අසිත ප්‍රනාන්දු එංගලන්තයෙන් ගිවිසුම් ගතවෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු එංගලන්තයේ ප්‍රධාන පෙළේ ප්‍රාත්ත ක්‍රිකට් සමාජයක් වන ග්ලැමෝගන් ක්‍රීඩා සමාජයසමගින් ගිවිසුම් ගත වී ඇත. ඒ අනුව ඔහු ග්ලැමෝගන්..

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු එංගලන්තයේ ප්‍රධාන පෙළේ ප්‍රාත්ත ක්‍රිකට් සමාජයක් වන ග්ලැමෝගන් ක්‍රීඩා සමාජයසමගින් ගිවිසුම් ගත වී ඇත.

අනුව ඔහු ග්ලැමෝගන් කණ්ඩායම නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා ක්‍රීඩකයා බවට පත්වනු ඇත.

කෙසේ නමුත් අසිත මීට පෙර එරට නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර තිබේ.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩය (Division Two) යටතේ ග්ලැමෝගන් ක්‍රීඩා සමාජය ක්‍රීඩාකරන අතර, එමතරගාවලිය එළැඹෙන අප්‍රේල් මාසයේ දී ආරම්භවීමට නියමිතව ඇත.

අසිත එහි පළමු මාස දෙක ග්ලැමෝගන් වෙනුවෙන් ක්‍රීඩාකරනු ඇත. එහිදී ඔහු එම කණ්ඩායම නියෝජනය කරමින් තරග 7ක්ක්‍රීඩාකිරීමට නියමිතය.

මේ වනවිට 27 වියේ පසුවන අසිත ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 21කට ක්‍රීඩාකර කඩුලු 72ක් දවාගෙන සිටියි.

එමෙන්ම ඔහු පළමු පෙළ තරග 80කදී කඩුලු 251කට හිමිකම් කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ සිදුකළ එංගලන්ත තරග සංචාරයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අසිත සමත් වූ අතර, එහිදීඔහු කඩුලු 17ක් බිඳහෙලා තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්විය.

Source : Ada Derana

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports