් කරන්න බැහැ. නමුත් මට චිත්‍රපටවල දුෂ්ට චරිතයක් කරන්න පුළුවන් කියලා. මම ෆිල්ම් ඉන්ස්ටිටියුට් එකට ගිහින් හොඳ පුහුණුවක් ලබලා ආපහු ආවා.”

ඔහු 1976 දී Mrigayaa චිත්‍රපටයෙන් සිය මංගල දර්ශනය ආරම්භ කළ අතර හොඳම නළුවාට හිමි ජාතික සම්මානය දිනා ගත්තා. 1982 බ්ලොක්බස්ටර් Disco Dancer සමඟ ඔහුගේ වෘත්තීය ජීවිතය නොසිතූ ලෙස උස ගියා. චිත්‍රපටයක දුෂ්ඨයකු ලෙස රඟපෑමට මුම්බායි වෙයි ගිය මිතුන්ට ප්‍රේක්ෂකයින් එතරම් අකාරුණික නොවීම ඊට හේතුවයි. Disco Dancer ගෝලීය වශයෙන් රුපියල් කෝටි 100ක් උපයා ගැනීමට සමත් වුණා. එම සන්ධිස්ථානය අත්පත් කරගත් පළමු ඉන්දියානු චිත්‍රපටය එයයි.. පසුව කර්මාන්තයේ ‘ඩිස්කෝ ඩාන්සර්’ ලෙස මතුවූ මිතුන් චක්‍රබෝර්ති දිගු චිත්‍රපට ලැයිස්තුවක් ඉදිරියේ තමන්ගේ නම ලියා ගත්තා. හැබැයි ඒ හැමෝම ප්‍රතික්ෂේප කරපු දුෂ්ඨයා විදියටම නෙවෙයි ප්‍රේමණීය වීරයා විදියට. ඔහු පිට පිට චිත්‍රපට 19ක් සඳහා Limca Book Records (Limca Book of Records යනු ඉන්දියානුවන් සතු ලෝක වාර්තා ලේඛනගත කරමින් ඉන්දියාවේ ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික විමර්ශන පොතකි.) හි වාර්තාව තබා ඇති අතර, එම වාර්තාව බොලිවිඩයේ කිසිම නළුවෙකුට බිඳ දැමීමට හැකියාවක් ලැබී නැහැ.

එපමණක් නොව, එය ලොව පුරා රුපියල් කෝටි 35ක් ඉපැයූ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වූ ෂෝලේ වාර්තාව බිඳ දමනු ලැබුවා. Sholay චිත්‍රපටය සෝවියට් සමූහාණ්ඩුව ඇතුළු විදේශයන්හි ද සාර්ථක වූ අතර එය එවකට වැඩිම ආදායමක් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටය වුණා.

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 335 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 53 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 727 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1103 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 13 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 112 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…