පොලිසියේ විමසිල්ල නිසා කෙහෙල්බද්දර පත්මේගේ මුලු පවුලම බේරෙයි. නිවස විඩියෝ කල දෙකක් දැලේ… Ceylon

පතාල නායකයකුව සිටි ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය කිරීමට ඩුබාහි සිට නියෝග දුන් බව කියන පාතාල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පත්මේ නමැත්තාගේ බිරිඳ ඇයගේ මව, පියා..

පතාල නායකයකුව සිටි ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය කිරීමට ඩුබාහි සිට නියෝග දුන් බව කියන පාතාල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පත්මේ නමැත්තාගේ බිරිඳ ඇයගේ මව, පියා සහ සහෝදරයකු කුලියාපිටිය, පන්නල ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඝාතනය කිරීමට යොදාගැනීමට තිබූ බවට පැවසෙන බෝර දොළහ වර්ගයේ විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් නාත්තන්ඩිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇත.

මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් දෙදෙනාගෙන් හෙළි කර ගත් තොරතුරු මත පන්නල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එය පෙරේදා (25) සොයාගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් එක් සැකකාර තරුණයකුගේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි නිවසේ මෙම ගිනි අවිය සඟවා තිබූ බව පොලිසිය කියයි.

කෙහෙල් බද්දර පත්මේ නමැත්තාගේ බිරිඳ ඇතුළු පවුලේ උදවිය පදිංචිව සිටින පන්නල ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඒ අවට වීඩියෝ කරමින් සිටියදී නාත්තන්ඩිය සහ මාරවිල ප්‍රදේශවල පදිංචි තරුණයන් දෙදෙනකු පන්නල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා දින හයක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.

ඩුබායි රටට පලා ගොස් සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන කුඩු සමීර නමැත්තකු දුන් උපදෙස් අනුව පන්නල පිහිටි මෙම නිවස සහ ඒ අවට ප්‍රදේශය වීඩියෝ කිරීමට පැමිණි බව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවිණි යැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවසිණි.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර තරුණයන් දෙදෙනා කාලයක් වෙන්නප්පුව ප්‍රදේශය ආශ්‍රිතව පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ බව කියන ‘ඕලු මරා යන අන්වර්ථ නාමයෙන් හැඳින් වෙන පුද්ගලයාගේ ගෝලයන්ව සිට පසුව ඉවත්ව ගොස් ඩුබායිහි සැඟවී සිටින කුඩු සමීර නමැත්තා සමඟ එකතු වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කළේය.

පන්නල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස සහ ඒ අවට ප්‍රදේශය වීඩියෝ ගත කර ඩුබායිහි සිටින කුඩු සමීර නමැත්තාට ඒවායේ දර්ශන යැවීමෙන් පසු ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබී ඇතැයි පොලිසිය කීය.

කල් තියා මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසා සිදුවීමට ගිය සමූහ ඝානයක් වළක්වා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ සහ කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි රුවන් කුමාරසේන යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පන්නල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිටින තරුණයන් දෙදෙනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

– ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports