” මගේ ජීවිතේ හැමදේම වගේ මධ්‍යස්තව බලන්න වෛර කරන මිනිස්සුන්ට අනුකම්පා කරන්න උගන්නපු ඔයාට සුබ ම සුබ උපන්දිනයක්..” කාවින්ද්‍යා එයාගේ ආදරණීය පියා අතුලට සුබ පතමින් කියූ ආදරණීය කතාව මෙන්න…

මගේ ජීවිතේ හැමදේම වගේ මධ්‍යස්තව බලන්න ඒ වගේ ම වෛර කරන මිනිස්සුන් ට අනුකම්පා කරන්න උගන්නපු ඔයාට සුබ ම සුබ උපන්දිනයක් Thath❤️✨ ජීවිතේ ඔයා සමහර..

මගේ ජීවිතේ හැමදේම වගේ මධ්‍යස්තව බලන්න ඒ වගේ ම වෛර කරන මිනිස්සුන් ට අනුකම්පා කරන්න උගන්නපු ඔයාට සුබ ම සුබ උපන්දිනයක් Thath❤️✨

ජීවිතේ ඔයා සමහර දේවල් ගැන හිතන විදිහට ඔයා මනුස්සයෙක් කියලා හිතන්න බැරි තරම්… මට එච්චර ශක්තිමත් හිතක් නෑ…
ඔයාගෙන් පස්සේ මම ඒක දැක්කේ මගේ මහත්තයාගෙන්.
ඔයා වගේ ම ආදරණීය මහත්තයෙක් මම ප්‍රාර්ථනා කලේ, ඉතින් ඒ වගේ ම කෙනෙක් මගේ ජීවිතේ ට ගෙනාවට දෙවියන්ට මම ස්තූතිවන්ත වෙනවා… මම “දැන්” වෙනකොට වැඩියෙන් ම මගේ life එකේ සතුටු වෙන තැන එතන!❤️

අපි දෙන්නා ගොඩාක් එක වගේ…ඒත් ටිකක් වෙනස්…
තවත් සමහර තැන්වල අපි දෙන්නා දෙන්නෙක්, ඒ වුනාට අපි දෙන්නා “එක්කෙනෙක්” කියන එක හැමතිස්සෙම මගේ හිත ඇතුලේ කෙනෙක් ඉඳන් මුමුණන වාර අනන්තයි!

මට අපේ ආදරේ ගැන තේරුම් කරන්න වචන එනවා අඩුයි… හැබැයි මට පුලුවන් විදිහට මම ලියන්නම්.

අපි දෙන්නා අතරේ ප්‍රශ්න තිබිලා නැතුව නෙමේ… හැබැයි, මම දන්නවා ඔයා ඒ දේවල් හිතේ තියන් ඉන්නේ නෑ කියලා… ඒ අතින් මම ගොඩක් ඔයා වගේ!✨❤️

ඔයාට මම ආදරේ තරම් දන්නේ උඩ ඉන්න දෙවියො යි, Danidu යි, තව මගේ ලඟ ම ඉන්න එකම එක යාලුවෙක් විතරයි…
ඔයාට මම කොච්වර ආදරේ ද කියලා ඔයා දන්නේ නෑ Thath… ඒක වචන චුට්ටකට සීමා කරන්න මම කැමතිත් නෑ…

ඔයා මගේ ලඟ නොහිටියාට, කොච්චර කොහොම දුරින් හිටියත් හදවතින් අපි හැමදාම එක ලඟ…
ඔයා වෙනුවෙන් මම නොකරන දෙයක් නෑ Thath! ❤️

මගේ එකම ප්‍රාර්ථනාව…
මේ ඉන්නවා වගේ ම නිදුක් නීරෝගීව, සතුටින්, සැනසීමෙන්, ආදරෙන්, කොල්ලා වගේ ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට!
මගේ ආයුශත් අරං ඔයා ජීවත් වෙන්න ඕනේ! ❤️

මගේ හුස්ම තියෙනකං ඔයා ගැන දුර ඉඳන් හරි ආදරෙන් මම බලන් ඉන්නවා… ඕනම හදිස්සියකදී මම ඔයා ලඟ ඉන්නවා…

ආදරෙයි මම පුදුම ගොඩක්!

ඉතින් මගේ Thath මම මෙතනින් මේ සටහනට තිත තියනවා හැබැයි, මගේ ආදරේ සදාකාලිකයි! ✨❤️
බුදුසරණයි

-අක්කී-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports