වලඅලි – දුම්රිය අනතුරු වලක්වන්න පුංචි හපනා සැදූ අලුත් ගැජට් එක දුම්රිය දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණයට…

වනඅලි – දුම්රිය අනතුරු කියන්නේ ලොකු ගැටලුවක්…. මේ කියන්න හදන්නේ ඒ ප්‍රශ්නයට විසදුමක් හොයා ගත්තු පුංචි හපනෙක් ගැනයි… වනඅලි දුම්රියවල ගැටී සිදුවන අනතුරු පාලනය කිරීම..

වනඅලි – දුම්රිය අනතුරු කියන්නේ ලොකු ගැටලුවක්…. මේ කියන්න හදන්නේ ඒ ප්‍රශ්නයට විසදුමක් හොයා ගත්තු පුංචි හපනෙක් ගැනයි…

වනඅලි දුම්රියවල ගැටී සිදුවන අනතුරු පාලනය කිරීම සඳහා නව උපකරණයක් නිපදවීමට තෝලංගමුව සේනානායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුමීර රන්තරු සිසුවා සමත්ව තිබෙනවා.

සිය නව නිර්මාණය සම්බන්ධයෙන් ඔහු අද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාව දැනුවත් කළා.

වනාලි දුම්රියේ ගැටීම මේ වනවිට වනඅලි ගහනයටත් දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

විවිධ පර්යේෂකයින් අවස්ථා රැසකදීම AI තාක්ෂණය පවා උපයෝගී කරගනිමින් එම අනතුරු වළක්වා ගැනීමට විවිධ ක්‍රමෝපායන් හඳුන්වා දී තිබෙනවා.

නමුත් ඒවා තවමත් නිසි ලෙස ක්‍රියාවට නංවන බවක් දකින්නට ලැබෙන්නේ නෑ.

සුමීර රන්තරු සිසුවා නිපදවා ඇති නව උපකරණය මගින් දුම්රිය මාර්ගයේ වනඅලි රැඳී සිටී නම්, එම උපකරණය ක්‍රියාත්මකවී දුම්රියේ රියදුරුට ඒ බව SMS පණිවිඩයක් මගින් දැනුම්දීම මෙම උපකරණය මගින් ස්වයංක්‍රීයව සිදුකෙරෙන බව පැවසෙනවා.

මේ සමබ්නධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසන්නේ මෙම උපකරණය ක්‍රියාකාරී තත්ත්වය පිළිබඳ පරික්ෂාව සඳහා අවස්ථාවක් ලබාදෙන බවයි.

එම උපකරණයේ සාර්ථකතාව මත මූල්‍යමය සහ අනෙකුත් පහසුකම් ලබාදීමට හැකි බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports