මතකද මේ අපූරු ප්‍රවීණ ගායකයාව, ජානක වික්‍රමසිංහයන්ගේ ආදරය අලුත් කරපු ඒ සුන්දර දවස ගැන කියන මේ කතාව ආයෙමත් අපිව පරණ අතීතයට අරන් යනවා…

ඔහුගේ ගීතවලට ආදරය කරන බොහෝ දෙනා අදටත් මේ ගායකයාගේ ජීවින තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඇති.. ඔන්න ඉතින් ජානක වික්‍රමසිංහ කියන මේ ප්‍රවීණ ගායන ශිල්පියා පසුගිය දවසක..

ඔහුගේ ගීතවලට ආදරය කරන බොහෝ දෙනා අදටත් මේ ගායකයාගේ ජීවින තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඇති..

ඔන්න ඉතින් ජානක වික්‍රමසිංහ කියන මේ ප්‍රවීණ ගායන ශිල්පියා පසුගිය දවසක ඔවුගේ විවාහ දිවියේ 30 වැනි සංවත්සරය සැමරුවා.. මේ කියන්න යන්නේ ඔවුන්ගේ ආදර කතාව ගැන ඇසෙන අතීතයේ රසමුසු තැන් කිහිපයක්..

“මේ විවාහයට අත්සන් කරන්න හිටියේ කර්නල් දීපාල් සුබසිංහයි. නැකැත් වෙලාව පහු වෙයි කියලා බයට එයා ජීප් රථය වේගයෙන් ධාවන කරලා තියෙනවා. කිතුල් උතුව හරියේදි ජීප් එක පෙරළිලා ඔහුගේ නහය කැඩිලා කොළඹ හමුදා රෝහලට ඇතුළත් කළා. මගේ මිත්‍ර සොලමන් ඩී. කාරියවසම් හරි අපූරුවට රිජිෆෝම්වලින් සාදා නිම කළ මඟුල් පෝරුව විවාහ උත්සවයට කලින් දවසේ ඒ අසල තිබුණු ස්ප්‍රේ තීන්ත එකක තිබූ පෙට්‍රල් නිසා දැවී ගිහින් ලී සැකිල්ල විතරක් ඉතිරි වෙලා තිබුණා. අපේ අම්මා ගෙදර තිබුණු තිර රෙදිවලින් ඒ ලී සැකිල්ල පිළිවෙළට ආවරණය කරලා සැකසුවා.

පෝරුවේ චාරිත්‍රත් හොඳටම කළා. අපේ මාමා තුන්වැනි වතාවේදී තමයි පොල් ගෙඩිය කුඩු වෙන්න බිඳ ගත්තේ. මනමාලි ගමන් කළ මඟුල් රථයට වඳුරෙක් හැපිලා මිය ගියා. ඒ බාධක පසු කරමින් ගිහින් පොලොන්නරුව ගිරිතලේ වැව ඉස්මත්තේ පිහිටි ගිරිතලේ හෝටලයේ විසි පහේ කාමරයේ අපි මධුසමය ගත කළා. මේ හැමදෙයක්ම සිද්ධ වෙලා අදට වසර තිස් හයක් වෙනවා. එයාගේ නම දුලානී වීරසිංහ.

අපි දෙන්නා මුලින්ම ආදරය කළේ පාසල් යන කාලෙදි. දෙමවුපියන් මුලදි විරුද්ධ වුණත් පසුව එයාලාගේ කැමැත්ත ලැබුණා. පුතා දුලංජන කසුන් වික්‍රමසිංහ අපි දෙන්නා අතරට ආවේ 1990 දී යි. දැන් පුතා නෝර්වේ රාජ්‍යයේ මෘදුකාංග ඉංජිනේරු උපදේශකවරයෙක් හැටියට රැකියාව කරනවා. දුව අයෝධ්‍යා පේෂාලී උපන්නේ 1993 දී යි. දැන් එයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‍ෆ්ලයිට් ලෙෆ්ටිනන් තනතුරෙහි වෛද්‍යවරියක ලෙස සේවය කරනවා. ළමයි දෙන්නා වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළේ මටත් වඩා දුලානි. මගේ කාර්යබහුල ජීවිතයට දුලානි කවදාවත් බාධාවක් වුණේ නැහැ.

කලාකරුවෙක් හැටියට මම ගොඩනැ‍ෙඟද්දී දුලානි ජීවිතයේ බොහෝ දේ දරාගනිමින් මට ශක්තියක් වුණා. අපි දෙන්නම දැන් මේ ජීවන ගමනෙන් හතරෙන් තුනක්ම සතුටින් සමාදානයෙන් ගෙවා අවසන් කර තිබෙනවා. ඉතිරි සුළු කාලයත් සතුටින්ම ඉන්න කියලා දුලානිටත්, මටත් නැවුම් මිහිරක් ගෙන දෙමින් විවාහ සංවත්සර ඡායාරූප එකතුව සඳහා හැඩගැන්වූ ප්‍රවීණ රූපලාවණ්‍ය‍ ශිල්පී හැරිස් විජේසිංහයන්ට, කොණ්ඩා සැකසුම් ශිල්පී නිරෝෂටත්, ඡායාරූප ගැන්වූ විශ්ව තරංග ෆොන්සේකාටත්, අනෙකුත් සියලු දෙනාටත්, පුරා වසර තිස්හයක් බිරිඳ ලෙසින් මා ළඟින් ම සිටි ආදරණීය දුලානීටත් ආදරෙයි”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports