” මට මුලදී සිනමා කර්මාන්තය වෙනුවෙන් ලැබෙන ඔක්කෝම චරිත කරන්න වුනා. දැන් මට මගේ දක්ෂතාවය මැන බලන්න ආසයි ” – හේමාල් මොකද්ද මේ අලුතින් කරන්න හදන වැඩේ ?

2005-2010 කාලයේ මාතලේ ටවුමේ ඉඳලා කෙල්ලන්ට ඉඟි බිඟි පාමින් හිටපු මේ තරුණයාගේ අතේ තමයි අද ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ තුරුම්පු ඔක්කොම තියෙන්නේ. ඔහු තමයි ශ්‍රී..

2005-2010 කාලයේ මාතලේ ටවුමේ ඉඳලා කෙල්ලන්ට ඉඟි බිඟි පාමින් හිටපු මේ තරුණයාගේ අතේ තමයි අද ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ තුරුම්පු ඔක්කොම තියෙන්නේ. ඔහු තමයි ශ්‍රී ලංකාවේ රිදී තිරයේ වත්මන් වීරයා, හේමාල් රණසිංහ.

ඒ දවස්වල ඔහුව මගහරිමින් “රස්තියාදුකාර කොල්ලා” හෝ “වදයක්” හෝ යනුවෙන් චෝදනා කරපු ගෑණු ළමයින්ගෙත් හිත්වල අද ඔහු හීනයක්. ඒ නිසා ඔය පාරෙ තොටේ රස්තියාදු ගහන හැම කොල්ලා ගැනම එකම විදිහට හිතන්න එපා. ඒක තමයි දෛවය. ඒත් හේමාල් රණසිංහ කියන්නේ රස්තියාදුකාරයෙක් නෙමෙයි, වෙද මහත්තයෙකුගේ පුතෙක්. මමත් පොඩිකාලේ ඔහුගේ පියාගෙන් බඩගින්න හැදෙන්න කියලා බෙහෙත් ගත්තා. මගේ බඩගින්න කෙසේවෙතත්,

වාණිජ හෙළවුඩ් සිනමාව බඩ ගාමින් හිටපු කාලයක් තමයි 2005න් පසු කාලය. රජ කතා, කොමිටල් කතා, ළමා කතා, අව් කාෂ්ටකේ උඩ පනින-පෙරළෙන කතා ඇරෙන්න එකල ප්‍රේක්ෂකයෙකුට නරඹන්න පුළුවන් පන්නයේ වාණිජ සිනමාවක් ලංකාවේ තිබුණේ නෑ. වන් ෂොට් (2005), හිරිපොද වැස්ස (2006), ආසයි මං පියාඹන්න (2007), හාට් fm (2008), ලීඩර් (2009) වගේ “අවුරුද්දටම එකයි” වාණිජ සිනමාවකින් මක් කරන්නද? කොටින්ම වාණිජ සිනමාව නැවත ගොඩනැගෙයි කියලා පවා අපට විශ්වාසයක් තිබුණේ නෑ. ඒ ඇයි?

වාණිජ සිනමාවක් ගොඩ දාන්න නම් හොඳට නටන්න ගයන්න රඟන්න පුළුවන් නළු නිළියෝ ඉන්න ඕන, ඔවුන් අතර තරගයක් තියෙන්න ඕන. ලස්සන ආදර කතා ලියැවෙන්න ඕන, සිහින ලෝක මැවෙන්නට ඕන, ලස්සන ගීත හැදෙන්න ඕන, වියදම් දරන්න පුළුවන් නිෂ්පාදකවරු ඉන්න ඕන. ඒත් මම පෙර කියපු කාලයේ නිෂ්පාදකයෙක් නිකමටවත් සිනමාවට එන්නේ නෑ. එතකොට සිනමාව තනියෙන් අල්ලගෙන හිටියේ රංජන් රාමනායක විතරයි. නිෂ්පාදකයෙක් බය නැතුව වියදම් කළෙත් ඔහුට විතරයි. ඒත් තනි වීරයෙකුගෙන් සිනමාවකට දුවන්න බෑ. එතකොටත් රංජන්ට වයස අවුරුදු 40 පැනලා. කවුරුන්ම හෝ ඒ බැටන් එක ගතයුතුව තිබුනා.

මේ සංක්‍රාන්ති කාලයේදී විවිධාකාර නළුවන් බිහිවුනා. ඔවුන් ඔවුන්ගේ රංගන කාර්යය කරගෙන ගියත්, ජනතාව විසින් හොයපු වීරයා වෙන්න ඔවුන්ගෙන් කිසිම කෙනෙකුට හැකිවුණේ නෑ.

කර්මාන්තයක් විසින් වීරයන්ව ඉල්ලා සිටින්නේ අදාළ කර්මාන්තය දණින් වැටෙන කාලවලදී ඒක ගොඩගැනීම වෙනුවෙන්. එහෙව් කාලයක හෙළවුඩ් සිනමා කර්මාන්තයට අවශ්‍යව තිබූ වීරයාව ගොඩනැගුනේ මට මතක විදියට නර්තන තරගයකදීයි. හේමාල් එතකොටත් නළුවෙකු වුනාට හේමාල්ගේ ශක්‍යතාවය අපි දැක්කේ ඒ නර්තන තරගාවලියේදීයි. ඔහුට නටන්නත් පුළුවන් බව දැකලා “කට්ටිය කොර වුනා” කිව්වොත් හරි.

2011/12න් පස්සේ තමයි හේමාල්ගේ රන් යුගය එන්නේ. එතැන් සිට ගැහැණු ළමයින් උන්මාදයෙන් වගේ “අනේ මං එයාට ආදරෙයි” කියන මට්ටමේ සිනමා තරුවක් බිහිවුනා. ඒ නිසා තරුණයන්ගේ ඊර්ෂ්‍යාවට ඔහු ලක්වුණු බවත් නොලියාම බෑ. සමහරු තාම බනිනවා. ඒක ස්වභාවිකයි.

මුල් කාලයේදී අවුරුද්දට එක නිර්මාණයක් වගේ කරපු හේමාල්ට, පසුව අවුරුද්දකට නිර්මාණ 4-5කට දායක වෙන්න සිදුවුණේ ඔහුට වෙන කිසිම තරගයක් නොතිබුණු නිසා. ඔහුම තමයි ඔහුගේ තරගය වුණේ. සිනමාවට ඔහු හැර තවත් වීරයන් අවශ්‍යව තිබුනා. ඒක හේමාලුත් කියනවා මං අහලා තියෙනවා. නමුත් හේමාල් මුළු වාණිජ සිනමා කර්මාන්තයම තමන්ගේ කරමත තබාගත්තේ එයට ධනාත්මක ජවයක් ලබාදෙමින්.

2012 “සුපර් සික්ස්”හි සම-ප්‍රධාන චරිතයෙන් පසු, ප්‍රවේගය, ඇඩ්‍රස් නෑ, ආදරණීය කතාවක්, සූම්, බන්ධනය, දේදුණු ආකාසේ, තාල, විජයබා කොල්ලය, යූ ටර්න්, සෙකන්ඩ් ෂෝ, කලම්බෝ, ආශාවරී, ක්ෂීර සාගරය කැළඹිණ, මාරියා, සිහිනයකි ආදරේ, 1970 ලව් ස්ටෝරි, සිහින නෙළුම් මල් වගේ චිත්‍රපට වල ප්‍රධාන චරිත දක්වා ඔහු ආ ගමන ඉලක්කගතයි. ඇත්තටම හේමාල් නිසාම සිනමා ශාලාවලට යන තරුණ තරුණියන් බිහිවුනා. ඔහු ඒ යුගය තම නමට ලියාගෙන ඉවරයි.

ඒත් එක්කම ඔහු තමන්ගේ පෞර්ෂය කළමනාකරණය කරගත් විදිය ගැනත් ආධුනිකයන් උනන්දු වීම වටිනවා. අලි ඔලුව නැතුව නිහතමානී වෙනවා වගේම, නිහතමානී වෙලා ඔලුව දෙපතුල් වල ගාවන්න නොයෑමත් මම ඔහුගෙන් දකින විශේෂත්වයක්. ඒක කරන්න පුළුවන් සමබරතාවයේ දක්ෂයෙකුට විතරයි. ඔහු දන්නවා මේ රටේ නිලය.

මේ ළඟකදී ඔහු කියනවා,
“මට මුලදී සිනමා කර්මාන්තය වෙනුවෙන් ලැබෙන ඔක්කොම චරිත කරන්න වුනා, දැන් මට මගේ දක්ෂතාවය මැන බලන්න අවශ්‍යයි”, වගේ කතාවක්. දැනගන්න ලැබෙන විදියට “අයිස්ක්‍රීම්” චිත්‍රපටය එනවලු. දැන් ඔහු කරන්නේ ඔහුගේ රංගන පරිමාව මැන බලන එක. මම ඒ ගතියට කැමතියි.

තමන්ගේ ශක්‍යතාවයන් වලට තමාම අභියෝග කළ යුතුයි. ඔහුගේ මීළඟ ඉලක්කය, තමන් චරිතාංග මාවතේද ප්‍රබලයෙකු බව තහවුරු කිරීම වෙන්න ඕන. තුරුම්පුත් එක්කම කාඩ් අත තියාගෙනත්, පහසු දේ නොකර තවත් අමාරු අභියෝග හොයාගෙන යෑම, වීරයෙකුගේ ලක්ෂණයක්!

ඒ වෙනුවෙන් සුබ පැතුම් හේමාල්!

– අසංක හදිරම්පෑල.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports