අත්හැර දමා තිබූ හිඟුරක්ගොඩ වී ගබඩා සංකීර්ණය වහා පිළිසකර කිරීම අරඹයි

වසර ගණනාවක් අතහැර දමා ඇති හිඟුරක්ගොඩ සතොස වී මෝල් ගබඩා සංකිර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගිය..

වසර ගණනාවක් අතහැර දමා ඇති හිඟුරක්ගොඩ සතොස වී මෝල් ගබඩා සංකිර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගිය සති අන්තයේ දී එක් වුණා.

මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවයකින් යුතු වල් වැදී ඇති මෙම ගබඩා සංකිර්ණය, ඉදිරි මහ කන්නයේ අස්වනු මිලදී ගෙන ගබඩා කිරීම සඳහා ඉතාමත් ඉක්මනින් පිළිසකර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මෙම ගබඩා නැවත භාවිතයට ගැනීම සඳහා පිළිසකර කිරීමට ස්වෙච්ඡා සංවිධාන එකමුතුවක් නොමිලේ තම ශ්‍රම දායකත්වයද ලබා දීමට කැමැත්ත පල කළා.

මෙම අවස්ථාව සඳහා වී අලෙවි මණ්ඩලයේ සභාපති ඇතුලු ආයතනයේ සේවක පිරිසක්ද, සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති, ආහාර කොමසාරිස්වරයා, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති සහ ස්වෙච්ඡා සංවිධාන ඇතුලු ගම්වාසීන් පිරිසක්ද එක්ව සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports