මට තාම ආදරේ සුන්දර විදිහට ලැබිලා නැ… ශෙනූ කියන මේ කතාව ඇහුවද ?

මේ දිනවල සාර්ථකව විකාශය වන ආලවන්ති නාට්‍යයේ ශේනුගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ නවක රංගන ශිල්පිනියක් වන නිමාෂා සංදීපනී. නිමාෂා රංගනයට එන්නට පෙර සිටම නිරූපිකාවක්..

මේ දිනවල සාර්ථකව විකාශය වන ආලවන්ති නාට්‍යයේ ශේනුගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ නවක රංගන ශිල්පිනියක් වන නිමාෂා සංදීපනී. නිමාෂා රංගනයට එන්නට පෙර සිටම නිරූපිකාවක් සහ නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කර තිබෙනවා. ශේනුගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන වගේම රංගනයේ ඉදිරි නිර්මාණ ගැන රසඳුන අපි ඇය සමඟ කතා කළා.

ශේනු වෙන්න ලැබුණේ කොහොමද?

නාට්‍යය කරන්න කලින් රූපවාහිනී වෙළඳ දැන්වීම් කරලා තිබ්බා. රංගනයට අත්දැකීම් තිබ්බේ නැහැ. ඒ නිසා බය හිතුණා. මුල් කාලේ ගොඩක් අඩුපාඩු තිබ්බා. හැබැයි ඒ හැම අඩුපාඩුවක්ම හදාගන්න නාට්‍යයේ අධ්‍යක්ෂ සිවගුරුනාදන් සර් ගොඩක් උදව් කළා. ඒ වගේම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ නාට්‍යය නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියාට. චාමර අයියා තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ

ආලවන්ති නාට්‍යයේ ශේනු හරහා රංගනයට එන්න ලැබීම ගැන අද මොකද හිතෙන්නේ

ඒක මට ලැබුණු හොඳ අවස්ථාවක්. මට මගේ පළමු නිර්මාණයෙන්ම ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා.

ඒ එක්කම ඔබ තමයි භාතිය – සන්තුෂ් ගයන කොමලියා ගීතයේ ඉන්නෙත්, ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?

ඒ අවස්ථාව මට ලැබෙන්නේ මගේ ඩාන්සින් ටීම් එක හරහා. ඒකට ස්තූතිවන්ත වෙන්න ඕනේ ගයාන් ශ්‍රීමාල් සර්ට. මම සර්ගේ ටීම් එකේ තමයි ඩාන්සින් කරන්නේ. සර්ගේ ටීම් එකේ දී දැකලා තමයි මට ඒ ආරාධනාව ලැබුණේ. මේ දවස්වල කොමලියාට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.

රංගනයට ආව නිසා නර්තනය මඟ හැරෙයි ද?

නැහැ කවදාවත් ඒක වෙන්නේ නම් නැහැ. ඩාන්සින් කියන්නේ මගේ ජීවිතේම කොටසක්.

පුංචි කාලේ ඉඳන් කලාවට යොමු වෙන්නම ද හීන දැක්කේ?

ඔව්. පොඩි කාලේ ඉඳන් ඕනේ වුණේ ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්න. කලාවට ගොඩක් ආසාවෙන් හිටියේ. අද වෙද්දී ඒ ඒ තැන්වලට ඇවිත් ඉන්නවා.

නිමාෂා සංදීපනී කියන්නේ මොන වගේ කෙනෙක් ද කියලා ඇහුවොත්?

කිසිම කෙනෙක්ට කිසිම කරදරයක් නැති චුට්ටක් දඟකාර නිහතමානී චරිතයක්.

පෞද්ගලික ජිවිතේ තොරතුරු කිව්වොත්?

මගේ ගම කිරිබත්ගොඩ. පවුලේ ඉන්නේ අම්මා තාත්තා මම නංගි මල්ලි. ඉගෙන ගත්තේ සෙන් ප්‍රැන්සිස් විද්‍යාලයේ.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

පොඩි කාලේ ඉඳන් මට ගෙදර අයගේ සහයෝගය ලැබුණා. පොඩි කාලේ ඉඳන් මම ඩාන්සින් කළේ. ඒ හැම තැනකම මා එක්ක හිටියේ මගේ අම්මා. ගෙදරින් ලැබුණු සහයෝගය නිසා තමයි අද මම මේ තැන ඉන්නේ.

සුන්දර යුවතියක් නිසා ආදරේ ගැන කතා නොකරම බැහැ, කොහොමද ආදරේ දැනෙන්නේ

මම මේ වෙද්දී ආදරවන්තියක් නෙවෙයි. නමුත් කලින් ආදරේ කරලා තියෙනවා. ආදරේ දකින්නේ මම සුන්දර දෙයක් විදියට. හැබැයි මට තාම ඒ ආදරේ සුන්දර විදියට ලැබිලා නැහැ කියලා හිතෙන්නේ.

මොන වගේ කෙනෙක් ද හොයන්නේ?

හොයන්නේ කියන්නේ, හැමදේටම කලින් හොයන්නේ මට විතරක් ආදරේ කරන කෙනෙක්. අද අවංකව ආදරේ කරන අය ගොඩක් අඩුයිනේ. ඉතින් මම හොයන්නේ මට විතරක් ආදරේ කරන හැමදාම සතුටින් ජිවත් වෙන්න පුළුවන් කෙනෙක්. ක්ෂේත්‍ර ‍ෙය් අයගෙන් ආව යෝජනා භාරගෙන නැහැ. මම හිතනවා ඉදිරියටත් එහෙම නැති වෙයි කියලා.

කටකතා ගොසිප් වලට බයද?

මුල් කාලේ නම් බය වෙලා අඬලාත් තියෙනවා. මගේ පවුලේ අය තමයි හිත හැදුවේ. දැන් ප්‍රශ්නයක් නැහැ. ඕනෙම දෙයකට හිත හදන් ඉන්නවා. මොකද මගේ ගැන මම දන්නා නිසා.

මේ වෙද්දී ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?

ඒ ප්‍රේක්ෂක ආදරේ නිසා තමයි අපි මේ තැන්වල ඉන්නේ. ඉස්සරහටත් මේ ආදරේ ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

මගෙ අරමුණ නම් දවසක හොඳ රංගන ශිල්පිනියක් වෙන එක තමයි.

අනුෂා රණසිංහ

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports