මගේ කට, තොල් පෙති එහෙම හැමෝම ලස්සනයි කියනවා – සප්නා පාදුක්ක

පාරදිගේ’ ටෙලි නාට්‍යයේ ‘මානවී’ ලෙස ඔබේ ආදරය දිනූ සප්නා පාදුක්ක ප්‍රේක්ෂක ඔබ වඩාත් ආදරය කරන යොවුන් රංගන ශිල්පිනියකි. පසුගිය දිනවල ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දුටු..

පාරදිගේ’ ටෙලි නාට්‍යයේ ‘මානවී’ ලෙස ඔබේ ආදරය දිනූ සප්නා පාදුක්ක ප්‍රේක්ෂක ඔබ වඩාත් ආදරය කරන යොවුන් රංගන ශිල්පිනියකි. පසුගිය දිනවල ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දුටු ඇය මේ වන විට රංගන ක්ෂේත්‍රයෙන් තාවකාලිව සමුගෙන සිටියි. ‘මිරර්ආර්ට්ස්’ අපද සප්නාට මෙසේ ඉඩක් වෙන් කළා.

සප්නා කියන්නේ මොන වගේ කෙනෙක්ද?
සප්නා එක එක අයට විවිධ විදිහට දකින්න පුළුවන් කෙනෙක්. රූපගතකිරීම්වලට ගියාම අවධානය වැඩිපුරම තමන් කරන වැඩේට දෙන කෙනෙක්. ඒ වගේම තමා හැමෝම එක්ක කතා කරලා සුහදව ඉන්න කෙනෙක්. හැබැයි මම කතා කරනවා නම් අඩුයි ගොඩක් වෙලාවට. මගේම අය එක්ක ඉඳිද්දි විතරයි මම ටිකක් වැඩිපුරම කතා කරන්නේ.
පාසල් යන කාලේ සප්නා දක්ෂ මොනවටද?
මම ගායනයට දක්ෂ කෙනෙක්. සංගීතය වගේම නර්තනයත් පාසල් යන කාලේ කළා. ඒ අංශ දෙකෙන්ම මම පාසලේදී ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඊට අමතරව පද්‍ය ගායනා තරගවලටත් ඉදිරිපත් වෙලා ජයග්‍රහණ හිමි කරගෙන තියෙනවා. කලා කටයුතු ඇරෙන්න මූලිකම අවධානය ඒ කාලේ දුන්නේ අධ්‍යාපන කටයුතුවලට. ක්‍රීඩාව වගේ වෙනත් දේවල්වලට පාසල් කාලේ යොමු වෙන්න මට වෙලාවක් තිබුණේ නැහැ.
කොහොමද පාසල් කාලේ සප්නාට පිරිමි ළමුන්ගෙන් ලැබුණ ප්‍රතිචාර?
ගොඩක් තිබුණා පිරිමි ළමයින්ගේ ආකාර්ශණය වගේම අවධානය. නමුත්, පාසල් කාලේදී ලැබුණ අවධානය හා ආකර්ෂණයට වඩා අද වෙන කොට ලැබෙන ප්‍රේක්ෂක අවධානය වැඩියි. ඇත්තටම ඒ ප්‍රතිචාර මට ඇත්තටම ගොඩක් අද වටිනවා.
දැනට කරපු චරිත අතරින් සප්නාගේ සිත්ගත්ම චරිතය මොකක්ද?
මම ආසාවෙන් රඟපාපු චරිතයක් තියෙනවා ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක්. ඒක දෙරණ රූපවාහිනියේ තමා විකාශය වෙන්නේ. ඒක මම කරපු වෙනස්ම චරිතයක් කියලා කියන්න පුළුවන්. ගොඩක් ආස කරපු චරිත තිබුණ ටෙලි නිර්මාණ මට ලැබුණා. නමුත්, මම ඒවා ප්‍රතික්ෂේප කළා. දැනටත් මම තාවකාලිව රංගනය පැත්තෙන් ඉවත් වෙලා ඉන්නේ. ඉදිරියේදී ආයේ රඟපාන්න ආවොත් හොඳ නිර්මාණයක මම ආස කරන චරිතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සප්නා විලාසිතාවලට කැමතිද?
ඔව්, මම විලාසිතාවලට ගොඩක් කැමැති කෙනෙක්. හැබැයි අලුතින් එන හැම විලාසිතාවක්ම මම භාරගන්නේ නැහැ. මට ගැළපෙනවා කියලා හිතන විලාසිතා විතරක් තෝරගෙන මම කරනවා. ඉන්දියන් ඇඳුම් තමයි මම ගොඩක් වෙලාවට අඳින්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම දමිළ විදිහට. හැබැයි මොන ඇඳුම ඇන්දත් තැනට සුදුසු විදිහටයි මම ඇඳුම් අඳින්නේ.
සප්නාට වැඩිපුරම ලස්සන කොට ඇදුම්ද – දිගද ඇඳුම්ද?
මම දිග ඇඳුම් වගේම කොට ඇදුම් අඳින්නත් ආසයි. සාමාන්‍ය ජීවිතේදී මම ගොඩක් වෙලාවට අඳින්නේ දිග ඇඳුම්. ඔය රූපගතකිරීමකට වගේ තමා ගොඩක් වෙලාවට කොට ඇඳුම් අඳින්නේ ඒ අයගේ ඉල්ලීම් මත. ගොඩක් අය කියනවා මට ඇත්තටම දිග ඇඳුම් ගොඩක් ලස්සනයි කියලා.
හැමෝම සප්නාගේ ලස්සනයි කියන්නේ මොනවද?
මගේ හිනාව ලස්සනයි කියලා තමයි හැමෝම නම් ඉතින් කියන්නේ. ඊට අමතරව මගේ කට, තොල් පෙති එහෙමත් ලස්සනයි කියනවා කට්ටිය.
සංවාදය : බුද්ධික සේනාධීර

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports