“මචං, කෙල්ලව පරිස්සම් කරපන්, මට මොකක්හරි වුණොත් කෙල්ලව රට යවපන්” 20 හැවිරිදි පෙම්වතිය ඔහු ගැන කියූ පුදුම හිතෙන කතාව මෙන්න…

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩිකකරුගේ පෙම්වතිය යැයි පැවසෙන තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා…

තරුෂි දෙවිමිණි නැමති මෙම 20 හැවිරිදි තරුණිය මහරගම සම්බාහන මධ්‍යස්ථානයක් අසලදීයි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, වෙඩික්කරුගේ පාසල් මිතුරෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු තම පෙම්වතියද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බවද අනාවරණය වී තිබෙනවා.

ඒ සඳහා අදාළ තරුණිය මීගමුව ප්‍රදේශයට රැගෙන යාමට විසල් තාරක ලෙස හැඳින්වෙන වෙඩික්කරුගේ මිතුරෙක් මහරගම ප්‍රදේශයට පැමිණ ඇති අතර, ඔහුද මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතර වනවා.

එමෙන්ම, වෙඩික්කරු විසින් මිතුරාට පවසා ඇත්තේ ”මේ මචං, කෙල්ලව පරිස්සම් කරපන්, මට මොකක්හරි වුණොත් කෙල්ලව රට යවපන්” යනුවෙන්.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව සහ ඔහුට වෙඩි තැබූ පුද්ගලයා මීට පෙර කාලයක් තිස්සේ ළඟින් ඇසුරු කල පුද්ගලයින් බව ද නවතම විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.

එසේම එකළ ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙකු ලෙස මෙම වෙඩික්කරු කටයුතු කර ඇති අතර, පසුව දෙදෙනා අතර ඇති වූ විරසකයකින් ඔහු එම කටයුතු වලින් ඉවත්ව ඇති බවද වාර්තා වුණා…

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් පසුව කෙහෙල්බද්දර පද්මේ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශවය එහි වාසිය ගෙන ඔහුගේ සහාය ලබාගෙන තිබෙනවා…

එමෙන්ම, ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ එම ඝාතන සැලසුමට සහාය දැක්වූ කාන්තාව කලක සිට ඉතා සමීප ඇසුරක් පවත්වා ඇති බව ද විමර්ශන වලදී අනාරවණය වී තිබෙනවා…

ඒ අනුව අවස්ථා රැසකදී විවිධ ප්‍රදේශවල ලැගුම්හල් වෙත ගොස් ඔවුන් රැදී සිට ඇති බව සදහන්…

ඝාතනය සිදු කිරීමට පෙර අවස්ථා කිහිපයකදී සැකකරු සහ එම කාන්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණ ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා…

පසුගිය 15 වැනිදා සිට 18 වැනිදා දක්වා අදාළ සැකකාර යුවළ දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක රැඳීසිටි බවටද තොරතුරු අනාවරණය වුණා…

ගනේමුල්ල සංජීව ඝාතනය, දැනට ඩුබායිහි සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැති පාතාල කල්ලි නායකයාගේ මෙහෙය වීමෙන් සිදුව ඇති බව මීට පෙර හෙළි ව තිබුණා…

ඔහුගේ පියා ඝාතනය කිරීමට පලි ගැනීමක් ලෙස සංජීව ඝාතනය කර ඇති බවයි එහිදී අනාවරණය වුණේ…

කෙසේ වෙතත්, ගනේමුල්ල සංජීවගේ හිතවතෙකු බව කියන පුද්ගලයෙකු මියගිය ගනේමුල්ල සංජීවගේ දේහයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සදහන් කර ඇත්තේ අයියේ මේකේ පලිය ගන්නා බවත්, ඔයාට සාධාරණයක් ඉෂ්ඨ කරන බවත් ය..

කෙසේ වෙතත් ඝාතනය වූ ගනේමුල්ල සංජීවගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ බොරැල්ල කනත්තේදී සිදුවුණා..

ඝාතනයට අදාළව තවමත් අතුරුන්ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාර කාන්තාවට සහාය දැක්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මීගමුව පොලිසියේ කොස්තාපල්වරයා ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා..

 

  • Related Posts

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 36 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 503 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 108 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 689 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 88 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 990 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…