රටම ආදරේ කල ඇයට ලන්ඩනයේදී විරෝධයක්…

වෙනකොට ලොවක් හඳුනන අපේ පුංචි රටෙන් බිහිවූ ගායිකාවක්.. ලොවක් ආදරය කරන ඇයට ප්‍රසංගයකදී විරෝධයක් එල්ල වෙලා.. ඒත් ඒ ඇගේ ගායනයට නම් නෙවෙයි.. මේ කියන්න යන්නේ..

වෙනකොට ලොවක් හඳුනන අපේ පුංචි රටෙන් බිහිවූ ගායිකාවක්..

ලොවක් ආදරය කරන ඇයට ප්‍රසංගයකදී විරෝධයක් එල්ල වෙලා.. ඒත් ඒ ඇගේ ගායනයට නම් නෙවෙයි.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසුණු කතාවයි..

ජාත්‍යන්තරය දිනූ ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා පසුගිය සිකුරාදා ලන්ඩනයේ සංගීත සංදර්ශනයකට සහභාගි වීමට ගිය අවස්ථාවේ කොටි ත්‍රස්තවාදීන්ට හිතවත් කණ්ඩායම් ඇයට විරෝධය පාමින් උද්ඝෝෂණය කර තිබෙනවා.. මෙලෙස විරෝධය පා ඇත්තේ ඇය මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ දියණිය වීම නිසායි..

“ප්‍රසන්න ද සිල්වා යනු ජන සංහාරයකට වරදකරු වන යුද අපරාධකරුවෙකි, ඔහුට ප්‍රශංසා කරන ඕනෑම අයකු ඔහුගේ අපරාධ සඳහා සුදුහුණු ගෑමට උත්සාහ කරයි..” යනුවෙන් දෙමළ ඊළාම් ස්වයං නිර්ණය සඳහා වූ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක එස්. යෝගලිංගම් කොටි හිතවාදී ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියට පවසා තිබෙනවා…

බි්‍රතාන්‍ය දෙමළ තරුණ සංවිධානය නම් කණ්ඩායමක් විසින් යොහානිට එරෙහි විරෝධතාවක් ඇය ප්‍රසංගය පැවැත්වූ ශාලාවට එළියෙන් පවත්වා ඇති බවටයි වාර්තා වෙන්නේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports