“ඉක්මනට කසාද බඳියි… එහෙම දෙයක් වෙයි ඉතිං…” කසාදය ගැන නොහිතා ඉන්නේ කොහොමද..? එයා ඒ ගැන හදිසියේම කියූ කතාව මෙන්න….

තාරුණ්‍යයේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. ඉතින් ඇය පුංචි තිරයේ ගොඩක් ජනප්‍රිය චරිතයක්.. ඒ වගේම සම්මානනීය රංගන ශිල්පිනියක්.. කවුරු ගැනද මේ කතාව.. නයෝමි තක්ෂිලා….

තාරුණ්‍යයේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..

ඉතින් ඇය පුංචි තිරයේ ගොඩක් ජනප්‍රිය චරිතයක්..

ඒ වගේම සම්මානනීය රංගන ශිල්පිනියක්.. කවුරු ගැනද මේ කතාව.. නයෝමි තක්ෂිලා.. පුංචි තිරයේ ජනප්‍රිය තාරකාවක් වුණු ඇය ඇගේ රංගනය වගේම පෞද්ගලික ජීවිතය ගැන මෙන්න මේ වගේ රසිකයින් එක්ක බෙදාගන්න හිතලා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇය කියූ කතාවයි..

නයෝමි කොළඹ එන්නෙ නිළියක් වෙන්න නෙමෙයි?

නැහැ. නමුත් පොඩි කාලෙ මම ආසාවෙන් ඉඳල තියෙනව නිළියක් වෙන්න. 1 පන්තියෙදි ගුරුවරු අහද්දි ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියල මම කියල තියෙන්නෙ හින්දි නිළියක් වෙන්න කැමතියි කියල. අපි ඉන්නෙ අනුරාධපුරේ, දුෂ්කර පළාතක. පාසලේ වුණත් කලා විෂයයන් තිබුණෙ නැහැ. කාලයත් එක්ක ඒ ආසාව නැතිවෙලා ටවර් හෝල් එකට ආවෙ නාට්‍ය හා රංගකලාව උපාධිය කරල ගුරුවරියක් වෙන්න. නමුත් උපාධිය සම්පූර්ණ කළත් ගුරුවරියක් වෙන්න අයැදුම්පත් යොමු කළේ නැහැ.

ලැබෙන චරිත ගැන අදහස මොන වගේද?

හැමදාම පෙම්වතිය වෙනවට වඩා ඒක තුළ විවිධ චරිත මේ වන විට මට ලැබිල තියෙනව. උදාහරන හැටියට අඳුන්ගිර, නීළපබළු, රන්තිලි වැව වගේ නාට්‍ය ගන්න පුළුවන්. මේ වගේ චරිත තුළින් දෙපැත්තට ඩයලොග් කියනවට වඩා දෙයක් මට කරන්න පුළුවන්කම තිබුණා. මේ කෙටි කාලය තුළ ලැබුණ චරිත ගැන ඇත්තටම සෑහීමකට පත්වෙන්න පුළුවන්.

ගමේ හිටියනම් නයෝමි මොනවා කරාවිද?

ගමේ හිටියනම් මම හිතන්නෙ නැහැ මේ වනතුරු කසාද නොබැඳ ඉඳීවි කියල. සමහරවිට කැම්පස් යයි. ආපහු ගමට ඇවිත් ටීචර් කෙනෙක් වෙයි. ඉක්මනට කසාද බඳියි. එහෙම දෙයක් වෙයි ඉතිං.

සිනමාවට ආරාධනා ලැබෙනවද?

පටන්ගත්ත කාලෙ ඉඳලම මගේ ටෙලි නාට්‍ය එකක් හෝ දෙකක් විකාශය වුණා. දිගින් දිගටම ටීවී එකේම පෙනී සිටි නිසාදමන්දා මට සිනමාවට ලැබුණ ආරාධනා අඩුයි. නමුත් සිනමාවට සම්බන්ධ නොවී ඉඳලම නැහැ. සුරංග අයියගෙ නිර්මාණයක් සහ ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක කළ නිර්මාණයක් ඉදිරියේදි තිරගතවීමට නියමිතව තියෙනව.

ඉන්දියානු අධ්‍යක්‍ෂවරයා යටතේ කළ නිර්මාණය ගැන කතා කළොත්?

මට මේ ආරාධනය ලැබුණෙ දේව් මල්ලි සහ කළණ අයියා හරහා. ඔවුන් තමයි ඉන්දියන් අධ්‍යක්‍ෂවරයාට ලංකාවේ ආටිස්ට්ලව සිලෙක්ට් කරන්න උදව් කරල තියෙන්නෙ. ඔවුන් වැඩකරන විදිහ ලංකාවේ අයට වඩා වෙනස්. ලංකාවේ අය වුණත් එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්නෙ. මට ඒක වෙනස්ම අත්දැකීමක් වුණා.

ඉදිරියේදී විකාශය වෙන්න තියෙන පුංචි තිරයේ නිර්මාණ මොනවද?

දැනට කොටස් පහළොව කරපු නිර්මාණ කිහිපයක්ම තියෙනවා.

නයෝමි චරිත තෝරාගැනීමක් කරනවද?

ඔව්, කාලවේලාවත් එක්ක ගත්තාමත් ලැබෙන ආරාධනා ගැන තෝරාබේරාගැනීමක් කරන්න සිද්ධ වෙනවා. එතැනදි සමහර නාට්‍ය අත්හරින්නත් සිදුවෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports