ඔහු නේවාසිකාගාරයට ඇතුල්වුණේ ඇත්තටම මේ අරමුණෙන්ද..? අනුරාධපුර සිදුවීමේ තොරතුරු රැසක් හෙළි වෙයි.

සිද්ධිය ගැන සමාජයේ බොහෝ දෙනා අතර මේ වනවිට කතාබහ නිර්මාණය වෙලා තියනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු අනුරාධපුර පොලිසිය වෙත ඊයේ රාත්‍රියේ භාරදී තිබෙනවා…

සැකකරු ඊයේ පෙරවරුවේ ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්නෑව හෙළබදුගම ප්‍රදේශයේදීයි..

ගල්නෑව පොලිසිය හමුවේ මොහු සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කර ගැනීමට මේ වන විට හැකියාව තිබෙනවා..

ඔහු එහිදී සදහන් කර ඇත්තේ තමන් බන්ධනාගාරයේ සිට ඇප ලබා පැමිණෙමින් සිටින අතර, මුදල් නොමැතිවීම හේතුවෙන් භාණ්ඩ සොරකම් කිරීමේ අරමුණින් අදාළ වෛද්‍යවරිය සිටි නේවාසිකාගාරය වෙත ගිය බවයි..

එහිදී වෛද්‍යවරිය පමණක් නේවාසිකාගාරයේ සිටිනු තමන් දුටු බවයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ..

එමෙන්ම, සැකකරු අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු බවටද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා..

එමෙන්ම, සැකකරු ප්‍රදේශයේ නිවාස රැසක් බිද භාණ්ඩ සොරාගෙන ඇති බවට මේ වන විට සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර, මොහු මෙරට නම ගිය අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ද නම සටහන් වූ පුද්ගලයෙකු බවට ද තහවුරු වී තිබෙනවා..

සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට ඊයේ නියෝග කළා..

මෙම සිද්ධියට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ රෝහල්වල ඊයේ උදෑසන 08ට ආරම්භ කෙරුණු සංකේත වර්ජනය අද උදෑසන 08ට අවසන් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ..

මෙම වර්ජනය හේතුවෙන් රෝගීන් රැසක් අපහසුතාවකට පත් වුණා..

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    IRGC බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ….

    • By admin
    • April 6, 2026
    • 3 views
    IRGC බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ….

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 48 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 612 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 122 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 900 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 200 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.