රිදී තිරය බබලන රශිප්‍රභා ලඟදීම එන සිනමා කෘතිය මොකද්ද කියලා දැනගන්න කැමතිද ?

රශිප්‍රභා සංදීපනී, ඇය තාරුණ්‍යයේ කා අතරත් අතිශ්‍යය ජනප්‍රියත්වයක් හිමි කරගත් තැනැත්තියක්..

සුරූපීබව වගේම ඇගේ තියන ආකර්ශනීය පෙනුම නිසා රශී දැන් කා අතරත් දැන් කැපී පෙනෙන තරුවක් වෙලා… පසුගිය වසර ඇයට ජයග්‍රාහී වසරක්.. එහෙම කියන්නේ ඇගේ රංගන හැකියාව විවිධ විදිහට දැකගන්න ගෙවුණු වසරේදී හැකියාව ලැබුණ නිසායි..

සිනමාපට කිහිප‍යක් නිසාම ගෙවුණු වසරේ ඇය කා අතරත් ජනප්‍රිය වුණා කිව්වොත් හරි.. මේ කියන්න යන්නේ මේ වසරේ ඇගේ කලාදිවිය ගැන ඇසෙන කතාවක්.. ඉතින් රශී ඉදිරියේදී මොන වගේ නිර්මාණවලින් අපට දැකගන්න පුළුවන් වේවිද..? මේ ඒ ගැන ඇය කියන කතාවයි..

කවුරුත් කතා වෙන රිදී තිරයේ සුරූපිනිය රශිප්‍රභා, මේ වසරේ ඔබේ year planes ගැන රසිකයින්ට කියන්න කැමතියිද..?

හැම වසරකම මට තිබුණේ එක එක විදිහේ plan.. ඉතින් මේ වසරත් ගොඩක් විශේෂයි, මේ අවුරුද්ද ගැන මං ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා… විශේෂයෙන්ම කලාව පැත්තෙන් ගත්තොත් මං අලුත් චිත්‍රපට කිහිපයකින් ප්‍රේක්ෂකයින් හමුවෙන්න බලාගෙන ඉන්නවා…

පසුගිය වසර ඔබට ගොඩක් ජයග්‍රාහී වසරක්.. ඒ වගේම ඔබ රිදී තිරයේ අතිශ්‍යය ජනප්‍රියත්වයට පත් වුණ නිසා.. ඉතින් මේ අවුරුද්දේ ඔබේ වැඩකටයුතු ගැන දැනගන්න ප්‍රේක්ෂකයින් කැමැත්තෙන් ඇති..

ඔව්, මේ වසර ආරම්භ වෙන්නේ අලුත් සිනමාපටයක් එක්කමයි.. රූගත කිරීම සිදුවෙනවා.. ඒ වගේම මං බලාපොරොත්තු වෙනවා ඒ චිත්‍රපටය ඉක්මනින් තිරගත වේවි කියලා.. ඒත් තවම තිරගත වෙන කාලය ගැන ලොකු අවබෝධයක් නැහැ.. ඒත් මං හිතනවා ඉක්මනින් තිරගත වේවි කියලා.. කොහොම වුණත් මේ වසරේ මගේ වැඩි අවදානයක් යොමුවෙන්නේ රිදී තිරය පැත්තට..

ඔබ ලංකාවේ විතරක් නෙවෙයි විදෙස් චිත්‍රපටවලත් රංගනයෙන් දායක වෙන තරුවක්.. මේ වසරේ ඒ වගේ චිත්‍රපටවලට ඔබට ආරාධනා ලැබිලා තියනවාද..?

ඇත්තටම මේ අවුරුද්දේ යන්න හිතාගෙන හිටිය අවස්ථා තිබුණා… කොහොම වුණත් මං මේ කාලයේ ලංකාවේ ඉන්න ඕන කියන එක මේ වෙනකොට තීරණය කරලා තියෙන්නේ.. ඒ මට ලැබුණු නිර්මාණත් එක්ක.. ඉදිරියේදී ඒ නිර්මාණ වැඩ එක්ක මං ටිකක් කාර්යබහුල වෙයි..
ඒත් වාසනාවත් එක්ක ඒ දේවල් කොහොම වේවිද කියලා දන්නේ නැහැ..

රංගනයට අමතරව ඔබේ තවත් කලාකටයුතු ඇති.. ඒ ගැනත් කියමු..

ඔව් කලාවට අමතරව මං කරන අනිත් වැඩ තියනවා.. ඒ අතර, brandsවල වැඩවලත් එක්ක මං දැනට ටිකක් කාර්යබහුලයි.. වෙලාව තියන විදිහට ඒ දේවල් කරනවා.. ඉතින් අපි බලමු දැනටමත් ඔබ ඒ දේවල්වලින් මාව දකිනවා ඇති..

රශී හරිම සුරූපියි.. ඒ නිසා තරුණයින්ගේ ආකර්ශනයත් ඔබට නොඅඩුව ලැබෙනවා… අපි දැන් ඔබේ පෞද්ගලික ජීවිතය පැත්තට හැරෙමු.. ආදරය , විවාහය ගැන ඔබ මොකද හිතන්නේ…?

අනේ එහෙම ලොකු plan එකක් ඒ පැත්තෙන් නම් නැහැ.. විවාහ වෙන එකක් නැහැ ඉක්මනට.. මේ වසරේදී නම්, කොහොමත් එහෙම වෙනසක් මගේ ජීවිතයේ වෙන එකක් නැහැ..

ඒ කියන්නේ ඔබට පෞද්ගලික ජීවිතය ගැන හිතන්න වෙලාවක් නැහැ කියන එකද..?

නැහැ එහෙම නෙවෙයි, මොකද මේ කාලේ මං කලාවට තමයි ලොකු ඉඩක් ලබාදෙන්නේ..
හරියටම කිව්වොත් කලාවත් එක්ක තමයි, මගේ විවාහ වෙලා තියෙන්නේ… මං ඒ ගැන හිතන්නේ එහෙම…

එහෙනම් ආයේ අපි වෘත්තීය ජීවිතය පැත්තට හැරෙමු.. ඕනෑම රංගන ශිල්පිනියක්ගේ ආසාවක් තමයි සම්මානයක් හිමි කරගන්න එක.. ඔබට ඒ ගැන කියන්න තියෙන්නේ මොකක්ද..?

සම්මාන කියන ඒවා ලැබෙන්න තියනවා නම් ලැබේවි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස.. ඒ මම හිතන විදිහ.. ඉතින් යම්කිසි දවසක ලැබෙන්න තියනවා නම් එහෙම දෙයක් මට ලැබේවි, ඒක මම ගෞරවයෙන් භාර ගන්නවා.. මොකද සම්මානයක් කියන්නේ හරිම ගෞරවණීය දෙයක්..

  • Related Posts

    තිස් නව වසරකට පසුත් නොමැකෙන ඇයගේ මතකය සොයා ගිය කමල් තම ෆේස්බුක් පිටුවේ රමණි ගැන තැබු සටහන…

    එදා මෙදා තුළ ඔහුට ආදරය කරන රසික ප්‍රජාව තවමත් කමල් ගැන සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඒ ඔහුට, ඔහුගේ රංගනයට ඇති ආදරය නිසාවෙන් කියලා කියන්න පුළුවන්. මේ කමල්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක්…

    මේ තරම් ආදරයක් අගය කිරීමක් ලැබෙයි කියලා හිතුවේ නැහැ – සශිකා නිසංසලා

    වසර ගණනාවක් අඛණ්ඩව ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වන්නට වාසනාව ලැබූ සුවහසක් සිය ආදරණිය හඬින් රසික හදවත් තුළ ලැගුම් ගත් සශිකා නිසංසලා සමඟයි මේ කතාබහ. SLIM Peoples…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    IRGC බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ….

    • By admin
    • April 6, 2026
    • 4 views
    IRGC බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ….

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 48 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 619 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 122 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 900 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 200 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.