නීතීඥ වෙස් ගත් ඔහු උසාවියට තුවක්කුව රැගෙන ආවේ මෙන්න මෙහෙමයි..

සිද්ධිය පිටුපස තවත් සැඟවුණු කතා බොහෝමයක් ඇති.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියයි.. නීතිඥ වෙස්ගත් ඔහු අධිකරණ භූමියට තුවක්කුවක් රැගෙන ආවේ කොහොමද..? පුද්ගලයා..

සිද්ධිය පිටුපස තවත් සැඟවුණු කතා බොහෝමයක් ඇති.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියයි..

නීතිඥ වෙස්ගත් ඔහු අධිකරණ භූමියට තුවක්කුවක් රැගෙන ආවේ කොහොමද..? පුද්ගලයා පොතක් තුළ ඉතා සූක්ෂම ආකාරයෙන් ගිනිඅවිය රඳවා ගෙන ආ බවට මේ වන විට තොරතුරු හෙළි වී තිබෙනවා..

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අද (19) උදෑසන එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ගනේමුල්ල සංජීව ජීවිතක්ෂයට පත්වීමට අදාළ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) භාර දී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පවසනවා…

නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ…

වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමිකයේ තිබී සොයාගෙන ඇති බව සඳහන්…

සංජීවට වෙඩි උණ්ඩ හයක් පමණ වැදී ඇති බවට අනාවරණය වී ඇති අතර ඔහු ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා…

නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිටයි අධිකරණය වෙත රැගෙනවිත් තිබුණේ…

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර ඇති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports