නුවර ටවුමේ කරක් ගහන මේ හොර කාන්තා කල්ලියෙන් පරිස්සම් වෙන්න… සම්පූර්ණ විස්තරේ මෙන්න.

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර කල්ලියේ කාන්තාවන් පිරිසක් සිටින බවටයි තොරතුරු ලැබී..

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා.

එම සොර කල්ලියේ කාන්තාවන් පිරිසක් සිටින බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මේ ආකාරයට මහනුවර, කටුගස්තොට, යටිවාවල ප්‍රදේශයෙන් සැක සහිත කාන්තාවන් කණ්ඩායමක් දින පතා බස්රථවලට ගොඩවෙන බව බස් රථ සේවකයින් පවසනවා.

ඊට අමතරව මහනුවර සිට කටුගස්තොට දෙසට යන මාර්ගයේ මහයියාව ප්‍රදේශයෙන්ද එවැනි සැකසහිත පිරිස් බස් රථවලට ගොඩවෙන බව බස් රථ සේවකයින් පෙන්වා දෙනවා.

ඒ අනූව කටුගස්තොට – මහනුවර අතර සහ බස්‍ රථවල මහනුවර ගමනාන්තය වන, බෝගම්බර, පොදු වෙළඳපොළ,ටොරින්ටන් සහ ඔරලෝසු කණුව ආශ්‍රිත ප්‍රදේශයේදී බහුලව මෙම සොරා ගැනීම සිදුවන බවයි පැවසෙන්නේ.

මේ අතර බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරු පවසන්නේ මහනුවර සිට කුරුණෑගල හා මාතලේ පාර හා එහි අතුරු මාරගවල ධාවනය කෙරෙන බස් රථ ආශ්‍රිතව මෙවැනි සොරා ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

2025 වසරේ ගතවූ දින 49 තුළ ජංගම දුරකතන සොරා ගැනීම සම්බන්ධ පැමිණිලි 100 ඉක්මවා ලැබී ඇති බවයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසන්නේ.

මීට අමතරව පැමිණිලි නොකළ සිදුවීම රැසක් තිබෙන්නට හැකි බවද පොලිසිය පවසනවා.

මේ අතර මහනුවර නගරයේ සිට තදාසන්න නගර හා ගම්ප්‍රදේශවලට යන මගී බස් රථවලදී වැඩි වශයෙන් මෙම සිදුවීම් වාර්තා වන බව පැවසෙනවා.

මෙසේ ජංගම දුරකතන සොරා ගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් දැනටමත් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා තිබෙන අතර කටුගස්තොට සහ අලදෙණිය පොලිසිවල අවධානය යොමුවිය යුතු බවයි බස් රථ සේවකයින් පෙන්වා දෙන්නේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports