සිය පුතාගේ වෙන්වීමෙන් දුක්විදින සුපිරි ක්‍රිකට් තරුව ගැන දුක්බර කතාව මෙන්න

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන් මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවක් අතර සිය පුතුට කතා කිරීමටවත් නොහැකි ඔහුගේ ජීවිතයේ ඛේදජනක පැතිකඩක් පිළිබඳ හද සසල කරවන අනාවරණයක් කළා.

ශිකර් ධවාන් එහි දී වේදනාත්මකව සඳහන් කළේ සිය පුතුට සන්නිවේදනය කළ හැකි සියලුම මාර්ග අවහිර වී තිබියදීත් තවමත් ඔහුට කෙටි පණිවිඩ යවන බවයි. ශිකර්ගේ පුතු සොරාවර් එම පණිවිඩ කියවනවාද නැද්ද යන්නවත් නොදැන ඔහු දිගින් දිගටම පණිවිඩ තබන බව අනාවරණය කළේ සියලු දෙනා කම්පාවට පත් කරමිනි. සෑම දින තුන හතරකට වරක් ශිකර් අඛණ්ඩව පණිවිඩ තබන බව මෙහිදී පැවසුවා.

“මට ඔහු සතුටින් හා නිරෝගීව සිටීමට අවශ්‍යයි. මාව අවහිර කළත් මම තවමත් සෑම දින තුනකට හෝ හතරකට වරක් ඔහුට පණිවිඩ යවනවා. ඔහු ඒවා කියවයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු ඒවා කියවන්නේ නැත්නම් මට කමක් නැහැ. ළඟා වීම මගේ කාර්යයයි. මම එය දිගටම කරගෙන යනවා”
තම පුතාගෙන් වෙන්වීමේ වේදනාව ගැන විවෘත වූ ඔහු 11 හැවිරිදි සොරාවර්ව වසර දෙකක් තිස්සේ දැක නැති බවත්, පසුගිය වසර පුරා ඔහු සමඟ කතා කිරීමට නොහැකි වූ බවත් හෙළි කළා.

39 හැවිරිදි ධවාන් දික්කසාදයෙන් පසු ඔහුගේ ජීවිත අරගලය සහ වේදනාවන් මුදා හරිමින් “මම මගේ පුතාව දැකලා අවුරුදු දෙකක් ගත වෙලා, හැමතැනින්ම මාව අවහිර කරලා තියෙන නිසා මම අවසන් වරට ඔහුට කතා කරලා අවුරුද්දක් ගත වෙලා. ඒක අමාරුයි. නමුත් ඒ සමඟ ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. මට ඔහුව මග හැරෙනවා. එහෙත් ඔහු සමඟ අධ්‍යාත්මිකව කතා කරනවා” යැයි සඳහන් කළා.

2012 වසරේදී විවාහ වූ ශිකර් ධවාන් සහ බිරිඳ ඒෂා මුඛර්ජි 2023 ඔක්තෝබර් මාසයේදී දික්කසාද වූයේ ඔවුන්ගේ වසර 11 ක විවාහය අවසානය සනිටුහන් කරමිනි. එහිදී ක්‍රිකට් ක්‍රීඩකයාට සොරාවර්ගේ භාරකරීත්වය අහිමි වුණා. වීඩියෝ ඇමතුම් හරහා සම්බන්ධ වීමේ අයිතිය ලබා දී තිබියදීත් ඔහුට එසේ කිරීමට ඇති හැකියාවට බාධා එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. දිල්ලි අධිකරණය මෙම යුවළට දික්කසාදය ලබා දී තිබුණේ මානසික කෲරත්වය පිළිබඳ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමිනි. ඒෂා සහ සොරාවර් දෙදෙනාම ඕස්ට්‍රේලියානු පුරවැසියන් වන අතර එහි පදිංචිව සිටින බවයි වාර්තා වන්නේ.

දිල්ලි අධිකරණය සිය තීන්දුවේදී කියා සිටියේ, වසර ගණනාවක් තම එකම පුත්‍රයාගෙන් වෙන්ව ජීවත් වීමට බල කිරීමෙන් ඒෂා, ශිකර් ධවාන්ට මානසික වේදනාවක් ඇති කර ඇති බවයි. “ඔහු (ධවාන්) තමාගේම වරදක් නොමැතිව වසර ගණනාවක් තම පුතාගෙන් වෙන්ව ජීවත් වීමේ දැඩි වේදනාවක් අත්විඳ තිබෙනවා යැයි නීතිඥයන් තර්කකර තිබුණා.

බිරිඳ එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඇය ඔහු සමඟ ඉන්දියාවේ ජීවත් වීමට සැබවින්ම කැමති වුවද පෙර විවාහයෙන් තම දියණියන් කෙරෙහි ඇති කැපවීම නිසා ඇයට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට සිදුව ඇති බවත් ඇයට ඉන්දියාවේ පදිංචියට පැමිණිය නොහැකි බවත් ප්‍රකාශ කර තිබුණා. එයින් ඇයට විවාහයෙන් පසු ඉන්දියාවේ විවාහය ගත කිරීමට නොහැකි වූ බවත් එම නිසා ශිකර්ට සිය දරුවා දැකගැනීමටත් නොහැකිව දැඩි වේදනා විඳීමට සිදුවු බව අධිකරණය ඉදිරියේ තහවුරු වුණා. එහෙත් දරුවාගේ ස්ථිර භාරකාරීත්වය පිළිබඳ නියෝගයක් මෙතෙක් අධිකරණයෙන් නිකුත් කර නැහැ.

ඒ වෙනුවට ඉන්දියාවේදී සහ ඔස්ට්‍රේලියාවේදී ඔහුව හමුවීමට අයිතිය පමණයි ශිකර්ට හිමි වුණේ. ධවාන් සහ ඔහුගේ පවුලේ අය සමඟ රාත්‍රියේ නවාතැන් ගැනීම සහ පාසල් නිවාඩු කාලය තුළ සංචාරය කිරීමේ අරමුණු සඳහා තම පුතා ඉන්දියාවට ගෙන එන ලෙස ද ඒෂාට අධිකරණයෙන් නියෝග කර ඇති බව සඳහන්ය.
“මම දැනටමත් ඔහු සමඟ සිටින බව, ඔහු සමඟ කතා කරන බව, ඔහු සමඟ සෙල්ලම් කරන බව මට දැනෙනවා. මම භාවනා කිරීමට වාඩි වන විට, මම ඒ දේවල් සිතින් මවා ගන්නවා. මගේ පුතාට දැන් වයස අවුරුදු 11 යි.. නමුත් මම ඔහුව දැකලා තියෙන්නේ ඔහුගේ ජීවිතයේ අවුරුදු දෙකහමාරක් පමණයි.”

අවස්ථාවක් ලැබුණොත් තම පුතා සමඟ බෙදා ගන්නා ක්‍රිකට් මතකයන් මොනවාදැයි විමසූ විට ධවාන්ගේ ප්‍රතිචාරය ඉතා හැඟීම්බර වුණා. “මම මුලින්ම ඔහුව වැළඳ ගන්නවා. මම මුලින්ම ඔහු සමඟ කාලය ගත කරනවා. මට ඕන ඔහු කියන දේට සවන් දෙන්න. මගේ ඕනෑම ඉනිමක් ඔහුට පෙන්වීම මට කවදාවත් ඇති වී නැති සිතුවිල්ලක්. මම ඔහුට සවන් දෙන්නම්, ඔහු ගැන දැනගන්න. සමහරවිට ඔහු කඳුළු සැදුවොත් මම ඔහු සමඟ අඬාවි. මම ඔහු සමඟ මගේ කාලය භුක්ති විඳිනවා.”

ශිකර් ධවාන් යනු ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

  • Related Posts

    IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…

    IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි

    මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!

            මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 335 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 53 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 727 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    • By admin
    • April 6, 2026
    • 1103 views
    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    • By admin
    • April 4, 2026
    • 13 views
    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

    • By admin
    • April 4, 2026
    • 112 views
    උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…