කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට  සතුටු හිතෙන ආරංචියක් !

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට  සතුටු හිතෙන ආරංචියක්  තමයි මේ කියන්න හදන්නේ…  කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා …. ආර්ථික..

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට  සතුටු හිතෙන ආරංචියක්  තමයි මේ කියන්න හදන්නේ… 

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා ….

ආර්ථික අර්බුදය ඇතුලු කරුණු හේතුවෙන් බලපෑමට ලක් වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සැලසීමට නියමිත සහන සම්බන්ධයෙන් අවධාරණය කරමින් මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත චක්‍රලේඛයක නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ලබන වසරේ මාර්තු 31 වැනිදා වනවිට අදාළ බැංකු වල ව්‍යාපාර යළි පණ ගැන්වීමේ ඒකක සමග සාකච්ඡා ආරම්භ කර ඇති ගණුදෙනුකරුවන්ට පමණක් අදාළ සහන හිමිවනු ඇති.

ඒ අදියර තුනෙහි ණය ලෙස වර්ගීකරණය කළ ණය පහසුකම්වලට අදාළව සියලු ලියකියවිලි ඉදිරිපත් කිරීමට යටත්වයි.

එසේම, ණය ආපසු ගෙවීමේ හැකියාව සහ පිළිගත හැකි ව්‍යාපාර යළි පණගැන්වීමේ සැළැස්මක් ඉදිරිපත් කිරීමද අවශ්‍යවනවා.

ණය ප්‍රතිලේඛණගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම සදහා ද දින ප්‍රකාශයට පත් කර ඇති අතර, ලබන වසරේ අවස්ථා 03කදී ණය වර්ගීකරණයන් අනුව ආපසු ගෙවීම් ආරම්භ කළ යුතුයි.

එය ආරම්භ වන්නේ ලබන වසරේ ජූනි 30 වැනිදා සිටයි.

මීට අදාළව පොලිය නිදහස් කළ යුතු ආකාරයද මහ බැංකුව දැනුම් දී තිබෙනවා.

ණය සහන සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුවහොත් ගණුදෙනුකරුවන් දැනුවත් කළ යුතු අතර, එම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවද ණය ගණුදෙනුකරුවන්ට පැවතීම විශේෂත්වයක්.

Hiru Gossip

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports