“මගේ පියයුරු, උකුළ සහ ඇඟේ හැඩය කවදත් සරාගී කියලා මම විශ්වාස කරනවා..” සරාගිනියක් වූ දේශානි කියන මේ කතාව ඇහුවොත් පුදුම හිතෙයි..

මේ දිනවල අතිශ්‍යය ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න තාරකාවක් තමයි දේශානි නෙහාරා කියන්නේ.. ඒ විතරක් නෙවෙයි, හිරු මෙගා ස්ටර් වේදිකාව සරාගී රැඟුම්වලින් වර්ණවත් කරන මේ සුපිරි..

මේ දිනවල අතිශ්‍යය ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න තාරකාවක් තමයි දේශානි නෙහාරා කියන්නේ..

ඒ විතරක් නෙවෙයි, හිරු මෙගා ස්ටර් වේදිකාව සරාගී රැඟුම්වලින් වර්ණවත් කරන මේ සුපිරි තරුව පසුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වුණේ එක් ෆොටෝ ෂූට් එකක් නිසා.. කවුරුත් අතර, කතාබහට ලක්වුණු ඒ සිදුවීම ගැන ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවක්…

24 වැනි උපන්දිනය වෙනුවෙන් කරපු photo shoot එක සමාජ මාධ්‍යවල ගොඩක් කතාබහ වුණා…
24 වැනි උපන්දිනය වෙනුවෙන් මට ඕන වුණා ක්ලියෝපැට්රා රැජින විදිහට photo shoot එකක් කරන්න. ඉතින් ඡායාරූප ශිල්පී අශාන් ද සිල්වා තමයි photo shoot එකට අදාළ සියලු දේවල් සැලසුම් කරලා ක්ලියෝපැ⁣ට්රා රැජින වෙන්න මට උදව් කෙරුවෙ. රැජිනක් විදිහට මගේ පෙනුණ තේජස, සරාගීකම, ලාලිත්‍ය එක්ක සමාජ මාධ්‍යවල ක්ලියෝපැ⁣ට්‍රා photo shoot එක ගැන ගොඩක්දෙනා කතාකළා.

24 වැනි උපන්දිනය වෙනුවෙන් දේශානි සරාගී වෙලාද?
මගේ පියයුරු, උකුළ සහ ඇඟේ හැඩය කවදත් සරාගී කියලා මම විශ්වාස කරනවා. මම කැමතියි ප්‍රේක්ෂකයා අතරට සරාගී විදිහට යන්න. ඉතින් හැමදාමත් තිබුණ සරාගීකම 24 වෙනි උපන්දිනයෙදිත් ප්‍රේක්ෂකයන්ට පෙන්නුවා මිසක උපන්දිනය වෙනුවෙන් විශේෂයෙන් සරාගී වුණේ නැහැ.

සරාගී පෙනුමෙ රහස මොකක්ද?
මම ඇඟ ගැන ගොඩක් හිතනවා. ගෑනු ළමයෙක් වුණහම ලස්සන පිරිසුදුකම සෞඛ්‍ය ගැන හිතලා ඇඟ නඩත්තු කරන්න ඕන කියන එකයි මගේ අදහස. ඉතින් මම ඇඟ වෙනුවෙන් ව්‍යායාම කරනවා තෙල් සහ පිටි අඩු කෑම විතරක් ගන්නවා. මානසික සෞඛ්‍යය හොඳ විදිහට පවත්වගෙන යනවා වගේ දේවල් කරනවා.

ඇඟේ හැඩය ගැන ලැබෙන ප්‍රතිචාර ගැන මොකක්ද අදහස?
මගේ සම්පූර්ණ ඇඟ ගැන අගය කරලා ප්‍රේක්ෂකයන්ගෙන්, හිතවතුන්ගෙන් මට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන හැම ප්‍රතිචාරයක්ම මම ආදරයෙන් භාරගන්නවා.

සමාජ මාධ්‍යවල කියලා තිබුණා උපන්දිනය වෙනුවෙන් නිරුවත ප්‍රදර්ශනය කරලා කියලා..
සමහර මිනිස්සුන්ගේ ආකල්ප සාම්ප්‍රදායික නිසා යන්තන් ඇඟ පෙනුණත් ඒක නිරුවත කියලා හඳුන්වනවා. නිරුවතට වැඩිය කලාත්මක විදිහට සරාගීකම කාන්තා සිරුරේ ලාලිත්‍යය හැඩය පෙන්නන නිර්මාණයක් මම කෙරුවෙ. මගේ ඇඟ හැඩට සරාගී විදිහට නඩත්තු කරනවා. ඒ නිසා ඇඟේ ස්වභාවය පේන විදිහට මම විලාසිතා කරනවා. හැබැයි ඇඟ පෙන්නන අරමුණින් කවදාවත් මම නිරුවත් විලාසිතා කරන්⁣නෙ නැහැ. කලාත්මක විදිහට යම් සීමාවක් ඇතුව ඇඟේ හැඩය පේන විදිහෙ විලාසිතා මම කරනවා.

එල්ලවෙන විවේචන ගැන අදහස මොකක්ද?
හොඳ කියලා ලැබෙන ප්‍රතිචාරවලින් ආඩම්බර වෙන්නෙවත් විවේචන විදිහට ලැබෙන ප්‍රතිචාරවලින් දුක්වෙන්නෙවත් නැහැ. හොඳ වගේම විවේචනත් මම සමසමව භාර ගන්නවා. ඒ හැබැයි ඒ කිසිදෙයක් හිත⁣ට ගන්නෙ නැතුව දිගටම මම විදිහට ජීවත් වෙනවා.

දේශානිගේ සරාගී පෙනුමෙන් මීට වැඩිය දෙයක් රංගන ක්ෂේත්‍රය වෙනුවෙන් කරන්න පුළුවන් නේද?
ඔව්. නිතර රඟපාන චරිත වෙනුවෙට සරාගීකමට සහ රූපයට ගැළපෙන චරිතයක් රඟපාන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා.

සරාගිනියක් නිසා පිරිමි ළමයින්ගේ ආකර්ෂණය නිතර ලැබෙනවා ඇති?
පිරිමි ළමයින්ගේ ආකර්ෂණය වගේම ආදර යෝජනා නිතර ලැබෙනවා. හැබැයි කලින් මම ආදරය කරපු කෙනා ආදරය එපා කෙරෙව්වා. දැන් මට ආදරය කටුක අත්දැකීමක්. ඒ නිසා මගේ ජීවිතයෙන් ආදරය අයින් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports