අපි දෙන්නා ඒ වගේ වැඩ කරලා නෑ. අපි ලජ්ජා බයට හැදුන කෙල්ලෝ දෙන්නෙක්..!

ලංකාවේ හැමෝගෙම වගේම ආදරේ දිනාගෙන ඉන්න අක්කා නගෝ යුවලක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ, ඒ වගේම අපේ කළා ලෝකයේ ඉන්න නිවුන් කළා තරු යුවල විදියටත්..

ලංකාවේ හැමෝගෙම වගේම ආදරේ දිනාගෙන ඉන්න අක්කා නගෝ යුවලක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ, ඒ වගේම අපේ කළා ලෝකයේ ඉන්න නිවුන් කළා තරු යුවල විදියටත් අනුශ්කි සහ කනුශ්කිව හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අනූ සහ කණූ සමග, අනුශ්කි මොකද කරන්න හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ”මේ අවුරුද්දේ අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා, අපි දෙන්නා ඒ කාලේ ඉඳලම හිතාගෙන හිටියා ඩාන්සින් ඇකඩමි එකක් දාන්න, ඉතින් මේ අවුරුද්දේ අපි ඒ වැඩේ කරනවා, වැඩියෙන්ම මහන්සි වෙන්නේ ඒ වැඩවලට,

දැන් දෙන්නම උසස් අධ්‍යාපනය හදාරනවා නේද..? ඔව් මමයි නංගියි දෙන්නම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගන්නවා. ඇත්තටම අපි දෙන්නට පොඩි කාලේ ඉඳලම තිබ්බේ අරමුණු දෙකයි එකක් තමයි අපේම කියලා ඩාන්සින් ස්ටුඩියෝ එකක් ආරම්භ කරන එක, අනිත් එක නර්තනය පැත්තෙන් දවසක කථිකාචාර්යවරියන් දෙපළක් වෙන්න. අපේ හීන දෙකෙන් ඩාන්සින් ස්ටුඩියෝ හීනය මේ අවුරුද්දේ සැබෑ වෙනවා, වැඩියෙන්ම මහන්සි වෙන්න තියෙන්නේ අනිත් හීනයට,”

ඔයාලා දෙන්නම එක වගේ ඉතින් කොහොමද අක්කා නංගී පටලැවිල්ල ලිහාගන්නේ, ”අපි දෙන්නා මෙහෙම ඉද්දී කාටවත්ම අඳුනාගන්න බෑ, පිටිපස්ස හැරිලා හිටියම ගෙදර අයට අන්දුරගන්නත් බෑ, සමහර වෙලාවට අපි දෙන්න මාරුවෙලා එකම කොල්ලා ලියුම් එහෙමත් මාරු කරලා දෙනවා, හරි ජොලි වැඩ අපිදෙන්නට ඉස්කෝලේ කාලේ වෙලා තියෙන්නේ මොකද අක්කාගෙන් කැමතිද අහන්න එන කොල්ලා නංගිගෙන් අහනවා, නන්ගිගෙන් කැමතිද අහන්න එන කොල්ලා අක්කාගෙන් අහනවා, අපිත් ඉතින් හොඳට බයිට් කරනවා ඒ අය”

මේ වෙද්දී ඔයාලා පෙම්වතියෝද..? ”නැහැ අපි දෙන්නා තාම පෙම්වතියන් නෙවෙයි, අපිට තාම වයස අවුරුදු 23යි, අපි දෙන්නම් හිතාගෙන ඉන්නේ කවදාහරි ටුවින්ස්ල එක්කම විවාහ වෙන්න, කොහොම වුනත් අපි තාම ආදරයක් ගැන වගේම විවාහයක් ගැන හිතලා නෑ, ඉතින් හරි වයස ආවට පස්සේ අපි දෙන්නා ඒ ගැන හිතනවා, දැම්ම හදිස්සි වෙන්නේ නෑ”

පහුගිය කාලයේ ඔයාලා ගැන වැරදි විදියට එක එක දේවල් කතා වුනා නේද..? ”මෙහෙමනේ මිනිස්සු කියන දේවල් අපිට නතර කරන්න බෑ, අනික ඉතින් ඒ දේවල් අපි කරලා නැත්තන් කලබල වෙන්න ඕන නෑ නේ, අපි දෙන්නා හොඳාකාරව දන්නවා අපි දෙන්නා ඒ වගේ වැඩ කරලා නෑ කරන්නෙත් නෑ, අපි ලජ්ජා බයට හැදුන කෙල්ලෝ දෙන්නෙක්, ඉතින් අපි ඒ කට කතාවලට බය නෑ,”

– විශ්මකර්ම

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports