ගැහැණියෙක් වෙන්න හැමෝටම බැ… කාන්තා දින දා අභිශේකා කියන මේ කතාව මොකද්ද ?

ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ! ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන? මිනිස්සු එහෙම කිව්වට, වරදෙ බැදුනත් නැතත් හැදෙන කයි කතන්දර වලට උල් පිහියක් වගේ හිනාවෙන ගෑනියෙක් වෙන්න හැමෝටම..

ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ!

ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන?
මිනිස්සු එහෙම කිව්වට, වරදෙ බැදුනත් නැතත් හැදෙන කයි කතන්දර වලට උල් පිහියක් වගේ හිනාවෙන ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ..

තමන් එක්කම ඉගෙන ගත්ත යාලුවො උස පුටුවල ඉදන් හිනා වෙනකොට,සහතික විසි කරල දාල දරුවො වෙනුවෙන් , පවුල වෙනුවෙන් තමන්ගෙ වරප්‍රසාද කැප කරපු ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ..

හිතේ වේදනාව අමතක කරන්න මැෂිමක් වගේ වැඩකරන interval ඕනෙ නැති ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ…

රවට්ටන බව දැන දැනම මුලුරෑම අඩල උදේට දරු පවුල එක්ක ලෝකෙට පේන්න selfie එකක් දාන ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ..

විවාහය වහ වුණාම,දරාගන්නම බැරි වුණාම පිරිමි අත් අත අත් ඇරල තනියෙන් ජීවිතෙ රවුම දුවන ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ…

මොන ප්‍රශ්නෙ තිබුණත් පවුල රැකගෙන දෝණිව පෝරුවට නග්ගන්න හීන දකින අම්මෙක් වෙන්න හැම ගෑනියෙක්ටම බෑ..

ඉදිකටු තුඩක වේදනාවට අඩන, ඇට මස් නහර කඩා ගෙන යන වේදනාවක් දරාගෙන, දරුවෙක් වදන ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ..

හැපුම්,හීරීම්,දත් පාරවල් වැහෙන්න තුනී මේකප් එකක් දාගෙන කැමරාව ඉස්සරහ මොකුත් නොවුන ගානට කතා කරන ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ….

තමන්ගෙ කුසින් වදපු දරුව ටොයිලට් වලවල් වල දාල දුවන අම්මල ඉන්න ලෝකෙක කුසින් නොවදපු දරුවෙක් වෙනුවෙන් තන්පුඩු තෙමා ගන්න ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ….

ජීවිතේ බර තනියෙන් දරාගෙන හැම පඩියක්ම තනියෙන්ම නැගල, ඒ හැම දේම කළේ මගේ මහත්තය හින්ද,මගේ තාත්තා හින්දා, මගේ පවුල හින්දා එයාල නැත්තං මං අද මෙතන නෑ කියල අනුන්ට ක්‍රෙඩිට් එකක් දෙන ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ…

අසම්පූර්ණ ශරීරයක් තිබුනත් පුදුමාකාර ආත්ම විශ්වාසයකින් තමන්ව හැඩට පේන්න අදින, රැල්ලට ගහගෙන නොයන රැල්ලක් ,ට්‍රෙන්ඩ් එකක් හදන සරාගී ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ..

මට බෑ…මට දැනෙන්නෙ නෑ,මට රිදෙනව කිව්වම
වෙන මිනිස්සු පාවල දීල හිනාවෙන සෝල්මේට් කියන අයට දෙන්න උත්තරයක් හොයන, ඒත් බැරිනම් බෑම කියන ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ…

කොෆි එකකට එළියට යමු..
මං ආදරෙයි කෙල්ලේ..බොස් එහෙම කියනකොට,අනේ මං අම්මා කෙනෙක් අපි යාලුවො වගේ ඉමු.මං සර්ට ගොඩක් ගරු කරනවා කියල,රස්සාවයි පරස්තාවයි දෙකම බේර ගන්න ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ…

ඇගේ ශේප් එක අවුල් යයි කියල බයට කිරි හංගන්නෙ නැතුව
රෑ එළි වෙනකල්, ලේ හිදෙනකල් බඩගින්නෙ කිරි දෙන්න හැම ගෑනියෙක්ටම බෑ…

අපි මේ සම්බන්දෙ නවත්තමු,කියල පසුවදනක් නොතියා යන්න ගියාම ආයෙ ප්‍රේම කරන්නෙ තමන්ට විතරයි කියල හිතාගන්න ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ…

අනේ පව් පොඩි එවුන්..එයාට ලොකු රස්සාව!
රට්ටු එහෙම කියනකොට…
ඔව් උන් පව් මමයි ගෙදර තාත්තා,උන්ගෙ අම්ම මැරිලා …කියල කියන ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ…

ඉතිහාසයක් හරියට නොදැන, අම්මා වගේම ජරා ගෑනි..උඹ ජරා අම්මෙක් කියල ගෑනු කටවල්වලින්ම අහගෙන ගෙදර ආවම අම්මේ …මහන්සිද?ලෝකෙ ඉන්න හොදම අම්මා ඉන්නේ මට කියල දරුවෙක් ගෙන් අහගන්න ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ…

ගෑනුන්ට විතරක්ද ප්‍රශ්න?
අපිට නම් දවසක් හරි තියෙනවා..
අපිට වඩා ප්‍රශ්න තියෙන පිරිමි කොච්චර ඉන්නවද?ඇයි පිරිමි දිනයක් නැත්තෙ?
අපි ඒ ගැනත් කතා කරමු කියන Masculinist ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ..

ගෑනු අයිතිවාසිකම් ගැන ගෑනු විතරක්ම කතා කරන කාලෙක ගෑනු කදුළක් ගැන කතා කරන රෙයා පිරිමියෙක් වෙන්නත් හැම පිරිමියාටම බෑ…

සුබ කාන්තා දිනයක්…..

අභී!

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports