කෛලාෂ් වෙනුවෙන් එයාලා කරපු පිංබර වැඩේ මෙන්න…

කෛලාෂ් වෙනුවෙන් එයාලා ඊයේ ලස්සන පින්කමක් සිදු කරලා තිබුණා.. කිරිඅම්මාවරුන්ට දානයක් දීලා පුංචි පුතාට ආශිර්වාද කරන්න ඒ අය අමතක කරලා තිබුණේ නැහැ.. මේ ඉතින් මාධවී..

කෛලාෂ් වෙනුවෙන් එයාලා ඊයේ ලස්සන පින්කමක් සිදු කරලා තිබුණා..

කිරිඅම්මාවරුන්ට දානයක් දීලා පුංචි පුතාට ආශිර්වාද කරන්න ඒ අය අමතක කරලා තිබුණේ නැහැ..

මේ ඉතින් මාධවී – කසුන් නිවසේ පැවැත්වුණු මුල්ම කිරිදානය ලු..

ඒ සුබ මොහොතේ සියලු කටයුතු සාර්ථක වෙලා තියනවා වගේම තමයි මාධවී මෙන්න මේ විදිහට ඒ ගැන සටහනක් එක්කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ..

කිරි අම්මාවරු දනට වඩිනකොට මුළු ගම්මානෙම කිරි සුවඳ හමනවලු. ඒක මොන තරම් සත්තක්ද කියලා ඊයෙ දවසෙ කිරි දරු අම්මා කෙනෙක් විදිහට මටම ඔප්පු වුනා. පුතාට තුම්මාසයක් පිරීම සහ “කෛලාෂ් මහේශාක්‍ය හීනටිගල” යන පුතුගේ නම ප්‍රසිද්ධ කිරීම මූලික කරගෙන අපි දෙන්නා අපේ ජීවිත කාලයේදි සංවිධානය කරපු පළමු කිරි අම්මාවරුන්ගේ දානමය පිංකම ඊයේ අප නිවසේදී පැවැත්වුනා. දෛවෝපගත විදිහට කාන්තාවන්ගේ මුදුන් මල්කඩ වන් සත් පත්තිනි අම්මා වෙනුවෙන් මෙකී දානය යෙදුනේත් ලෝක කාන්තා දිනය දවසේදියි. ඉතින් දින ගණන් පේ වෙලා, ඉතාම පිරිසිඳුව හිත සතුටින්, අඩුපාඩු නොහී, සාරසුබාවට කිරි දානයක් සාර්ථක කරගන්න විදිහ ගැන මගේ මේ අත්දැකීම ඔයාලාට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතුන නිසා මෙහෙම බෙදාගන්නම්.
මේක සහමුලින්ම සාමූහික ව්‍යායාමයක්! කිරි දානයක ආනිසංසයේ බලය දන්නා අයත්, අපේ පුතු මැණිකට ආදරේ නිසාම එයා වෙනුවෙන් බොහෝ ඥාති, හිතෛෂීන් සහ අසල්වැසියන් මේ ගැන ආරංචි මාත්‍රයක් කණවැකුනු වහාම මේ පිංකමට හවුල් වෙන්න සැදැහැ සිතින් වටු කුරුල්ලෝ වගේ එකතු වුනා. එදාට එන්න නොහැකි අය කළින් දවසක ඇවිත් ගෙවල් පිරියම් කරන්න අත් උදව් දී හෝ පිරිකරක් එවා හෝ හැකි අයුරින් සම්මාදම් වුනා. ඒකයි සිරිත. මගෙ අම්මා, කිරි මාමා, උක්කුං පුංචිඅම්මා, චූටි පුංචිඅම්මා, දිනූෂා අක්කා, අප්සරා අක්කා, එරන්ද අයියා, සූර්‍යා දයාරුවන් සහෝදරවරු වගේම; කසුන්ගෙ අම්මා සහ අක්කා, වසන්ති පුංචි ඇතුලු පවුලේ සැම, හබරකඩ ගර්ටි ඇන්ටි, මදූ අක්කා සහ ලලිත් අයියා දෙපළ, දිනූකා, බියානි ඇතුලු අපේ සිංහල බෞද්ධ නෑදෑ හිතමිත්‍ර ගොල්ල බොහොම ශ්‍රද්ධාවෙන් නෙකවිධ වගකීම් ඉටු කළා. මගෙ චූටි මල්ලි සජිත, චූටි බාප්පා, දාත් බාප්පා, ලොකු අයියා යනාදී කතෝලික භක්තිකයෝත් ආගම් භේදයකින් තොරව හරි ආසාවෙන් පිරිකර සහ ශ්‍රම සම්මාදමින් දානය තවත් මහාර්ඝ කළා. කිරියා හැඳිගාලා, කිරියා කෑල්ලක් කිරිබත් කටක් කාලා, යද්දි අරගෙනත් ගිහින් ඒ අත්දැකීම සතුටින් විඳගත්තා. බෙදාගත්තා. සංස්කෘතික මිනිසෙක් වෙච්ච මගෙ කතෝලික අප්පච්චි හිටියා නම් මේ කටයුත්තට මුල්තැන ගන්නේ එයා!
හැමදාම හදිසියකදී ලඟ හිටපු අයමයි මේ පිංකමේදිත් හිතින් හෝ ගතින් අපි ලඟ හිටියේ… ඒ තමුන්ගෙකමට ආදරෙයි! “

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports